ඩයනා උදයංගනී
විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය ලබාදීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කිසිදු නව කොන්දේසියක් ඉදිරිපත් කර නැතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ බව එම සන්ධාන මන්ත්‍රී එම්. සුමන්දිරන් මහතා යාපනයේදීම ප්‍රකාශ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම වූයේ 2015ට පෙර පොරොන්දු වූ පරිදි හිමිකරුවන්ට ඉඩම් ලබාදීම, නඩු නොමැතිව සිරගතව සිටින්නන් සම්බන්ධ සාධාරණයක් ඉටුකිරීම හා අතුරුදන්වූවන් සම්බන්ධ තීන්දු ලබාදෙන්න ආදිය බව ද රාජිත සේනාරත්න මහතා කීවේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු ලබාදෙමිනි.
මන්නාරම දිස්ත්‍රික්කයේ හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කරන්නේ දෙමළ ජාතික සන්ධානය පැනවූ කොන්දේසියක් අනුව බවට එළිය සංවිධානය නගන චෝදනා අසත්‍යද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ ද කියා සිටියේය.
‘ඒ අය ඉන්නේ අඳුරේ. පසුගිය ආණ්ඩුව අපිට වඩා ඉඩම් නිදහස් කළා. එය හොඳ දෙයක්. ඒවා ගිය ආණ්ඩුවේ සාධනීය දේවල්. දුප්පත් මිනිසුන්ගේ ඉඩම් අහිමි වෙලා තිබෙනවා. කාව වුණත් තමන්ගේ ඉඩමෙන් එළියට දැම්මොත් එය කොතරම් අමානුෂිකද යන්න තේරෙනවා. මෙය හදිසි තීරණයක් නෙවෙයි. එතරම් හදිසියේ ඉඩම් මනින්න බැහැ. අපි ඒ අයගේ ඉඩම් දෙන්න ආණ්ඩුව තුළ සටන් කරනවා.
සමහර ප්‍රදේශවල හමුදාව බේකරි දාල තියෙන්නේත් අහිංසක මිනිසුන්ගේ ඉඩම් අරගෙන. උතුරේ ඉඩම් දෙන්න එපා කියන අය දකුණේ ඉඩමක් පවරා ගත්තොත් රෙදි උස්සන් එනවා. ඒ වගේම නඩු නැති දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි.
ඔවුන් වසර 10ක් පමණ තිස්සේ දුක් විඳිනවා. ඒ කාලයේ පුනරුත්ථාපනය කළ 12,000ක් පමණ දැන් හොඳට ඉන්නවා. ඒ දේවල් නොකළොත් මේ අය යළිත් ත්රස්තවාදයට යොමුවේවි.‘ යනුවෙන් ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් හිටි අඩියේ මොකද ඒ කට්ටිය උතුරු නැගෙනහිර සිංහල ගම්මාන වලට ගිහින් පන්සල් වල හතර මායීම් හොයන්නේ? යුධ හමුදා බල ප්‍රදේශ හදිස්සියේ මොකද ජනතාවට පවරාගෙන යන්නේ?
එ්ක අපි දන්නවා පරණ ගිවිසුමේ සියල්ලම ඇතුලත්, ඒ අලුත් ව්‍යවස්තාවක් හදන එක. එ්කේ දෙමළුන්ට දෙන සියල්ලම ලියලයි තිබෙන්නේ. විශ්වාසබන්ගේදී දෙමල්ලු කලේ පරණ ගිවිසුම මතක් කිරීම පමණයි.