ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට නියම කැරෙන දඩය මාර්තු 11 වැනිදා සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පළමු පන්තිය සඳහා රුපියල් 1600ක්, දෙවැනි පන්තියට රුපියල් 1200ක් හා තුන්වැනි පන්තියට රුපියල් 900ක් වශයෙන් දැන් දඩ ගැසේ.
තුන්වැනි පන්තියේ ටිකට්පතින් දෙවැනි පන්තියේ ගමන් කිරීමේ වරදට දඩය ද රුපියල් 2500 දක්වා වැඩි කරීමට යයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ටිකට් නැත්නම් දඩය රුපියල් 2500යි
බණ්ඩාර Wednesday, 06 March 2013 11:47 PM
ඉතා සාධාරණයි (දී)
කිර්ති Wednesday, 06 March 2013 11:44 PM
5000 ගන්න කමක් නැහැ. අන්න ඒ වැඩ වලින් තමයි හම්බුකල යුත්තේ, ජනතාවගෙන් ගන්න බදු අඩු කරන්න (දී)
මනුසත් Wednesday, 06 March 2013 11:53 PM
වැරදීමකින් හෝ නොදැනුවත්කමට යන එක කෙසේ වෙතත් දුරගමන් දුම්රිය වල 3වන පන්තියේ අඩු පෙට්ටි සංඛ්‍යාවක් තියෙන්නෙ. උදා-5.55 උඩරට මැණිකේ 2ක් විතරයි තියෙන්නෙ. ගොඩක් මගීන් අපහසුවෙන් යන්නේ පළමු දෙවන හෝ පංති වල, ටිකට් නැති නිසා.
ලක්මින්ද Thursday, 07 March 2013 01:23 PM
කරුණාකර පළමුව මගීන්ට යාමට ඇති තරම් ඉඩ පහසුකම් සපයා දෙන්න. (නි)
කුමාරි Thursday, 07 March 2013 07:10 AM
ආශ්චරය වෙත කඩිනමින් ළගාවීමේ හොද සාර්ථක ක්‍රමයක්. (නි)
තිලක් Thursday, 07 March 2013 11:23 PM
කුමාරි කියන දේවත් තේරුම් ගන්න බැරිතරම් මෝඩයෝ මේ ලංකාවේ ඉන්නවනේ? (නි)
බණ්ඩාර Thursday, 07 March 2013 07:37 AM
මමනම් එක පයින් කැමති (දී)
ජයා Thursday, 07 March 2013 03:13 PM
දැඩි සුපරික්ෂාවට ලක් කිරීම නිතිපතාම සිදුකළ යුතයි. ටිකට් නැති අය අල්ලාගෙන දඩ අයකර ගත යුතුයි. ගාන වැඩිකළ එකනම් ඉතා අගෙයි.වැරදි කර කර නිලදාරින්ට ගහන්නත් යනවා. වැඩිපුර එකවර අල්ල නොගෙන දෙතුන්දෙනා ගානේ අල්ල ගෙන දඩ අයකිරිම දීගටම කරන්න. පිරිස වැඩි උනාමනේ මේ හැම ප්‍රශ්නේ . දඩ ගෙවන කොට ඔය අමාරුව හොඳ වේවි.(නු)
ඉන්දික Wednesday, 06 March 2013 05:50 PM
වරදක් නැහැ (දී)
චරිත් Thursday, 07 March 2013 08:37 AM
කුමාරි, ඔයාගෙ අදහස දැක්කහම ඔයාගේ මෝඩකම ගැන තේරෙනවා. (නි)
ෂෙහාන් Wednesday, 06 March 2013 06:09 PM
මමනම් කියන්නේ රු 5000 කලත් කමක් නැහැ (දී)
නලීන් Wednesday, 06 March 2013 06:13 PM
කොච්චි වල තියෙන පහසුකම් දැක්කාම සල්ලි නැතුවම තමයි යන්න හිතෙන්නේ (දී)
නාලක Wednesday, 06 March 2013 06:15 PM
ඒ වැඩේ නම් හොදයි ,මොකද ඒ කරන්නේ වරදක් නේ. ටිකට් අරන් යන්න අපි දැන ගන්න ඕනේ (දී)
මනේෂ් Thursday, 07 March 2013 08:51 AM
පරක්කු වෙන ඒවාට නැද්ද විසදුමක්? (නි)
පෙරේරා Thursday, 07 March 2013 08:53 AM
දඩය මදි. තව වැඩිකරන්න. (නි)
බණ්ඩාර Thursday, 07 March 2013 09:03 AM
කුමාරි යන්නෙත් හොරෙන් වගෙයි. (නි)
නිශාන්ත Wednesday, 06 March 2013 06:33 PM
ඒ වැඩේ නම් මසුරන් වඩක් (දී)
සුරේෂ් Thursday, 07 March 2013 09:09 AM
කුමාරිට රස්සාවක්වත් දෙනවා කිවුවද? (නි)
රොශාන් Thursday, 07 March 2013 09:10 AM
අපේ රටේ මිනිස්සු හැමදේම තමන්ට ඕනෑ විදියට කරන්න බලන්නේ. රටේ පොදු නීතියක් තියෙනවා. මේ කෝච්චිවල නගින සමහර මිනිස්සු ( විශේෂයෙන් ගැහැණු අය ) ටිකට් පරීක්ෂකවරුන්ට කියන්නේ 3වැනි පන්තියෙ ඉඩ නැහැ, ඒ නිසා 2වැනි පන්තියෙ හිටගෙන යනවා කියලා. හැබැයි ඔය බොහොමයක් මිනිස්සු හැමදාම හොරෙන් යන්නේ. මේ මිනිස්සු කොහොමද තමන්ගේ ළමයෙකුට හොරකමක් වංචාවක් කරන්න එපා කියලා උගන්වන්නේ?අම්මා තාත්තා හොරෙන් කෝච්චියෙ ගිහින් අහුවෙලා කිව්වාම. තමන් තමන්ට අවංක වෙලා 2වැනි පන්තියට නගිනකොට ඊට අදාළ ටිකට් පත ගත්තා නම් කිසි කරදරයක් නැහැ. (නි)
චින්තක Thursday, 07 March 2013 09:11 AM
දඩ වැඩි කළාට වැඩක් නැහැ. සතියට දවස් 2ක් වත් පරික්ෂා කරන්න ඕනෑ. මුහුදුබඩ මාර්ගයේ කාර්යාල දුම්රිය වල දෙවැනි පන්තිය සහිත දුම්රියන් ධාවනය වුවත් එම මැදිරි වල වැඩියෙන් යන්නේ 3න් වැනි පන්තියේ මගීන්. වැඩි ගානක් දීලා දෙවැනි පන්තියෙ වාර ප්‍රවේශ පත්‍ර අරන්, ටිකට් අරන් යන මගීන්ට සිදුවන අසාධාරනයක් ඒක. එක්කො දෙවෙනි පන්තියක් නැති කරන්න ඕනෑ. මාසෙකට එක පාරක්වත් පරීක්ෂා කරන්න එන්නේ නැහැ. ඒකයි මේකට හේතුව. 3න් වැනි පන්තියේ මැදිරි වැඩි කරන්න ඕනෑ නැත්නම්. මිනිස්සු 1000 ක් යන්න ඉන්නවා එන්නේ 400කට යන්න පුලුවන් මැදිරි සහිත දුම්රියක්. (නි)
චරිත් Thursday, 07 March 2013 09:25 AM
මොනවා වුණත් අගය කළයුතු වැඩක්. (නි)
සිල්වා Wednesday, 06 March 2013 07:00 PM
පොඩි ළමයින්ගෙන් කියක් ගන්නවාද (දී)
අසංක Wednesday, 06 March 2013 07:03 PM
ඕනෑම පන්තියකටම 5000ද (දී)
රාළ Thursday, 07 March 2013 09:29 AM
2500 තිබුණා නම් කෙනෙක් ටිකට් නොගනීද? ගෙවිය හැකි සාධාරණ දඩයක් අයකරන්න. එවිට දූෂණයත් සිදු නොවෙයි. (නි)
උපුල් Thursday, 07 March 2013 09:40 AM
කුමාරි, ඔයා ඇත්තටම මෝඩයි. (නි)
නුවන් Wednesday, 06 March 2013 07:18 PM
හොරෙන් යන නිසා කීයක් දඩ ගැහුවත් කමක් නැහැ. ඒ වගේම හිඟන අයගෙන් තියෙන කරදරෙත් නැති කරනවා නම් තමයි ගොඩක් හොඳ (නි)
විමල් Thursday, 07 March 2013 09:56 AM
තුන්වන පන්තියේ ටිකට් එකකින් දෙවන පන්තියේ ගිහින් අහුවුණොත් ටිකට් ගත්තෙම නැහැ කියන එක 2500 ගෙවනවට වැඩිය ලාභයි. (නි)
අතලේ සුමන හිමි Wednesday, 06 March 2013 09:22 PM
ලංකාවේ දුම්රිය වල ඔනතරම් හොරෙන් යන්න පුලුවන්. හැම දුම්රිය පොලකින්ම පිටවෙන්න හොර දොරටු තියෙනවා. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් මම දවස් ගානක් ටිකට් පෙන්වන්නේ නැතුව පිට වුණා. තවම ඒ ටිකට් මාලග තියෙනවා. මුහුදුබඩ දුමිරිය මගේ හැම තැනින්ම හොරෙන් පිටවෙන්න පුලුවන්. පුරුදු කාරයෝ ගොඩදෙනෙක් හොරෙන් යන්නේ. දඩ ගෙවන්න වෙන්නේ අහු උනොත්නේ. හොරෙන් යන්න බැරි ක්‍රමයක් හදන්න එවිට දඩ ගහන්න වෙන්නේ නැහැ (අ)
ලලිත් Thursday, 07 March 2013 12:43 PM
මම විතරක් නොවෙයි කවුරුවත් වැරද්දක් දකින එකක් නැහැ මේ වැඩේ (දී)
ලලිත් Thursday, 07 March 2013 12:40 PM
උපුල්, කුමාරිගේ මෝඩ කමට වඩා මම දකින්නේ යමක් වටහා ගැනීමේ දුර්වල කමයි... (ස)