බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 5000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂ ලේකම් බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසමේ ප්‍රශ්න කිරීමට ලක්වූ දිනයේ අයුතු ජන රාශියකට එක්වූ බව කියන ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා උසාවියෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් මත අද (26) ඒ හිමියන් අත් අඩංගුවට ගත් බවත් පිටරට සිට පැමිණියේ අද බවත් පොලිසිය අධිකරණයට කරුණ කියා සිටියේය.
එහිදී මාධ්‍ය ඇමතූ ඥානසාර හිමි මෙසේ පැවසූහ.
‘අපිට තියෙන ප්‍රශ්නෙ මෙච්චරයි. මෙරට භික්ෂූන් වෙන්න පුළුවන් අනෙක් ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් වෙන්න පුළුවන්. රටේ පවතින නීතියට ගරු කළ යුතුයි. නමුත් අද දකුණට එක නීතියක්. උතුරට එක නීතියක්. අධිකරණ නියෝගයකින් උතුරේ කොටි සැමරුම් තහනම් කර තිබියදී විග්නේෂ්වරන්ලාට පුළුවන් කොටි සමරන්න. ඒ උදවියට එරෙහිව ඇයි අපට මෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ජාතික වස්තුවක් වන විල්පත්තුව වනසන රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ඇයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ඇයි යහපාලන ආණ්ඩුව බයද‘
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ, දුප්පතා නිකන් දෙන දානෙ ටික කාලා සතුටින් ඉන්න. ඔයාලට දේශපාලනයට යන්න කියලා බුදුහාමුදුරුවෝ කොයි බණ පොතේද ලියා තියෙන්නේ? අනේ අප්පේ බුද්ධාගමට වෙච්ව දෙයක්! (නි)
කරු මහතාණනි, ගරු මාදුළුවාවේ හාමුදුරුවෝ නීති විරෝදී, රාජ්‍ය විරෝදී වැඩකරලා නැහැ. කරන්නේ නැහැ. එම නිසා උන්වහන්සේට නීතියේ ගැටලුවක් නැත (නදී)
අනේ හාමුදුරුවනේ අාපහු ජාතිවාදයක් නම් ඇතිකරන්න එපා. (බ)
අනේ සැප...මහේස්ත්‍රාත් තුමනි දඬුවමක් දෙන්න තිබුණා (බ)
හරිම නාඩගමක් මේ වෙන්නේ.මේවගේ වැරදි වලට අත් අඩංගුවට ගන්නේ නැතිව නඩුවක් දමා වරදට නීතිය යොදවා වැරදි කරු වශයෙන් ඔප්පු කර එයට දඬුවම් දිය හැකි නේද ? (බ)
මාදුළුවාවෙ හාමුදුරුවන්ට ඔය නීතිය අදාල නැද්ද? (ම)