IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර සහ ගයාන් සුරිආරච්චි)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින්  රාත්‍රීයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 11 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

රහස් පොලිසිය කළ කැඳවීමකට අනුව ඊයේ උදෑසන 09.00ට පමණ රහස් පොලිසිය හමුවේ පෙනී සිටි වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගෙන් සිද්ධියට අදාළව හෙළි කරගත යුතු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් රාත්‍රී 9.00 පමණ දක්වා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලකට අනුව රරහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත.

 



අදහස් (15)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි

chandima Wednesday, 08 May 2024 10:57 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැනේ?

:       0       0

NIMAL Wednesday, 08 May 2024 11:16 PM

මානුෂිය හැගීම් නොමැති, ආත්මගරුත්වය පිලිබදව කිසිදු තැකීමක් නොකරන ආත්මය මුදලට පාවාදෙන මිනිස්සු. මෙවැනි සොරකම් කොපමණ සිදුවෙනවා ද ?

:       0       32

සෙනෙවිරත්න Thursday, 09 May 2024 03:41 AM

ක්‍රමයෙන් නිළධාරින් නොබියව නීතිය ක්‍රියාත්මක කරන බව පෙනේ. උසාවිය දුන් නියෝගයෙන් පන්නරයක් ලබා නොබියව කටයුතු කරන්න. ජනතාව ඔබ සමගයි. ගුවන්තොටේ නොබියව කතා කල තරුණයා, ඊයෙ දුන් නඩු තීන්දුව, සහ මෙම ක්‍රියාව සියලුම ප්‍රගතිශීලී ජනතාවට උත්තේජනයකි.ජයවේවා

:       31       35

ranjith Thursday, 09 May 2024 06:11 AM

මේ වගේ වංචාකාරයෝ ගෞවරවනීය වෛද්‍ය සේවයටත් නිගාවක්

:       0       19

ජගත් ලියනගේ Thursday, 09 May 2024 06:32 AM

මේ වගේ එවූන් ප්‍රසිද්ධියේ එල්ලා මැරිය යුතුයි. රෝගීන් කොච්චර මැරිලා ඇත්ද ඔය බෙහෙත් පාවිච්චි කරල.

:       3       15

hemantha Thursday, 09 May 2024 07:38 AM

එල්ලුම් ගස් යවන්න ඕන මීනිමැරුම් චෝදනා යටතේ

:       3       35

ජගත් ලියනගේ Thursday, 09 May 2024 08:26 AM

මේ වගේ එවුන්ව හිටවලා පස් ගහල මරන්න ඕන අහිංසක රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරාට.

:       3       25

sachith Thursday, 09 May 2024 08:32 AM

මේකත් ඡන්දේ බලාගෙන යන තවත් එක අතක නාට්‍යයක් විතරයි

:       4       28

Rifan Thursday, 09 May 2024 08:57 AM

මොහු වරදකරුවෙක්ද? නැද්ද? යන්න අප නොදනිමු. නමුත් මෙවැනි තැනකට ඔහු යොමුවීම පිටුපස රටේ දේශපාලඥයින් සිටින බව නම් ස්ථීරය. එම නිසා මෙවැනි තත්වයන් සදහා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම රටක් වශයෙන් ඉතා වැදගත් කාරණයකි. හැබැයි තෝරාගත් කිහිපයක් සදහා පමණක් මෙසේ ක්‍රියාත්මක නොවී සෑම සියළු කේෂත්‍රයක් සදහාම මෙලෙස නීතිය ක්‍රියාත්මක වියයුතුය.

:       0       38

Bunny Preena Thursday, 09 May 2024 09:07 AM

කිසිම ලැජ්ජාවක් නැති පිරිසක්...

:       1       25

ෂෙහාන් Thursday, 09 May 2024 09:25 AM

හොද වැඩේ මේකට. අමු හොරෙක්. මුන් තමයි සිංහ හම පොරවා ගත්තෝ

:       3       24

පිටිගල මිලානෝ Thursday, 09 May 2024 10:06 AM

මේ අය සියල්ලටම සමූහ ඝාතන චෝදනා ගොනු කරන්න.

:       0       0

fairoos Thursday, 09 May 2024 11:28 AM

මෙයාව අත්අඩංගුවට ගත්තා කියලා කෙහෙලියට එපානම් දෙන්න එපා

:       0       2

sam Thursday, 09 May 2024 01:12 PM

මූ වගේ කාලකන්නි ප්‍රසිද්ධ ස්ථානවල එල්ලා මරන්න ඕනේ.කාලකන්නි ,අනික අර කෙහෙළිය කියන පට්ට හොරා

:       0       1

Gamini Gunasinghe Thursday, 09 May 2024 01:53 PM

කිසිදු තරාතිරමක් සමාජ තත්ත්වයන් හෝ දේශපාලන බලය නොතකා නීති මගින් කටයුතු කළ යුතුය .එසේම මෙවැනි දේශද්‍රෝහීන් එල්ලා මැරීමට නීති සම්පාදනය කළ යුතය..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 484 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 400 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 3442 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 359 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1714 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 1558 2

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2358 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site