හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම පාලවිය කර්මාන්ත පුරයේ ඉදිකරමින් තිබූ දැවැන්ත කර්මාන්ත ශාලාවක් අද සවස කුඩා ටොනාඩෝවක් හේතුවෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ශෂ්මින්ද රෝද්‍රිගෝ මහතා පැවසීය .
අද දහවල් දෙකට පමන මෙම කුඩා ටොනාඩෝව ආ බව සිද්ධිය දුටුවෝ පවසති. තමන් දිවා ආහාරයට වැඩ නවතා මද වේලාවක් ඉක්ම ගිය පසු එකවර මහා ශබ්දයක් සමඟ සුළඟක් හමා ගිය බවත්, කර්මාන්ත ශාලවේ වහලයද බිමට වැටී ගොඩනැගිල්ලේ දැවැන්ත කොන්ක්‍රිට් කනු දෙකට තුනට කඩා වැටුණු බවත් සේවකයෝ පවසති.
සුළගට පාවී ගිය සෙවිලි තහඩු කිලෝ මිටර් දෙකකට වැඩි දුරකින් වු මාර්ග ආසන්නයේ වැටී තිබේනු දැක ගත හැකි විය.
සිද්ධිය සැලවිමත් සමග පුත්තලම අපදා කළමකරණ එකකයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ශෂ්මින්ද රෝද්‍රිගෝ මහතා හා කාර්ය මණ්ඩලය එම ස්ථානයට පැමිණ සිදුව ඇති අලාභය පිළිබදව වාර්තාවක් ලබා ගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැවැන්ත කර්මාන්ත ශාලාවක්... කෙසේ වෙතත් මට පේන්නේ නම් ප්‍රමිතියකට නැති ඉදිකිරීමක් වගෙයි.
තාම ලංකාවේ ඉදිකිරීම්වලදී අවසර ගැනීම බලයලත් ආයතනයක් මගින් කර නොගනී. අවශ්‍ය ගණනය කිරීම් ඉංජිනේරු මහතකු ලවා කරගත් පසු අනුමැතියට ඉදිරිපත් කළ යුතුය. නිමකළ පසු නියමිත ආකාරයෙන් කළද යන්න පරික්ෂා කලයුතුයි.
බලන්න එ්කෙත් හැටි, මහින්දගේ කාලේ මේ ටොනාඩෝ තිබුනේ නැහැ. රනිල් ආවාට පස්සේ තමයි මේ සේරම...
ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලු! වෙන මුකුත් සංවර්ධනයක් නැති නිසා මේක දැවැන්ත කර්මාන්ත ශාලාවක්ලු!
මේක කොහෙද දැවැන්ත කර්මාන්ත ශාලාවක් වෙන්නේ. උණ බම්බු වගේ කණු ටිකක් සහ ටකරන් ටිකක් නම් තියෙනවා.