
නීතිය පිළිබඳ ප්‍රවීණ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා රචනා කළ ශ්‍රී ලංකාවේ සාක්ෂි නීතිය නව මුද්‍රණය එළිදැක තිබේ.
මේ 1970 වර්ෂයේදී පළමු වරට එලි දැක්වු The Law of Evidence in Sri Lanka නමින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත කෘතියෙහි නවතම සංස්කරණයයි.
සංශෝධිත කරුණු හා නවතම පරිච්ඡේදයකින් යුක්තව නව පිටපත සකස් වී ඇත. නීති ක්ෂේත්රයේ වඩාත් පිළිගැනුමකට භාජනය වී ඇති මෙම ග්‍රන්ථය සාක්ෂි නීතිය හදාරණ සිසුන්ට නැතුවම බැරි කෘතියක් බවට පත් වී ඇත.
දශක තුනකට වැඩි කාලයක් තිස්සේ නීතිය හදාරණ විශ්ව විද්‍යාල හා නීති විදුහල් සිසුනට වටිනා මහඟු දැනුමක් මෙම පොත පරිශීලනය කිරීමෙන් ලබාදෙයි.
මුල්ම සංස්කරණයේ සිට මෙම පොතට නීති වෘත්තීයේ ජ්‍යෙෂ්ඨයන්ගේ පිළිගැනීම හිමි විය.
කෘතියේ නව සංස්කරණයේදී පරිගණකය හරහා ජනනය කරන ලද සාක්ෂි සහ සම්බන්ධිත කරුණු සමඟ සම්පූර්ණයෙන්ම අලුත් පරිච්ඡේදයක් ඇතුළත් කර තිබේ. එය නීතිමය කටයුතු වලදී ඩිජිටල් වාර්තා සහ විද්‍යුත් සන්නිවේදනයේ ව්‍යාප්තියත් සමඟ බොහෝ වැදගත්කමක් උසුලන ක්ෂේත්රයකි.
මෙම නව සංස්කරණය මගින් ශ්‍රී ලංකාවේ සාක්ෂි නීතිය ජීවමාන ග්රන්ථයක් ලෙස නැවත තහවුරු කරන අතරම, ශ්‍රී ලංකාවේ නීතිය අධ්‍යයනයට හා භාවිතය සඳහා නිහඬ හා ප්රායෝජනවත් සුවිශේෂී දායකත්වයක් දක්වන බව නීති විශාරදයෝ පවසති.
The Law of Evidence in Sri Lanka සීමාසහිත ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂස් PLC සමාගමේ ප්රකාශනයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd