රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවකු බව කියන ඔහුගේ ඥාති පුත්‍රයෙක් (21) නීතීඥවරයකු සමඟ අද පොලිසියට භාර විය.

මීට පෙර තිදෙනෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටියහ.

අද බාර වූ තරුණයා මිලිමීටර නවයේ මයික්‍රෝ අවියක් ද පොලිසියට ඉදිරිපත් කළේය.

මාර්තු 23 වැනි දා හික්කඩුවේ හෝටලයක සාදයක දී ඔහු ඝාතනයට ලක් විය.