ඉරිදා උදේ ටියුෂන් පන්ති පැවැත්වීමට එරෙහිව බලපිටිය දහම්පාසල් 46 ක් වසා මව්පියෝ හා ගුරුවරු බලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. බලපිටි ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී රන්දොඹේ ඥානිස්සර හිමියන්ගේ අනුශාසනා මත මේ විරෝධය පැවැත්වේ.