ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයෝ 31 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත්‍රීවරුන් 07 දෙනෙකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඒ අතර වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
දිමුතු අබේකෝන්, ආර්.පී.ඒ රණවීර, එස්. කේ සුබසිංහ සහ අංජාන් උම්මා එලෙස ජනපතිට සහාය දැක්වීමට එකතු වූ හිටපු මන්ත්‍රීවරුය.
( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි කොලා. දැන් ඉතින් හොයාපල්ලකෝ දෙන්න අලුත් ඇමති තනතුරු....
හා හා හොරෙ දැනුණා දැනුණා .... අපි පැන්නේ මොකෝ කියල.... රතු මල්ලිලා හිටපු ගොඩේ .... අමුතු කැත වැඩක් සිදුවූවා ....
රතු චුටි මල්ලිලා ඔහෙලත් ගෙබි න්‍යාය ආදර්ශයට ගත්ත නේද ???? කියනකො බලන්න ඔහෙලත් පැන්නේ පතෝල මැස්ස ශක්තිමත් කරන්නද ???? වැටකොළු වැල් ශක්තිමත් කරන්නද ???
මේ කලින් ගිය අයනෙ
ජනතාවගේ විමුක්තිය කෙසේ වෙතත් තමන්ගේ මඩිය තර වෙනවා නම් කවුරු උනත් මොකද
ජනාධිපතිතුමනි, ඔබේ කාර්යාලයේ ලිපි ශිර්ෂ වලින්, පක්ෂයේ ප්රචාරක වැඩ කිරීමෙන් කරුණාකර වලකින්න. එය ඔබ වැනි කෙනෙකුට ලැජ්ජාවට කරුණක්. ඒ වගේම රටේ බොහෝ දෙනා දන්නා, 2011 වැනි ඈත කාලයක ජවිපෙ හැර ගිය පිරිසක් ජවිපෙ සාමාජිකයන් ලෙස හැඳින්වීම ඊටත් වඩා ලැජ්ජාවට කාරණයක්.
මෙයා ජවිපෙන් ගියේ කොයි කාලේද අප්පා.
කවුරු කාට සහය ලබා දුන්නත් ඔය කාටත් තියෙන්නෙ එක ඡන්දයයි. අරයා කාටද මෙයා කාටද යන්න පුරවැසියන් වෙන අපට අදාල නෑ පුද්ගලයො නොතකා අපි හරිදේ කරමු. අරයා මෙයා වෙනුවෙන් නොවේ රට වෙනුවෙන්
ඔවුන් 2006 ඉදන් ජවිපෙ සාමාජිකයෝ නොවේ.
ගම භාර දෙන්න කියනවා මෙන්න ගම හරහා දුවගෙන ඇවිල්ලා ජනපතිට හේත්තු වෙනවා ලැජ්ජයි
ජනපතිගේ ග්‍රහචාරය 2018 වසරේදී හොඳ වගේ පේන්නේ. ජනපතිටත් තියෙන්නේ මේ ලැබෙන ශක්තියෙන් උපරිම ප්‍රයෝජනය ගෙන ආණ්ඩුව ඇතුලේ සිට (අඟේ ඉඳන් කණ කන) ආණ්ඩුව අපහසුතාවයට පත් කරන හැම දෙනාම කනෙන් අල්ලා දොට්ට දාන්නයි. එසේ නොකලොත් ඒ කට්ටිය ජනාධිපතිට ඒ වැඩේ කරන එක කරනවා මයි.
ජය වේවා...ජනපතිතුමනි!!!!!!!!!!!!
ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවානම් හොඳයි.
ජවිපෙ සියලුදෙනාම ජනපතිතුමා ශක්තිමත් කිරීමට ඉදිරිපත් වීම සතුටුයි. නිදහස් පක්ෂය ශක්තිමත් හොරකම් කරන්නේ නැති වංචා දූෂණ මැරකම් නැති අපේක්ෂකයෝ ඉදිරිපත් කරලා තියෙන්නේ... 2040 වෙනතුරු යහපාලන රජය තියෙනවානේ...
මේ වගේ මුලාවට වැටුණු එක ඛේදනිය තත්වයක්.. මේ අය ජ.වි.පෙ.අය නෙවෙයි...
2015දී දෑත් ශක්තිමත් කළා වෙච්ච දෙයක් නැහැ. දැන් නම් මේවා ජනතාව අැන්දවීමක්..