ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා සුනිල් හඳුන්නෙත්ති හා සරච්චන්ද්‍ර මායාදුන්නේ යන මහත්වරුන් පත් කර ඇතැයි එම පක්ෂ ආරංචි කියයි.
ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයේදී ආසන 4ක් හිමිවූ අතර ඒ සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ අනුර කුමාර දිසානායක, ගම්පහින් විජිත හේරත්, කළුතරින් නලින්ද ජයතිස්ස හා හම්බන්තොටින් නිහාල් ගලප්පත්ති යන මහත්වරු තේරී පත්වූහ.
හඳුන්නෙත්ති මහතා මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළද එම දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් හිමි නොවීය. මායාදුන්නේ මහතා හිටපු විගණකාධිපතිවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ඡන්දය තිබ්බේ. (නි)
සහතික වශයෙන් ඔබ දෙපලට ආසන හිමිවිය යුතුමයි. ජාතික ලැයිස්තුවෙන් හෝ ඉදිරිපත් වී රටට සුබ දායක සේවයක් ඉටුකිරීමට හැකිවේවා! (නදී)
ඉතාම හොඳ තීරණයක්. සුදුස්සාට සුදුසු තැන දීමට ආදර්ශයෙන් ක්‍රියා කිරීම අගය කළ යුතුයි (අ)
මයාදුන්නේ ඔබ විදිය යුතු තැනට විදීමට සූදානම් වන්න, අපට සතුටුයි (ම)
නිවැරදි තීරණයක් (ම)
පුදන කොටම ගිලපි හෘද සාක්ෂියේ උතුර උතුරා වාන් දැමු යශෝරාවය. මව්බිම වෙනුවෙන් භද්ර යෞවනයේදී සිය අදීන ආත්මය සහ ඇස්,මස්,ලේ නහර ද, අත පයද පුජා කළ ජීවී ගුණයෙන් පිරි අහිංසක සොහොයුරන් සිහි වන විට දැනෙන්නේ දරාගත නොහැකි කම්පනයකි. දැඩි වේදනාවකි. පසු ගිය 17 දා මේ රටේ ඡන්ද දායකයා විසින් ඇන ගසා වසා දැමු මෘත කලේබරය සුසාන භුමිය වෙත රැගෙන යාමේ අවසන් හෝරාව එලබී අත. (අ)
රතු රජයක් නොමැති වුවත් දූෂණයට හඬ නැගීමට මේ 6 ප්‍රමාණවත් (අ)
සුදුස්සාට සුදුසු තැන ජවිපෙ දිලා තියෙනවා (ම)
සුබ පැතුම් ! මායාදුන්න මහත්තයෝ, ඔබට ලොකු සේවයක් රටට කරන්න පුළුවන්. ඉතා සතුටුයි (ම)
ජවිපෙත් එක්ක දේශපාලනය පහසු නැහැ. ගොඩක් දේවල් දරාගන්න වෙනවා. කැපකිරීම් කරන්න වෙනවා. එකම අරමුණක එක දිගටම නොසැළී ඉන්න වෙනවා. එකම අරමුණකට යන ගමනේ හැමදෙනා ගැනම සමානව හිතන්න වෙනවා. මේ හැමදේම දරාගෙන මේ ජරාවට පත්වුණු සමාජය වෙනුවෙන් ඔබේ වගකීම නිවැරදිව කරන්නට ශක්තිය දිරිය පතනවා (නි)
පැරදුන අය පාර්ලිමේන්තුවට යනවනම් ජන්දයක් ඕනේ නැහැනේ ? (ම)
මෙම තීරණයට ආචාරය! (නි)