IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ටොයෝටා සමාගමේ අනාගත කාරය

මෝටර් රථ නිෂ්පාදනයට ජපන්නු හපන්නුය. ඒ බව ලොවට තහවුරු කරමින් ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙන්නේ ‘ටොයෝටා ෆන් වී 2’ යනුවෙනි. එය ඉතාමත් සුවිශේෂී මෝටර් රථයකි. ස්පර්ශක, සන්වේදක සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රියැදුරු උපදෙස් මත, මඟ සොයා ගෙන තනිවම ගමන් කිරීමට මෙම මෝටර් රථයට හැකියාව ලැබේ. අධි සුඛෝපභෝගී, පරිසර හිතකාමී මෝටර් රථයක් වන මෙහි ඇතුළත ස්පර්ශක තිරවලින් සමන්විතය. එම ස්පර්ශක තිර නිර්මාණය වන්නේ පරිගණක තිර කිහිපයකිනි. ඒ අනුව මොටර් රථයේ ගමන් කරද්දී චිත‍්‍රපට නැරැුඹීම, සිංදු ඇසීමට මෙන්ම අන්තර්ජාලයට පිවිසීමට ද ඔබට හැකියාව ලැබේ. ‘ටොයෝටා ෆන් වී 2’ රථයේ ඇති විශේෂත්වය නම් එහි පිටත පෙනුම තමන්ට කැමැති වර්ණයකට හෝ රටාවකට අනුව වෙනස් කිරීමට ද හැකිවීමයි. පිටත ආවරණය ද පරිගණක තිරයකට සමාන වන අතර මෝටර් රථයේ ඉදිරිපස හෝ පිටුපස වීදුරු නැත. ‘ටොයෝටා ෆන් වී 2’ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, වෙළෙඳ පොළට හඳුන්වාදීමේ දී එය ඉතා මිල අධික මෝටර් රථයක් වනු ඇති බවත් ටොයෝටා සමාගම පවසයි.    



අදහස් (0)

ටොයෝටා සමාගමේ අනාගත කාරය

rasika Monday, 26 December 2011 10:00 AM

ජපන්වලට තමයි හොඳ

:       0       0

එරංග Thursday, 22 December 2011 03:12 PM

අපේ රටේ විනයක් නැති රියදුරන් එක්ක ඕව කරනවා බොරු.

:       0       0

wickramarathne Tuesday, 27 December 2011 09:27 AM

මටත් ඒ කාර් ඒකක් ගන්න අසයි

:       0       0

රොහාන් Thursday, 22 December 2011 03:59 PM

අපේ අයට ඕව පදවන්න බැහැ. දැන් හප්ප ගන්න විදිය පේනවානේ.

:       0       0

ජේ කේ කුමාර Thursday, 22 December 2011 04:14 PM

ලංකාවට තවම බයිසිකලයක්වත් හදා ගන්න පුළුවන්ද?

:       0       0

රවීන්ද්‍ර Thursday, 22 December 2011 05:15 PM

නියම වැඩක්

:       0       0

h.k.sunil Saturday, 24 December 2011 04:09 PM

ඔය වගේද අවුරුදු 2500ක් පරණ අපේ සංස්කෘතිය

:       0       0

මලිත් Saturday, 24 December 2011 05:54 PM

මා ඒකට කැමති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site