රජයේ පාලනයට එරෙහිව පේදුරුතුඩුව දක්වා යන ජවිපෙ රිය පෙරහර දෙවිනුවර තුඩුවෙන් අද ඇරැඹිණි. වාහන දහසක් පමණ ඊට එක්වී සිටියි. නායක සෝමවංශ අමරසිංහ මහතා පැවැසුවේ මගදි පති‍්‍රකා බෙදමින් ලබන පළමුවැනිදා පේදුරුතුඩුවට යන බවයි. දින හයේ ගමනට වාහන දස දහසක් එකතු වෙතියි පක්ෂය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිර්ධන පංතියෙ අරගලයට පටහැනියි. දහඩිය ගඳ ගගහ පාරේ අව්වේ යන්න ඕන ඒසී කරපු වාහන වල යන්නෙ නැතුව. දුප්පත් මිනිහව නියෝජනය කරන්නෙ සුපිරි වාහනද??(නු)
අනේ පව් (නු)
මෙන්න කට්ටිය එලි බැහැලා (දී)
මෙන්න කට්ටිය අයෙත් ඇවිත් වගේ නේද මගේ යාලුවනේ ?(දී)
දැන් කරන්න තියෙන්නේ වාහන සංදර්ශන නෙමෙයි, සමගිව වැඩ කිරිමයි. දකුණේ මෝඩ මිනිසුන් නැත. (නි)
පෙට්‍රල් ගහන්නේ කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ පාලනයට අභියෝග කරන්න කවුරුවත් නැති එකයි. (නි)
ඔහොම යමුකෝ.... (නි)
මටත් ජවිපෙ සමහර දේවල් ගැන ගැටළු තියෙනවා. එත් අපි ආපහු හැරිලා බැලුවොත් , නිදහසින් පස්සේ අපේ රටට අනික් පක්ෂ දෙක කරලා තියෙන විනාශයේ හැටියට ජවිපෙ කරලා තියෙන්නේ 1% ක් විතර හානියක් කියලා මට හිතෙන්නේ. අපි මේ විදියට බලාගෙන හිටියොත් අපට, අපේ බාල පරම්පරාවට කවදාවත් හොඳ රටක් ඉතුරු නොවෙන්න පුළුවන්. මෙයාල උසස් පෙළ ප්‍රශ්නේ ගැන කියනකොට අපිත් තව ගොඩක් දෙමව්පියොත් ජවිපෙ බොරුවට කෑගහනවා කියලා බැන්නා. අද ඒ දෙමව්පියන්ටම තමන්ගේම දරුවට විශ්ව විද්‍යාලේ යන්න බැරිවෙනකොට , අද මෙයාලත් එක්කම පාරට බැහැලා කෑ ගහන්න වෙලා. ඇත්තටම අපි අද මේ වෙන දේවල් වලට විරුද්ධ නොවුණොත් , හෙට අපිට ඒකට මුණ දෙන්න වුණොත් අපි වෙනුවෙන් කවුරුත් කතා කරාවිද? විනිශ්චය පාඨක ඔබ සතුය. (නි)
මෙයාලට තියෙන්නේ මවා ගත්තු බොරු සමාජවාදී බයිලාවක්. (නි)
වංචාවට, හොරකමට, දූෂණයට යටවෙලා හැමදාම හදවතින් හඬාවැටෙන මිනිසුනට ශක්තියක් වෙන්න මෙහෙම දෙයක් වත් කරන එක හොඳයි. සමහරුනට හිතේ අමාරුව උනා මොනවා කරන්නද? (අ)
වාහන පෙළපාළිය ඹ්මන්ත හරියෙ නවත්තලා රජයට පින් දීලම උතුරට යන්න. (නි)
නරකද මෙ වියදම් කරන මුදලින් අහිංසක මිනිසුන්ට කන්න බත් පාර්සල් එක එක වත් දුන්නනම්. අඩුම ගානෙ මිනිස්සු පින් හරි දේවි. දෑන්වත් මේ මෝඩ විහිළු නවත්තන්න. (නි)
රටේ වාහන තියෙනවා. පාරත් හොදට තියෙනවා. ඉතින් කාටද යන්න බැරි (දී)
එතකොට ඔයාලට කොහෙන්ද සල්ලි මෙච්චර තෙල් පුච්චන්න? (නි)
හරිම පුදුමේ වාහන 1000 ක් ...........? ඒ කියන්නේ පක්ෂෙට සාමාජිකයෝ 1,000ක් ඉන්නවා..........? දෙවියන්ට ස්තුති වේවා! (දී)
මොකද්ද දන්නේ නැහැ "කැබ් සර්විස්" එක (දී)
මේ සුපිරි වාහන කොයින්ද ???????.(ස)
අනුන්ට බැන්නට මෙයාලගෙත් තියෙන්නේ බොරු වැඩනේ....වාහන 10000 ට තෙල් ගහන්නේ කාගේ සල්ලි වලින්ද ??? .(ස)
ජනපතිතුමා ඇරලා දීපු පාරෙන් එතුමාටම බැණ බැණ නේද මේ යන්නේ? (නි)
අනේ පුළුවන් නම් පේදුරුතුඩුවෙන් බෝට්ටුවක නැගලා කොහේටහරි යන්නකෝ. හැබැයි ආයිත් එන්නනම් එපා. (නි)
බරකරත්ත වලින් ගියානම් නේද හොඳ ??.(ස)
වැලිගමට එනකොට වාහන කීයක් වේවිද දන්නේ නෑ....(ස)
මගදි පරණ පුරුද්ද මතක් වෙලා ගිනි තියයිද දන්නේ නැහැ. (නි)
බරකරත්ත වලින් ගියානම් හොදයි තමා.............(ස)
සුභ පැතුම්....(ස)
අද මෙයාලා මෙහෙම යන්නේ කාට පින්සිද්ධ වෙන්නද......(දී)
හැමෝටම පුලුවන් නම් ඇයි මේ අයට විතරක් බැරි? (නි)
කවුරු බය කරන්නද මේ ??.(ස)
රථ පෙළපාළි.... පේදුරුතුඩුවට.... ඇති තරම් ඉන්ධන.... ඹ්නෑ තරම් නිදහස... වාහන 10000ක් නොව 100000ක් යන්න පහසුකම්.... මොළය ඇති අයට හිතන්න දෙයක්.... (නි)
මේ තමයි ජේ.වී.පී. නොහැකියාව. ගමේ ජනතාව අතරට නොයා.. මොනවාද මේ කරන්නෙ. මේ ධනේෂ්වර ක්‍රම වේදයන්.. (නු)
මේවා කරන්නෙ මිනිස්සුන්ගෙන් එකතු කරපු කැට සල්ලිවලින්.. මේ විකාර නවත්තලා බැරිද ඔය සල්ලිවලින් නැති බැරි පවුල්වලට ආදාර ටිකක්වත් කලානම්..
මේවා කරන්නෙ මිනිස්සුන්ගෙන්ම එකතුකරගත්ත සල්ලිවලින්.. (නු)
අද මෙයාලා මෙහෙම යන්නේ කාට පින්සිද්ධ වෙන්නද ??? .(ස)
පාද යාත්‍රාව වෙනුවට රෝද යාත්‍රාවක් .........."රෝද යාත්‍රා"එච්චර සමාජවාදී නැහැ..(ස)
කව්රුවත් බය කරන්න නොවේ.............අන්දයින් ලෙස සිටින මිනිසුන්ට පෙනීම ලබා දීම සදහාය , රථ පෙලපාලියට ජය !! .(ස)
දැන් අපේ රටට අඩු මෙච්චරයිනේ. (නි)
කාට පිං සිද්ධ වෙන්නද කියලා මධු කියලා තියෙනවා.. පහුගිය කාලෙ මධු කොහෙද හිටියෙ..? ලංකාවෙ සියලුම ජයග්‍රහණ පිටුපස ජේ.වී.පී. ඉන්නවා කියන්න මේ මිනිසුන්ට කට නැහැ.. යුද්දෙ යුද්දෙන්ම තමයි දිනන්න පුළුවං කියලා මුලින්ම කිව්වෙත් ඒ වෙනුවේන් හැම දෙයක්ම කළේ ජේ.වී.පී. එක කියලා ප්‍රගතිශීලී ජනතාව දන්නවා...(නු)
මෙයාල කරන්න දන්නෙ ඔය වගේ දේවල් තමයි.. ඔය වියදම්කරන්නෙ කට ඇරගෙන එකතුකරන සල්ලිනේද? තෙල් ගහන්න යන සල්ලිවලින් දුප්පතකුට කෑම අරන් දුන්නනම් කොයි තරම් වටිනවාද?(නු)
වාහන 1000 කියන්නේ සාමාජිකයෝ 1000 ක්. (දී)
අයියෝ සල්ලි ! නිස්කාරණේ තෙල් පුච්ච පුච්ච අනුන්ට බණ කියනවා. පුළුවන්නම් පාද යාත්‍රාවක් සංවිධානය කරන්නකෝ. (ස)
තෙල් වලට යන වියදමින් දුප්පත් මිනිසුන්ට කන්න දුන්නනම් පිනක්වත් ලැබෙනවා..!! තෙල් තියෙන රටවලින් පගාවක්වත් දුන්නද දන්නෙ නැහැ මේගොල්ලන්ට. ... (නු)
මෝඩ වැඩක්......(ස)
සුදත්, අන්ධයන් ලෙස සිටින මිනිසුන්ට පෙනීම දෙන්න නම් මේ වගේ දේවල් කරලා හරියන්නෙ නැහැ.. මීට වඩා සංවේදී ලෙස යම් දෙයක් කළ යුතුයි..!! ආණ්ඩු විරෝධී වෙනවාට වඩා හරි දේ මිනිසුන්ට පෙන්නලා..!!(නු)
නරකද කට්ටිය පේදුරු තුඩුවට වෙනකම් ගිහින් එතනින් බෝට්ටුවක නැගල වෙන රටකට ගියොත්.... (ස)
අද ජේ.වී.පී කණ්ඩායම යාපනේ යන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිට පිංසිදුවෙන්න නේද? යන ගමන් පාර දෙපස තියෙන ආයතන ටිකත් ගිනි තියාවිද දන්නෙ නැහ..!! (නු)
මහත්තයව මෙවාට කියන්නෙ රථ ගාය කියල නැතුව රථ පෙරහැරවල් නෙවෙයි.....වාහන 10000 ට තෙල් ගහන්නේ කාගේ සල්ලි වලින්ද ?.ඵන්.ජි.ඔ.සල්ලි ද................ (දී)
බයිසිකලෙන් පාර්ලිමේන්තු යන්න කතා කරපු අයම නේද මේ බෙන්ස් වලින් යාපනේ යන්නේ.... (ස)
පෙළපාළිය ඉවර වෙද්දී වාහන කොහොම වුණත් පක්ෂය නැවත කැඩෙයිද දන්නේ නැහැ. (නි)
රට වෙනුවෙන් ඉදිරියට එන එකම බලවේගය (දී)
වාහන පෙළපාලියක් (දී)
වාහන දාහා කෙසේ වෙතත් තව අවුරුදු දාහක් ගියත් ඔය හිතන් ඉන්න දේනම් ඉෂ්ඨ කරගන්න බෑ... (ස)
මේ වැඩ වලින් තමන්ගෙ බලය සුණු විසුණු යෙයි කියලා හිතන අයද කොහෙද මේවට විරැද්ධව අදහස් පළ කරන්නෙ.. මේ යන්නේ කාවෙත් යෙක් ඩැහැගන්න නෙමෙයි..අපේ රටේ සිදුවන මේ විනාසයෙන් බේරගන්න මිනිසුන්ගේ ඇස් පාදන්න.. පටු අරමුණුවලට මෙම දිරිය මිනිසුන්ව ලඝු කරන්න එපා. ජේ.වී.පීයට සහ රටට ජය වේවා..!!(නු)
අයියෝ සල්ලි ! නිස්කාරණේ තෙල් පුච්ච පුච්ච අනුන්ට බණ කියනවා. පුළුවන්නම් පාද යාත්‍රාවක් සංවිධානය කරන්නකෝ. (ස)
නොදුවපු තැනකුත් නැහැ. කරපු වැඩකුත් නැහැ. (නි)
රජය මොනවා කළත් ඒක හොදයි කියලා පිළිගන්න මිනිසුන් ඉන්නා තාක්කල් අපට හරියන්නේ නැහැ. පිටරටවල ඉන්න අපටයි පේනනේ මෙහේ වෙන විනාශයේ තරම.... (නි)
මේ රටේ මිනිස්සු නටන තරමක් නටන්නේ පිස්සුමයි නේද ? (නි)
සුදත් , මිනිසුන් අන්ද කෙරුවෙ කවුද ? . අද මිනිසුන් අවදියෙන් මුලු රට පුරාම සැරි සරනවා . ඒකට ඊර්ෂියා කරල වැඩක් නැහැ ....(ස)
ලොකු ලොකු වාහන පෙළපාලියක් (දී)
කමක් නැහැ. ඒ ඉන්ධන වියදමත් ලැබෙන්නේ අපේ රජයටමනේ.......... හූ..හූ............... (නි)
බොරු වැඩ .කියනකොට එහෙමයි . කරනකොට මෙහෙමයි (දී)
බලය ලැබුනොත් කොහොමට හිටීවිද (දී)