මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් ලෙසද විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙසද සිටිමින් සජින් වාස් ගුණවර්ධන මහ ජන මුදල් අයථා ලෙස යොදාගනිමින් හා ඒවා කොල්ලකමින් කළ බව කියන වංචා දූෂණ රැසක් පිළිබඳ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කළ බව ජවිපෙ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී හා දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ මහතා කියයි.
ඔහුගේ පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. කොස්මෝස් ඒවියේෂන් ලිමිටඩ් නමින් ගුවන් නියමුවන් පුහුණු පාසලක් හා මිහින් ලංකා සභාපතිවරයාව සිටියදී රත්මලාන ගුවන් තොටුපළ ආසන්නයේ මේ සමාගම පවත්වාගෙන ගියා. ශිෂ්‍යන්ගෙන් ලක්ෂ 13 1/2 බැගින් ගෙන කිසිදු බලපත්‍රයක් ලබාදී නැත. ඔහුට එසේ බලපත්‍ර ලබාදීමටද නොහැක. අමෙරිකාවේ ටෙක්සාස් වලින් ගුවන්යානා මිලදී ගෙන තියෙනවා. ලංකා බැංකුව හරහා ඒවට මුදල් යවා තියෙනවා. පාර්ලිමේන්තුවට එන්න කලින් මොහු පෞද්ගලික ලංකාවට බඩු ගේන කුරියර් සමාගමක ගබඩා පාලකවරයෙක්. එහෙම පුද්ගලයෙක් ප්‍රකෝටිපතියෙක් වුනේ කොහොමද?
මේ රටේ මහ ජන මුදල් අයථා ලෙස රැස් කරගෙන තියෙනවා. ඒ ෆයිල් අපි ළඟ තියෙනවා. අම්බලන්ගොඩ තෙල් හලේ පමණක් කෝටි 17ක් පොලු තියලා. මේ ඉතා කෙටි කාලයක් තුළ ඩොලර් මිලයන ගාණක් ගුවන් යානා මිලදී ගැනීමට රට යැව්වේ කොහොමද?
ගුවන් යානා පුහුණු පාසලේ ළමයින්ගෙන් සල්ලි අරන් දැන් ඔවුන් බලපත්‍රත් නැතිව සල්ලිත් නැතිව අසරණ වෙලා.
මේ සල්ලි රැස් කිරීමට මිහින් ලංකා එකේ අලාබවලට වග කියන්න ඕන මොහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කියලා අපි දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටිනවා. සාක්ෂි සහිතව අපි බාරදුන් මේ පැමිණිලි සම්බන්ධයෙන් දැන්වත් කටයුතු කරන්න කියා අපි ඉල්ලා සිටියා. සියලු තොරතුරු සාක්ෂි සහිතව බාර දුන්නා වෙනස් වෙන්න උත්සාහ කරපු ජනතාව වෙනුවෙන් ඔබත් දූෂණ වංචා සම්බන්ධ තොරතුරු අපට ලබා දෙන්න. හොරු පැනලා යන්න කලින් වහාම නීතිමය පියවර ගන්න කියා අපි අල්ලස් හා දූෂණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සම්පත් අනිසි ලෙස භාවිතා කළා නම් දඩුවම් ලැබිය යුතුමය (නදී)
මේ චෝදනා ඔප්පු වුනත් දඬුවම විදියට අනේ බබා මිට පස්සේ මෙහෙම වැඩ කරන්න එපා කියල ඔලුව අත ගාල යවාවි. (නදී)
මේවට දඩුවම් කරයි කියල තද විස්වාසයක් තියාගන්න එපා. ගමේ මනුස්සයෙක් පොල් ගෙඩියක් හොරකම් කලා නම් ඔන්න දඩුවම් ලැබෙනවා කියල විස්වාසයි. (නදී)
මේවා ඡන්දය දීපු අයව සතුටු කරන්න මුල් දින වල කරන වැඩ. ජේ.වී.පී එකටයි ජේ.එච්.යු එකටයි ඕනෙකම තියෙනවා. නමුත් අනිත් අය මේවා විභාග කරන්න ඉඩ දෙන්නේ නැහැ. (නදී)
ඔය චෝදනා විභාග කරලා වැරදි කරුවන්ට නීතියෙන් දඩුවම් දෙන්න කොපමණ කාලයක් බලන් ඉන්න වෙයිද? රතන හාමුදුරුවෝ/සෝභිත හාමුදුරුවෝ, චම්පික සහ හදුන්නේන්ති මහත්මයලා ගෙන් අපි බලාපොරොත්තු වෙනවා මැදුම් පිළිවෙතේ ඉඳන් යම් දෙයක් කරයි කියා. (නදී)
මේ පුද්ගලයා විදේශ අමාත්‍යංශයේ මෙබඳු නිලයක් දරන්න ඔහුට ඇති අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් මොනවද ? මොහු විසින් විදේශ අමාත්‍යංශයට සහ රාජ තාන්ත්‍රික සේවා වලට සුදුසු කම් නැතිව හෝ අඩුවෙන් ඇති උදවිය පත් කර ඇති නම් ඒ කවුද යනාදිය වහාම සොයා බැලිය යුතු නේද ? මේවා ජ වී පෙ නඩු ෆයිල් කරනකන් බලන් ඉන්න ඕන දේවල් නෙවෙයි. (නදී)
වීරවංසගේ (විමලසේන), කෙහෙළියගේ විදුලි බිල රුපියල් 120,000 ආසන්න මුදලක් ලෙස මාද්‍ය වලින් දැක්කා. මම විදේශ රටක වෘත්තිකයෙක්. මගේ ලංකාවේ ගෙදර විදුලි බිල උපරිම රු 2500.00 යි. එතකොට,මෙයාගේ බිල කොහොමද 48 ගුණයක් වෙන්නේ. වහාම පරීක්ෂනයක් කල යුතුයි නේද ? (නදී)
මෙයාල හොරු. මුදල් සොයාගත් හැටි වීමර්ශණ කළ යුතුය. එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම් කිව්වලූ. ඉදිරි අනාගතයේදි මිට වඩා දේලවල් එලියට එවි. අර තෙල් පිරිපහදුවේ ලොක්කන්ගේ කාමර වලට සීල් තිබ්බා වගේ. (ස)
තාම පැමිණිලි විතරමයි. ඉදිරියට බලමු (නදී)
දකුණේ බිලියන ගණනක දේපල මෙයාලා මිලදී ගත්තා. (නදී)
දුෂණ අල්ලස් කොමිසමේ ෆැක්ස් නම්බරය මොකක්ද ? (නදී)
මෙච්චර වංචා සිදුවෙද්දී අර වාසු දේවයි, වීරවංසත් ඇයි කටවහගන හිටියේ? (නදී)
හෆීල් ට, පිලිතුර, දෙන්නටම ලැජ්ජාව නැහැ (නදී)
විමල් විරවංශලා වාසුලා මේවට කතා නැහැ. මොකද ඇමති කම නිකන් ලැබුනා. සුකෝපබෝගී ජීවිත ගත කරන නිසා කතා කරන්න බැහැ. (නදී)
අපේ රටේ පට්ට ගැහිච්ච සමාජ වාදියෝ කියල කියා ගන්න කොන්දක් නැති මිනිස්සු ලජ්ජා වෙන්න ඕනේ. (නදී)
මෙතෙක් කලක් රට යටත් කරගෙන හිටියා "මෙගා හොරු කල්ලියගෙන්" රට නිදහස් කර ගන්න ලැබීම මොන තරම් වාසනාවන්තද කියල දැන්වත් කල්පනා කරලා බලන්න. (නදී)
රාජපක්ෂවරුන්ට සහ කල්ලියට කොටි ප්‍රකෝටි කියන්නේ හරියට "කජු ඇට කොස් ඇට" වගේ. (නදී)
ගුවන් තොටුපොළේ දවස ගානේ අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වුනේ කියලත් හොයන්න. අහන්න දෙයක් නැහැ ඒකත් විකුනගෙන කාල ඇති. (නදී)
[ඒ ෆයිල් අපි ළඟ තියෙනවා.] කවුද එහෙම කියන්නේ? (නදී)
මේ ගබඩා පාලකයාට පයිලට් ලයිසන් දෙන්න බලය දුන්නේ කවුද? පව් අනේ, උඩ යන්න ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු කොල්ලෝ. කෙල්ලෝ නය වෙලා දීපු සල්ලි වලින් මෙයා සුර සැප වින්දා, ඇති වෙනකම්. දැන්වත් ඒවාට උත්තර දෙන්න (නදී)