අසාධාරණ තරගයක් ලෙස පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් රජය ජනතා මතය කොල්ල කා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය. එහෙත් ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී ජනතාවත් මීට වඩා සිතා තීරණ ගත යුතු යැයිද අවසානයේදී ජනතාවට විමුක්තිය උදාකරගැනීමට ඉතිරිවන්නේ ජ.වි.පෙ පමණකැයිද හෙතෙම කීය. පක්‍ෂයට එරෙහිව ගෙන ගිය කුමන්ත‍්‍රණ හා රජය මැතිවරණ පවත්වන කාලසටහන නිසා ජ.වි.පෙට යම් ඡන්දසංඛ්‍යාවක් අහිමිවීව ඇතැයිද ටිල්වින් සිල්වා මහතා සාකච්ඡාවකදී කීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, මට නම් විශ්වාස නැහැ එයාලගේ දර්ශනය අඩුගාණේ එයාලටවත් තියෙනවද කියලා. (නි)
දැන්වත් ඔයාලා ඉන්න තැන තේරුම් ගන්න (නි)
වෙන මුකුත් නැද්ද කියන්න? (නි)
රටේ මිනිස්සු දන්නෙ නැහැ ජේ.වී.පී. එකේ වටිනාකම (නි)
කවද්ද කිව්වෙ සාදාරන මැතිවරණයක් තිබ්බා කියල. .(ස)
දැන්වත් අපේ කොල්ලෝ කෙල්ලන්ට පාඩුවේ ඉන්න අරින්න..(ස)
සම්පත් කියමු බලන්න චන්ද පෙට්ටි උස්සන කොටවත්, ප්‍රවාහනය කරන කොටවත් ,ගනින කොටවත් නෙමෙයි නම් මොන වේලාවේද වුනේ .අපිටත් දැනගන්න කියන්නකෝ .(ස)
ජේ.වී.පී. කියන්නෙත් ජනතාව. ඡන්දෙන් පරාද වුණෙත් ජනතාව (නි)
චන්නගෙ කතාව ඇත්ත. ඒත් ගණන් ගන්න එපා ඔය හිතේ අමාරුවට කියන කතා..(ස)
කර්ම විපාක දෙන හැඩයි (නි)
ජාතික ව්‍යාපාරයෙන් වෙන්වු දා සිට ජ.වි.පෙ ගියේ අගාධයටයි. (නි)
චන්දෙට කලින්ම දන්නවා (දී)
තුන්වෙනි බලවේගය නැති වෙයිද (දී)
මේ රටේ පවතින දේශපාලන හා සමාජ කඩා වැටීම්වලට සෘජුවම වගකිවයුතු පාර්ශව හතරක් වේ. ජ.වි.පෙ විසින් 1971දී තම තරම පිළිබඳ වැඩි තක්සේරුවක් අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට දී සමස්ත ජනතාව තුල ඇති කළ සන්නද්ධ විප්ලව භීතිකාව හා 1988-1989 වර්ෂවලදී අහිංසක තරුණයින්ගේ අසහනයන් උපකාර කරගෙන රජයට එරෙහි බවට මවා පා හා රටට එරෙහිව කළ විනාශය තුලින් සමාජයේ ඇති වූ කඩා වැටීම පළමු වැන්නයි. 1971 තරුණ අරගලය ආදර්ශයට ගෙන 1976 දී ප්‍රභාකරන් නැමති මිනීමරුවා විසින් වර්ෂ 30 ක් මුළුල්ලේ ගෙනගිය සිංහල, දමිළ හා මුස්ලිම් සංහාරය එහි දෙවැන්නයි. ජේ.ආර්. හා ප්‍රේමදාස පාලනය තෙවැන්නයි. සමගි පෙරමුණු දේශපාලකයින්ගේ අදූරදර්ශී දේශපාලනය සිව්වැන්නයි. වත්මන් සමාජයේ පවත්නා සියළු කඩාවැටීම් වලට මෙම කණ්ඩායම් සපුරා වගකිවයුතු අතර, අද දිනද ජ.වි.පෙ. සිය දේශපාලන බල ව්‍යාපෘතිය උදෙසා සමහර කම්කරු කොටස්ද යොදාගෙන කරන දේශපාලන ව්‍යාපාර කිසිසේත් ජනතාවටවත් රටටවත් හිතකර නොවේ. (නි)
තවම කීපදෙනෙක් ඉන්නවා නේද (දී)
දැන් මුල ඉදලා පටන් ගමු (දී)
දැන් මුල ඉදලා පටන් ගමු. (නි)
පැරදිලා එහෙම දැං පශ්චාත් මරණ පරීක්ෂණ තියන්න එනවාද?(නු)
දැන්වත් තමන්ගේ තරම තේරැම් ගත්ත එක ලොකු දෙයක් (අ).
මිදි තිත්තයි කිවුවලු. (නි)
අනේ දැන්වත් ගෙදර යන්නකෝ. (නි)
සහෝදරයා, ඔය කතා වැඩක් නැහැ. මේවා පරිඝණක ජිල්මාට්. (නි)
ජනතා විමුක්ති පෙරමුණ විනාශ කළේ වැරදි තීන්දු තීරණ වැරදි වේලාවට ගත් ජනතා විමුක්ති පෙරමුණ විසින්මයි. (නි)
ඕගොල්ලන්ගේ දර්ශනය හොද වුණත්,අපේ මෝඩ මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නැහැ. (නි)
හූ හූ හූ හූ හූ හූ..... (නි)
ගහ උඩට ගියා තණකොළ ඩිංගක් කපන්න. (නි)
ජනතා තීන්දුව පිළිගෙන දැන්වත් නොදන්න දේශපාලනෙන් ඉවත්වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න. (නි)
පැහැදිලිවම ඡන්ද වංචා වුණා. හැබැයි ඡන්ද පෙට්ටි උස්සනකොටවත්, ප්‍රවාහනය කරනකොටවත්, ගනිනකොටවත්, නෙමෙයි. ඊට පස්සේ අවස්ථාවක. ඒත් ඉතින් අපි මොකද කරන්නේ? (නි)
දැන්වත් පිළිගන්නවා නම් ලොකු දෙයක්. (නි)
අපරාදේ අහිංසක යූනියන් වැසියන්ගේ සල්ලි. (නි)
මම ටිල්වින් මහත්තයට ඉතාම ගරුකරන කෙනෙක් (නි)
හැම ඡන්දෙටම පස්සේ එයා කිවුවේ ඔය කතාවමයි. (නි)
ඔහොමම අයින් වෙලා ගියොත් රට දියුණු වෙයි. (නි)
ගමට රටට දැනෙන විදියට මිනිස්සුන්ට වැඩක් නොකර මොනවා කළත් වැඩක් නැහැ (නි)
මොනවට බැරි දේවල් කරනවද මන්දා? (නි)