මෝටර් රථ නිෂ්පාදනයට ජපන්නු හපන්නුය. ඒ බව ලොවට තහවුරු කරමින් ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙන්නේ ‘ටොයෝටා ෆන් වී 2’ යනුවෙනි.
එය ඉතාමත් සුවිශේෂී මෝටර් රථයකි. ස්පර්ශක, සන්වේදක සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රියැදුරු උපදෙස් මත, මඟ සොයා ගෙන තනිවම ගමන් කිරීමට මෙම මෝටර් රථයට හැකියාව ලැබේ.
අධි සුඛෝපභෝගී, පරිසර හිතකාමී මෝටර් රථයක් වන මෙහි ඇතුළත ස්පර්ශක තිරවලින් සමන්විතය. එම ස්පර්ශක තිර නිර්මාණය වන්නේ පරිගණක තිර කිහිපයකිනි. ඒ අනුව මොටර් රථයේ ගමන් කරද්දී චිත‍්‍රපට නැරැුඹීම, සිංදු ඇසීමට මෙන්ම අන්තර්ජාලයට පිවිසීමට ද ඔබට හැකියාව ලැබේ.
‘ටොයෝටා ෆන් වී 2’ රථයේ ඇති විශේෂත්වය නම් එහි පිටත පෙනුම තමන්ට කැමැති වර්ණයකට හෝ රටාවකට අනුව වෙනස් කිරීමට ද හැකිවීමයි. පිටත ආවරණය ද පරිගණක තිරයකට සමාන වන අතර මෝටර් රථයේ ඉදිරිපස හෝ පිටුපස වීදුරු නැත. ‘ටොයෝටා ෆන් වී 2’ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, වෙළෙඳ පොළට හඳුන්වාදීමේ දී එය ඉතා මිල අධික මෝටර් රථයක් වනු ඇති බවත් ටොයෝටා සමාගම පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ විනයක් නැති රියදුරන් එක්ක ඕව කරනවා බොරු.
අපේ අයට ඕව පදවන්න බැහැ. දැන් හප්ප ගන්න විදිය පේනවානේ.
ලංකාවට තවම බයිසිකලයක්වත් හදා ගන්න පුළුවන්ද?
නියම වැඩක්
ඔය වගේද අවුරුදු 2500ක් පරණ අපේ සංස්කෘතිය
මා ඒකට කැමති
ජපන්වලට තමයි හොඳ
මටත් ඒ කාර් ඒකක් ගන්න අසයි