කෑගල්ල වඩුපොළ ප‍්‍රාථමික විදුහලේ තූර්ය වාදක කණ්ඩායමේ සංගීත භාණ්ඩ හදගෙන ඇත්තේ ඔවුන් විසින්මය. සංගීත භාණ්ඩ මිලදී ගන්නට ඔවුනට මුදල් නැත. ඉවතලන පොල් කටු, බේසම්, ටින් කබල්වලින් සදාගත් සංගීත භාණ්ඩ වලින් ඔවුහු මිහිරි සංගීතයක් උපද්දති.
විදුහලේ නිවාසාන්තර ක‍්‍රීඩා උළෙල ඉකුත්දා පැවැත්වුණු අතර එහි ආරාධිතයන් පිළිගනු ලැබූවේ මේ සංගීත භාණ්ඩ වයමිනි.
විදුහල්පති එස්.සී. වීරසිංහ මහත්මියගේ උපදෙස් මත ක‍්‍රීඩා උත්සවය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
6% පාස් කරල තියෙන්නෙ කොළඹ පාසල් වල පිහිනුම් තටාක ටික හදල ඉවර උන ගමන් බඩු ටිකක් අරගෙන දෙන්නම්.(නදී)
පොඩි උන්ගේ මුණ දැක්කම ආසයි. උදව් කල හැකි ක්‍රමයක් දන්වන්න.(නදී)
ලෝකයේ විශිෂ්ටතම විද්වතුන්ගේත් ආරම්භය. ඒ නිසා මේ දරුවන්ටත් ඉහලටම යන්න පුළුවන්වෙයි. මම සුභපතනවා.(නදී)
ඉතාමත් අගය කලයුතු නිපෙයුමක්! සබරගොමුව මහා අමැති තුමාගේත්, දිස්ත්‍රික්කයේ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ගේත්, හදවත් උනුවෙනවා නොඅනුමානයි (අ)
තියෙන එකාට වැක්කෙරෙන්න තියෙනවා. නැති එකාට මොකවත් නැහැ. ජනප්‍රිය පාසල් දුෂ්කර පාසල් සුපිරි පාසල් ජාතික පාසල් වැනි වර්ගීකරණය කරපු අධ්‍යාපන ක්‍රමය නවත්තන්න ඕනා. හැමටම පොදු සම අධ්‍යාපන ප්‍රතිපත්තියක් හැදීමේ අවශ්‍යතාව මේ ලිපියෙන් මනාවට පැහැදිලි වෙනවා. මේ බලදාරින්ගේ අවදානය පිණිසයි.(නදී)
ලැම්බොගිනි අයියලාට මේවා පෙනේවා ! (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
දනින් වැටී ජීවත් වෙනවට වඩා දෙපයින් සිට මිය යාම යෙහෙකි (නි)
මගේ ලඟට එව්වොත්,නවීන සංගීත භාණ්ඩ ඕනෑ තරමක් දෙන්නෙමි. (නි)
කුඩා දරුවන්ට මෙවැනි නිර්මාණ කරන්න උගන්වන්න ඕනෑ. මෙයාලට ලොකු බෑන්ඩ් ගහන්න තවම බැහැ. බොරුවට ආණ්ඩුවට බනින්න එපා, ළමයින්ට හැදෙන්න දෙන්න. නිසි කලට බෑන්ඩ් ලැබෙයි. (නි)
ප්රාථමික පාසලක ළමයිනට එය එක් අතකින් ක්‍රියාකාරකමක් (නි)
ඉතාමත් විශිෂ්ටයි..!! (නි)
මම කාටවත්ම වරද පටවනවා නෙමෙයි. ගුවන් තොටුපළවල්, අධිවේග හදන්න කලින් තව ගොඩක් වැඩ තියෙනවා කරන්න. (නි)
නව නිර්මාණ සදහා දරුවන් යොමු කිරීම අගය කළ යුතුය. ගුරු මණ්ඩලයට අපේ ප්‍රණාමය ! (නි)
හේමන්ත මහත්තයෝ, අඩුම ගනනේ වෙලාවට මිනී බෑන්ඩ් එකවත් ලැබෙයි නේද ?(නදී)
සාමාන්‍යයෙන් පාසැල් වලට අවශ්‍ය සංගීත භාණ්ඩ අධ්‍යාපන අමාත්‍යශය විසින් නොමිලේ ලබාදිය යුතුයි. ලැබෙන්නේ නැත්නම් විදුහල්පතිනිය ලිඛිතව ඉල්ලා සිටිය යුතුයි.අඬන්න ඕනෑනේ කිරි එරෙන්න... (නි)
කෝ පින්තුර...අපිට බලන්න ඕනේ.(නදී)
අපි ඔබේ උත්සාහය අගය කල යුතුයි.(නදී)
ඒක ඉතා ඉහළ ආරම්භයක්.(නදී)
විශිෂ්ටියි ... අපේ උත්තමාචාරය ඔබේත්, දරුවන්ගේත් , අනෙක් සියලු දෙනාගේ කැපවීමට. (අ)
ඔබලාගේ උත්සාහයට මගේ අසිර්වාදය.(නදී)
හරිම හොද වැඩක්. පුතාලට දුවලට සහ ගුරු මව් දෙමව්පියන්ට සුභ පතනවා.(නදී)
තම රට දේ සිරි සැප දේ..... දරු දැරියනි ජයමග ඔබලා ඉදිරියේ (නි)