එමිල් කාන්තන් සාජිය වික්‍රමසූරියට හඳුන්වා දුන් පුද්ගලයා නිදැල්ලේ සිටිය දී, ඔවුන්ගේ කීමට එම ස්ථානයට ගිය පුද්ගලයා රිමාන්ඩ් බාරයේ පසුවෙතියි ද, පොලිසිය ටිරාන් අලස් අත්අඩංගුවට නොගැනීමෙන් පෙනෙන්නේ පරීක්ෂණවල විනිවිද භාවයක් නැති බව යයි රාඩා ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සාලිය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.
සුනාමියෙන් විනාශ වූ නිවාස සැදීමට ඇරැඹූ රාඩා ආයතනයේ රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවීයැයි ද, එම මුදල් කොටි සංවිධානයේ එමිල්කන්තන්ට ලබා දුන්නැයි ද පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ නීතීඥවරයා එසේ කීවේය.
‘පොලිසියේ පරීක්ෂණවල කිසිම විනිවිද භාවයක් නැහැ. රාඩා හිටපු සභාපති ටිරාන් අලස් මහතා තමයි මෙහි ප්‍රධාන සැකකරු. පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නා බව කීවත් තවම අත්අඩංගුවට ගෙන නැහැ. පොලිස් පරීක්ෂණ පක්ෂපාතයි.‘
පොලිසිය කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලස් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බැවින් එහි තීන්දුව අනුව කටයුතු කරන බවයි. පොලිසි කිසි ලෙසකින්වත් පක්ෂග්‍රාහී නොවන බව ද විශේෂ විමර්ශන ඒකකය කීවේය.
සාලිය වික්‍රමසූරිය ඇතුළු සැකකරුවෝ ලබන 15 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම නීතියක් තියෙන රටක් නේ.(ම)
මටත්නම් මෙය හරිම ප්‍රහේලිකාවක්. ඇයි මෙයාව ගන්නේ නැත්තේ ? (ස)
අනේ මන්ද කවද මේ හොරු අල්ලලා දඬුවම් කරයිද කියල. කට උත්තර ගන්නවා විතරයි. හදිස්සියෙවත් මැතිවරනෙන් සන්දානේ දිනුවොත් හොරු ඇල්ලිල්ල ඉවරයි . (ස)
චමල් සන්දානේ දිනුවොත් ලංකාවේ ඉන්න ජනතාව මෝඩ රැලක්. අනාගතයක් නැහැ. (ස)
බෝර්ඩ් ගලවන එක සහ කට උත්තර ගැනීම නම් අති විශිෂ්ටවේ (ම)
මෙන්න නියම කතාවක් දැන් හොරුන්ම කියනවා නායකයෝ අල්ලන්න කියල ඉතින් ටිරාන් ව ගත්තම කියයි ලොක්ක තමා කිවේ කියල රටට මේ හොරු ටික ඔක්කොම අල්ලනකන් හරි යන්නේ නැ. (ම)