
(අංජුල මහික වීරරත්න)
104 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදී නව තරඟ වාර්තා පහක් පිහිටුවා තිබේ.
දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී 104 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්විණි.
එලෙස පිහිට වූ නව තරඟ වාර්තා මෙසේය.
ඩී.එම්. හර්ෂ කරුණාරත්න (ශ්‍රී ලංකා යුද හමුදාව) - මීටර් 800 (පිරිමි): වසර 33කට පසු එම ඉසව්වේ පැරණි වාර්තාව අලුත් කරමින්, දේශීයභූමියක වාර්තා වූ වේගවත්ම කාලය ලෙස තත්පර 1:47.80ක දක්ෂතාවක් දක්වමින් නව වාර්තාවක් පිහිටුවීය.
එම්. දිමල්ෂ චතුරංග (ශ්‍රී ලංකා යුද හමුදාව) - මීටර් 400 කපොලු පැනීම (Hurdles - පිරිමි): විශිෂ්ට දක්ෂතා දක්වමින් තත්පර 49.41ක කාලයක් වාර්තා කළ අතර, ඔහු මෙවර තරගාවලියේ "දක්ෂතම ක්‍රීඩකයා" ලෙසද සම්මාන ලැබීය.
ඒ. පුවිතරන් (ශ්‍රී ලංකා යුද හමුදාව) - වෝල්ට් කුරුපම (Pole Vault - පිරිමි): මීටර් 5.10ක උසක් වාර්තා කරමින් නව තරඟ වාර්තාවක් පිහිටුවීය.
දිල්හානි ලේකම්ගේ (ශ්‍රී ලංකා යුද හමුදාව - කාන්තා හෙල්ල විසිකිරීම): මීටර් 59.46ක දක්ෂතාවක් පෙන්වමින් නව වාර්තාවක් සමඟින් ස්වර්ණ පදක්කම දිනා ගත්තාය.
ඩබ්ලිව්.ඒ.එම්.ආර්. විජේසූරිය (ශ්‍රී ලංකා යුද හමුදාව - කාන්තා මීටර් 10,000): විනාඩි 33:32.77ක කාලයක් ගත කරමින් මෙම ඉසව්වේ නව ජයග්‍රාහී වාර්තාවට හිමිකම් කීවාය.
එහි ජය සංකේත ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසූයේ රට වෙනුවෙන් හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලයට යැවීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd