වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියන ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි උදයංන්ති කුලතුංග මහත්මියගේ බැංකු ගිණුම් තහනම් කරමින් කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයට නියෝගයක් නිතුත් කැර ඇතැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් විරසිංහ මහතා කියා සිටියේ මහාධිකරණයේ එම නියෝගය පිළිබඳ තොරතුරු ඉදිරි දිනයක දී අධිකරණයට දැනුම් දෙන බවයි.
උදයන්ති කුලතුංග මහත්මිය හා ඇගේ සොයුරිය අධිකරණය හමුවේ පනී සිටියෝය. උදයන්ති මහත්මියගේ සොයුරියගේ නමින් මූල්‍ය ආයතනයක තැන්පත් කැර ඇති රුපියල් කෝටියක ස්ථිර තැන්පතු මුදල හා බැංකු දෙකක ගිනුම් අත්හිටුවා ඇත්තේ කවර නියෝගයකින් දැයි ඇගේ නීතීඥ අසේල රැකව මහතා විමසා සිටි අවස්ථාවේ දී රහස් පොලිසිය මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
ටෙලි නිළිය අධිකරණයෙන් පිටත දී කීවේ තමාට එරෙහිව නැගන චෝදනා අසත්‍ය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ගැන කවුද නොදන්නේ? (නි)
ඔය නිලි කමෙන් මේ ටික කාලෙට ඔච්චර මුදලක් හම්බ කරන්න බැහැ කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවනේ. (ර)
හොරා කියාවිද මම හොරකන් කරා කියල මෙහෙමත් කතා. (බ)
මෙන්න පළි ගන්නෝ .......(බ)
දැන් පසුගිය කාලේ අපේ නිළියෝ රැස්වීමක් තියල මාධ්‍යට මහා ඉහලින් කීව නේද නිළියෝ කුඩු කාරයෝ අතර සම්බන්ධයක් නෑ කියල දැන් මොකද කියන්නේ තව අය ඇති අපි බලමු තව කවුද එලියට ගන්නේ කියල කොරන්න තියන හැම දේම කරලා ජනතාවට බොරුවට මවාපානවා සුද්ධෝදනල වෙන්න අපි නොදන්නා නිළියෝ (බ)
මිටි තැනින් දිය බහිනවා වගේ කෝ ඒ දවස් වල හෙළිකළ දේශපාළුවන් හා අනෙක් ලොකු ලොක්කෝ? (නි)
කෝ මේකට සම්බන්ධ දේශපාලුවො ටික? එයාලා හොඳ මිනිස්සුද දැන්? (නි)