මිහින්තලේ පූජා භූමියට අයත් මණිනාග මන්දිරය අසල පිහිටි ටැම් ලිපියක් හෝ කොරවක් ගලක් යැයි සැකකරනු ලබන ගල් පුවරුවක් සොරාගෙන ගොස් ඇති අතර, මිහින්තලේ කටුපොත කඳු පාමුල සෙල්ලිපියක් නිදන් හොරුන් විසින් විනාශ කර ඇතැයි මිහින්තලේ පොලීසිය කියයි. ඊට අමතරව මිහින්තලේ පූජා භූමියට යාබදව කිලෝමීටර් 04 ක් පමණ ඈතින් කටුපොත කන්දේ කනදරා වැව් ඉස්මත්තේ වන ලැහැබක තිබූ මෙය නිදන් හොරුන් විසින් කඩා විනාශ කර දමා ඇතැයි මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලය පවසයි. මිහින්තලේ පූජා භූමියට අයත් මණිනාග මන්දිරය අසල පිහිටි එම ගල් පුවරුව ගැන මිහින්තලේ පොලීසිය හා පුරාවිද්‍යා නිලධාරීන් කියනුයේ එය නිශ්චිත වශයෙන්ම පුරාවිද්‍යා වටිනාකමක් තිබුණත් කුමන ගලක් ද යන්න කිව නොහැකි බවයි. ඊට හේතුව දින ගණනාවකට පෙර සිදුකරන ලද සොරකමක් බව මිහින්තලේ පොලීසියේ නිලධාරියෙක් පැවසීය. මිහින්තලා කටුපොත කන්ද පාමුල කනදරා වැව් ඉස්මත්තේ වන ලැහැබේ තිබූ සෙල්ලිපිය නිදන් හොරුන් විසින් කඩා විනාශ කර දැමීමෙන් පසුව කිසියම් පිරිසක් එය දැක ඇති බවත්, ඔවුන් මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලයට පෙරේදා (17) දින දැනුම් දී ඇත. පුරාවිද්‍යා නිලධාරීන් හා මිහින්තලේ පොලිස් නිලධාරීන් කැටුව එම ස්ථානයට ගොස් එය පරික්ෂා කර බලා සෙල්ලිපියේ කොටස් සංරක්ෂණය කිරීම සඳහා මිහින්තලේ කාර්යාලයට රැගෙන ආ බව මිහින්තලේ පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි ඉන්ද්‍රජිත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටැම් ලිපිය හොරු ගනිති
අප්පුහාමි Tuesday, 18 September 2012 12:47 PM
මේ හොරුන්ගේ වළවල්වලටත් හෙණ ගහයි. (නි)
වරුණ Tuesday, 18 September 2012 12:57 PM
අනේ කාලේ වනේ වාසේ
ඉන්දික Tuesday, 18 September 2012 03:31 PM
මෙවැනි දේ වලට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
කනිෂ්ක Tuesday, 18 September 2012 07:29 PM
මේ වා ආරක්ෂා කර ගන්න ඕනේ
පුෂ්ප Tuesday, 18 September 2012 01:27 PM
මේවා ආරක්ෂා කර ගන්න කවුරුත් නැද්ද
චමින්ද Tuesday, 18 September 2012 01:21 PM
බලධාරීන් නිදිද
ප්‍රවීන් Tuesday, 18 September 2012 02:24 PM
දෙයියෝ සාක්කි
ආනන්ද පිටබැද්දර Tuesday, 18 September 2012 10:33 AM
පෞඪ ඉතිහාසයක් ඇති හෙලයිනි -ඇයි මේ ලෙස මතු පරපුරේ උරුමය වන සන්නේ... (ස)
මධු Tuesday, 18 September 2012 11:32 PM
පූජනීය දේවල් වලට මෙහෙම වෙන්නේ රටේ නීතියක් නැති නිසයි. (නි)
ලුම්බිණි Tuesday, 18 September 2012 11:11 AM
මේ විදියට ගියොත් මිහින්තලා ගල බේරගන්න මොනවා හරි කරන්න වෙයි. (ස)
දමිත් Tuesday, 18 September 2012 11:13 AM
මේවා රුකගන්න අපි ඔක්ෙකාම එකතුවෙන්න අවශ්‍යයි... මේවා කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕන.. එල්ලුවත් පව් නැහැ.. (නු)
අමිල කටුනායක Tuesday, 18 September 2012 11:20 AM
අපිට වටිනාකමක් දැනුනට ඒ පැත්තේ සමහරුන්ට ගානක් නෑ .නිතර දකින කුකුලගේ කරමලේ වගේ.. (ස)
එස්.එල්.ටී.කේ. Tuesday, 18 September 2012 12:23 PM
අපිට දැන් පුළුවන් අපේ පැරණි දේවල් ගැන ගැන පම්පෝරි ගහන්නයි , අපිට වඩා කෙටි ඉතිහාසයක් තියෙන නමුත් වර්තමානයේ අපිට වඩා හොඳින් හැසිරෙන මිනිසුන් ඉන්න රටවල්වලට ගරහන්නයි විතරයි. (නි)