
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකේය ගීත කලාවට අසමසම මෙහෙවරක් කළ යුගයේ අග්‍රණ්‍ය සම්භාව්‍ය ගායිකාව වූ විශාරද නන්දා මාලනී මහත්මිය අද (20) දැයෙන් සමුගත්තාය.
දශක හයකට අධික ඇගේ සංගීත චාරිකාව තුළ ඇය ගායිකාවක ලෙස පමණක් නොව, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික ප්‍රවාහයන්ට සෘජුව බලපෑම් කළ නිර්මාණකාරිනියක ලෙසද සැලකේ.
හොඳම සහ ජනප්‍රියම ගායිකාව ලෙස සරසවි සම්මාන 12 සහ ජනාධිපති සම්මාන 10ක් නන්දා මාලනිය දිනාගත්තාය.
1943 වසරේ අගෝස්තු 23 නන්දා මාලනිය උපත ලැබුවේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලකය. ඇය නව යෞවන වියේදී කොළඹ කොටහේනට පැමිණ ටී.එන්. මාග්‍රට් පෙරේරා යටතේ පැවති ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුලත් විය. ශ්‍රේෂ්ඨ ගුරුවරියක වූ මාග්‍රට් පෙරේරා නන්දා මාලනිය ලංකා ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩ සටහනක් වු කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපයට ගීත ගායනය සඳහා යොමු කළාය.එහිදී නන්දා මාලනිය ගායනා කළේ "බුදු සාදු" නම් ගීතයයි.
1961 වසරේදී නිෂ්පාදනය කෙරුණු "රණ්මුතු දූව" චිත්‍රපටිය සඳහා පණ්ඩිත් අමරදේවයන් සමඟ ගලන ගඟකි ජීවිතේ' ගීතය ගායනා කළ නන්දා මාලනිය එතැන් සිට සාර්ථක ගමනක් ආරම්භ කළාය.
එම චිත්‍රපටිය ඉතා සාර්ථක වූ අතර වසරේ සරසවිය සම්මාන සියල්ලම දිනාගන්නා ලදී පෙරදා මහ රෑ, පහන් කන්ද, සත්‍යය ගීතය, “පවන ගී එකතුව“,හේමන්තයේදී, තාරුකා ඇස්, සින්දු හෝඩිය, කිඳුරියකගේ විලාපය, මඳු බඳුන්, තරු, මල්මඳ බිසව්, සිනමා ගීතාවලෝකන, කිරිමදුවැල් , ලන්ඩනයේදී ගැයූ ගී, හඳහාමි , සංඛ පද්ම, පෙම්බර ලංකා, කුංකුම පොට්ටු, ග්‍රැමෆෝන් ගී, අරලිය ලන්දට, මලට රේණු, නිලම්බරේ , සාරි පොඩිත්තක් සහ පිරිත් පැන් ආදී කැසට් පට රාශියකට නන්දා මාලනිය ගීත ගායනා කළාය.
නන්දා මාලනිය හොඳම ගායනය සඳහා ලැබූ චිත්‍රපටි ලෙස - , ගලන ගඟකි ජීවිතේ - රන්මුතු දූව (1963), මේ සිංහල අපගේ රටයි, සාරවිට (1965 ),සැඩොල් කඳුලු (1967) , මොණර තැන්න (1979) සිරිබෝ අයියා(1980) , දෙනෝදහක් නුවණ් අතරේ, අම්මාවරුනේ, යස ඉසුරු( , අහසින් පොළවට පෙම් රජදහන (1992) , ඉවුරු බිදුනු ගං තලාව, අඹුදරුවෝ (1995) ප්‍රමුඛ වේ. ශ්‍රී ලාංකේය සංගීත වංශකතාවේ සංධිස්ථානයක් වූ "ශ්‍රවණ ආරාධනා" (1973) හරහා නන්දා මාලිනිය ඒක පුද්ගල ප්‍රසංග සංස්කෘතිය ආරම්භ කළාය. පසුව "සත්‍යයේ ගීතය", "පවන", සහ "ස්වේත රාත්‍රී" වැනි ඒක පුද්ගල ප්‍රසංග රැසක් පැවැත්වූවාය.
1980 දශකයේ අගභාගයේදී පැවැත්වූ "පවන" ප්‍රසංගය හරහා තරුණ නැගීසිටීම්, සමාජ අසාධාරණය සහ දේශපාලන මර්දනයට එරෙහිව නන්දා මාලනිය ප්‍රබල හඬක් නැගුවාය. එහිදී මතුවූ ජීවිත තර්ජන හමුවේ ඇයට යම් කාලයක් විදේශගත වීමටද සිදු විය.
නන්දා මාලනී සංගීත ආශ්‍රමය' හරහා නවක පරපුරට ශාස්ත්‍රීය සංගීතය සහ කටහඬ පුහුණුව ලබා දෙමින් සංගීත අධ්‍යාපනයට ද නන්දා මාලිනිය විශාල සේවයක් සිදු කළාය.
නන්දා මාලනිය ජනාධිපති සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන රාශියක් දිනා ගත්තාය. නන්දා මාලනියගේ කලාත්මක මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයෙන් දර්ශනශූරී සම්මාන ආචාර්ය උපාධියද පිරිනමන ලදී.
නන්දා මාලනිය යනු හුදෙක් ගායිකාවක පමණක් නොව, සිය අද්විතීය කටහඬ සහ අර්ථපූර්ණ පදමාලා භාවිතයෙන් සිංහල සංගීතයේ සෞන්දර්යාත්මක මෙන්ම සමාජීය හදගැස්ම සිත්තම් කළ සෞන්දර්ය වේදනියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd