
(යොහාන් භාසුර)
මැදපෙරදිග කලාපයේ උද්ගතව තිබෙන යුදමය ගැටුම්කාරී තත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවියහැකි අවධානම සම්බන්ධයෙන් වහාම යොමුකරණ ලෙස හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජි.එල්. පීරිස් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් පවසයි.
මැදපෙරදිග යුදමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවිය හැකි අභියෝග සහ බරපතලකම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජි. එල් පීරිස් මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
එම ලිපියෙන් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබේ.
ලෝක වෙළෙඳපොළේ ඉහළ යන තෙල් මිල නුදුරු අනාගතයේදීම දේශීය වෙළෙඳපොළට ද බලපානු ඇති බැවින් ඒ හරහා මෙරට ජීවන වියදම ඉහළ යන බවත් දැනටමත් ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවිඳින මෙරට ජනතාවගේ පීඩනය තවදුරටත් දැඩි වන බවත් ඒ මහතා පවසයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් විශේෂයෙන්ම මෙරට තේ ආදි අපනයන භාණ්ඩ සඳහා වෙළෙඳපොළට ප්රවේශවීම අහිමිවී යාහැකි අතර එමගින් අපනයන ආදායම පහත වැටීමේ අවදානමක් පවතින බව ද එම ලිපියේ සඳහන් වේ.
ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් යුරෝපය, උතුරු අමෙරිකාව සහ ගල්ෆ් කලාපයෙන් පැමිණීමට නියමිතව සිටි සංචාරකයින් විශාල ලෙස මේ වන විට, වෙන් කරවාගත් නවාතැන් පහසුකම් ද අවලංගු කරමින් සිටින වාතාවරණයක සංචාරක හෝටල් ක්ෂේත්රයට දැනටමත් බලපෑම එල්ල වී ඇති බව ද එම ලිපියෙන් පෙන්වා දෙයි.
ගල්ෆ් කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම තත්ත්වය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති බව ද හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජි. එල්. පීරිස් මහතා එම ලිපියෙන් අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන් එහෙට මෙහෙට පැන පැන සදහටම බලයේ ඉන්න හදපු ආත්මාර්තකාමි අවස්තාවාදී දේශපාලුවෙක්... පවුල් පාලන ආණ්ඩුව කාලේ තමුන් කියපු කරපු දේවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ?
වෙන කෙනෙකුට ලියපු ලියුම වැරදිලා ජනාධිපතිට යවලා. දැන් රටම දන්නා නිසා නෝනත් දැනගන්නවා. ගෙදර ගිහිල්ලා ඉවරයි...
මෙයා හිතා ගෙන ඉන්නවා ඇති මෙයා කඩේ ගිය චන්ද්‍රිකා, මහින්ද, රනිල්, ගෝඨාභය වගේ කිසිම වැඩපිළිවලක් හෝ දර්ශන හෝ දුර දැක්මත් නැති නායකයක් කියලාද? මෙයාගේ දේශපාලන ජීවිතයේ රටට කිසිම ප්‍රයෝජනයක් නැහැ. මහජන මුදල් නාස්ති කලේ පමණයි. මෙයාත් අර සුසිල්, ඩීල්දාස වගේ 17 සිට 21 දක්වා ගෙනාපු සියලුම ව්‍යස්ථා සංශෝදනයට අත උස්සපු චරිතයක්.