මනෝප්‍රිය ගුණසේකර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරිමට දින නියම කිරිම සඳහා ලබන 23 වැනි දා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියම කළේය.
සුනාමි ව්‍යසනයේ හා යුද ගැටුම් හේතුවෙන් පිඩාවට පත් වු උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සාදා දීමට සඳහා මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළ රුපියල් මිලයන 200 ක් වංචා කළ බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබු මුලික විරෝධතාවයක් ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරිමට තිරණය කිරිමෙන් පසු මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලගිරි දෝෂය යාන්තන් ඉවර වගේ. අනෙකුත් නීති විශාරද උතුමන්ටත් නැණ පහල වේවා