IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඥානසාර හිමිට ඇප

බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂ ලේකම් බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට ලක්වූ දිනයේ අයුතු ජන රාශියකට එක්වූ බව කියන ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා උසාවියෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත අද (26) ඒ හිමියන් අත් අඩංගුවට ගත් බවත් පිටරට සිට පැමිණියේ අද බවත් පොලිසිය අධිකරණයට කරුණ කියා සිටියේය.

එහිදී මාධ්‍ය ඇමතූ ඥානසාර හිමි මෙසේ පැවසූහ.

‘අපිට තියෙන ප්‍රශ්නෙ මෙච්චරයි. මෙරට භික්ෂූන් වෙන්න පුළුවන් අනෙක් ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. රටේ පවතින නීතියට ගරු කළ යුතුයි. නමුත් අද දකුණට එක නීතියක්. උතුරට එක නීතියක්. අධිකරණ නියෝගයකින් උතුරේ කොටි සැමරුම් තහනම් කර තිබියදී විග්නේෂ්වරන්ලාට පුළුවන් කොටි සමරන්න. ඒ උදවියට එරෙහිව ඇයි අපට මෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ජාතික වස්තුවක් වන විල්පත්තුව වනසන රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ඇයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ඇයි යහපාලන ආණ්ඩුව බයද‘

DSC_5639 DSC_5645 DSC_5669 DSC_5684 DSC_5689

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

ඥානසාර හිමිට ඇප

ගීතාංජලී Thursday, 28 May 2015 07:00 PM

අනේ හාමුදුරුවනේ, දුප්පතා නිකන් දෙන දානෙ ටික කාලා සතුටින් ඉන්න. ඔයාලට දේශපාලනයට යන්න කියලා බුදුහාමුදුරුවෝ කොයි බණ පොතේද ලියා තියෙන්නේ? අනේ අප්පේ බුද්ධාගමට වෙච්ව දෙයක්! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 27 May 2015 09:48 PM

කරු මහතාණනි, ගරු මාදුළුවාවේ හාමුදුරුවෝ නීති විරෝදී, රාජ්‍ය විරෝදී වැඩකරලා නැහැ. කරන්නේ නැහැ. එම නිසා උන්වහන්සේට නීතියේ ගැටලුවක් නැත (නදී)

:       0       0

ටෙන්සිල් Thursday, 28 May 2015 11:48 AM

අනේ හාමුදුරුවනේ අාපහු ජාතිවාදයක් නම් ඇතිකරන්න එපා. (බ)

:       0       0

ස්මිත් Tuesday, 26 May 2015 06:07 AM

අනේ සැප...මහේස්ත්‍රාත් තුමනි දඬුවමක් දෙන්න තිබුණා (බ)

:       0       0

ක්‍රිෂාන්ත ප්‍රින්ටෝ Tuesday, 26 May 2015 06:24 AM

හරිම නාඩගමක් මේ වෙන්නේ.මේවගේ වැරදි වලට අත් අඩංගුවට ගන්නේ නැතිව නඩුවක් දමා වරදට නීතිය යොදවා වැරදි කරු වශයෙන් ඔප්පු කර එයට දඬුවම් දිය හැකි නේද ? (බ)

:       0       0

කරු Tuesday, 26 May 2015 07:49 AM

මාදුළුවාවෙ හාමුදුරුවන්ට ඔය නීතිය අදාල නැද්ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site