බොදු බල සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි කුරුඳුවත්ත පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැබීය.
උසාවියෙන් නිකුත් කළ වරෙන්තු අනුව ඒ හිමියන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් උසාවියට නොපැමිණීම සම්බන්ධයෙනි.
පසුගිය දිනවල ඒ හිමියෝ විදේශගතව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඥානසාර හිමියන් කොඩිය උස්සපු එකට වැඩිය බරපතල වැරදි ගොඩක් කර තිබෙනවා ඒවට අත්අඩංගුවට ගන්නැතිව මේවට අත්අඩංගුවට ගැනීම නීතිය ඕනේ කෙනෙක් ඕනේ විදියට පාවිච්චි කරන හැටියි මේ (ම)
උතුරේ මියගියේ මිනිසුන් නොවේද? (බ)
මොහොමඩ්ට විල්පත්තු කෑවා ඒක, උසාවියට ගල් ගහපු එක වැනි එයාලගේ උත්තමයා අමතක වෙලා වගේ (බ)
බුදු සසුන ගැන කතා කරන්න ඉන්නේ මුන්වහන්සේ විතරයි. මේ මැටි ආණ්ඩුවට බුදු සසුන රකින්න ඕනේ කමක් නෑ. (බ)
ඉක්මනින් නඩුව අහලා වැරදී කරුවෙක් නම් දඬුවම දෙන්න (බ)
කඩු පොලු ගෙනයාම උතුම් සඟරුවනට අපහාසයක් (ම)
මම අද මගේ ඡන්දය භාවිත කරපු විදිය ගැන දුක් වෙනවා... මේවා මෙහෙම වෙනවා කියල තේරුනානම් මෙයාලට ඡන්දෙ දෙන්න තියා හිතන්නෙවත් නෑ. (බ)
සමහරු හිතන් ඉන්නේ මෙයා කතා කරන්නේ අපේ ජාතිය වෙනුවෙන් කියල .හිහ් !!!! (ම)
ශාසනයෙන් නෙරැපිය යුතුයි. (ත)
අද කාලේ ඉතින් ඉන්නේ රෑටත් අව් කණ්ණාඩි දාගෙන ඉන්න කට්ටියනේ! (නි)
බටු ගෙදරගේ ජාතිය මොකක්ද? ඔලුවක් නැති අය ඉන්න ලංකාවක් මේක. අනුකම්පා කරනවා ඔබ වගේ උදවියට. (බ)
හාමුදුරුවෝ හාමුදුරුවෝ විදිහට ඉන්නේ නැතුව දේශපාලනය කරන්න යනවා.මීට කලින් අත් අඩංගුවට ගන්න තිබුනේ, ඔයිට කලින් පොලිසියටත් පාට් එකක් දැම්ම නේද? (බ)
අරයට මෙයාට කඩේ යන්නේ නැතුව සිංහල බෞද්ධ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටියා නම් ඔබවහන්සේට තාමත් හොඳ පිළිගැනීමක් තියනවා.ඔබවහන්සේලා කළේ දේශපාලනික වශයෙන් බෞද්ධයා දෙපිලට බෙදපු එක. (නි)
වැරදියට හිතන්න එපා, මේ හාමුදුරුවන්ව අත් අඩංගුවට ගත්තේ තීරු දෙක නැති සිංහ කොඩිය තියන් හිටියට නේද? එතකොට ඊළාම් කොඩිය උස්සපු විග්නේශ්වරන්, යාපනේ උසාවියට ගල් ගහපු උන්ටයි මොකුත් වෙන්නේ නැද්ද? ඔක්කොම නීති දකුණේ සිංහලයන්ට විතරද? (බ)
කොහොමත් මේ දවස්වල ජාතිය ගැන කතාකළොත් කුඩුවේ තමයි (හැම ජාතියක්ම නෙවෙයි) (බ)
යහපාලනය දඩයම් වයරය පලිගැනීම් මේවා ඉවසා වදාරනු මැනවි (ම)
උසාවි තීන්දු වලට නම් හිස නමන නිසා ප්‍රතිචාර දැක්විය නොහැකිය , නමුත් උතුරේ මහා ඇමති ට නම් අඩුම ගානේ අවවාදයක් වත් කළේ නැත්තේ ඩයස්පෝරාවේ හිත රිදෙන නිසා වෙන්න ඇති කියලා මිනිස්සු අහනකොට දෙන්න උත්තර තමා නැත්තේ. දැන් නම් 100 ත් පැනලා , නමුත් වැඩසටහන ( විරුද්ධවාදීන් දඩුවම් කිරීමේ ) නම් නොනවත්වා අධි වේගයෙන් . අනේ සාධු .(බ)
කොඩියට නෙමේ. උසාවි නියෝගය කඩ කරලා විරෝධතා කළාට උසාවි එන්න කීවම නොගියාට. ඕනෑම කෙනෙක් උසාවි නාවොත් වරෙන්තු. ඒක කාටත් එකයි. (බ)
නිතේෂ් ඔව් කාටත් එකයි. හැබැයි ඕමන්ත මුරපොළෙන් මෙහාට (බ)
රටේ නීතිය ක්‍රියාත්මක කරද්දී සමහරක් කට්ටියට ගොඩක් රිදිලා වගේ (ම)
මම දන්නා තරමට නම් උතුරේ මහ ඇමති කලේ යුද්දෙන් මිය ගිය අය සිහි කරපු එකයි. එතන කොටි කොඩියක් නම් තිබුනේ නෑ. අර බස් බෝම්බෙන් මරුන අයගේ පොටෝ එකක් නම් තිබුනා. (ර)
හෂාන් ඔය කියන රටට ඕමන්තෙන් උඩ කොටස අයිති නැතුව ඇති. ඔයත් ඉන්නේ රට බෙදන පාර්ශවේද? .කන්ණාඩි පාවිව් කරන්න එතකොට ඔක හරියයි (ම)
අපට ප්‍රතිපදාව රකින්නට බුදුසමය ආරක්ෂා කර දුන්නේ වනගත වූ භික්ෂුන්වත් බුද්ධ මාලිගා හදන භික්ෂුන්වත් නොවේ. අපහාස විඳගෙන අභිතව රට දැය සාමය ආරක්ෂා කර දුන් ඔබවහන්සේ වැනි එඩිතර භික්ෂුන් ය (ම)