දියනියන් සිව් දෙනකුගේ මවක වන සුමනා දිසානායක (52) පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රයේ මාළු ඇල්ලීමෙන් හෝ කුලී වැඩ කරමින් දරුපවුල රකින්නීය.
ඇයට ගෙයක් නැත.
වැඩිමහල් දියණියගේ සැමියාගේ ගෙදර නවාතැන් ගෙන සිටී.
කුළී වැඩක් ලැබෙන්නේ කලාතුරකිනි.
‘වැඩ නැතිදාට හාල්, පොල් ලුණු, මිරිස් ගන්න මාළු අල්ලනවා. දරුවන්ටත් කොහොම හරි උගන්වනවා.‘ යැයි සුමනා කියන්නීය.
තිලාපියා කිලෝවක් පොළොන්නරුවේ රුපියල් 250කි.
(ඇයට ස්ථිර ලිපිනයක් නැත. දුරකතන අංකයක් ද නැත.. අපේ පොලොන්නරුව මාධ්‍යවේදී ක.ග කරුණාරත්න මහතාගේ දුරකතනය 071 81 900 18)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි තරම් නම් අප රටේ මෙවැනි දුක් විදින මිනුස්සු ඉන්නවද? . ඇයට හොදින් ජීවත් වීමට වාසනාව ලැබේවා.(නදී)
ඒක ඇත්ත තමයි. (නි)
ඔබට හැකි නම් මොඋන්ව සම්බන්දකලහැකි දුරකථන අංකයක් මා හට දන්වන්න උදව් කිරීමට කැමැත්තෙමි .(ස)
ලිපිනයක් හෝ දුරකථන අංකයක් පළකරන්න. (නි)
මෙවැනි මිනිසුන්ව සොයාගෙන ගිහිල්ලා උදවු කිරීම තමයි ඇමතිවරුන්ගේ නියම ජනතා සේවය කියන්නේ. (නි)
ඔක්කොම 'නැගුම'වල් එක කට්ටියකට විතරනේ (නි)
ලිපිනය හෝ දුකථන අංකය දෙනවද? (නි)
කරුණාකර මේ අයගේ ලිපිනය මට ලැබෙන්න සලස්වන්න .(ස)
ගැණු මාළු අල්ලන එක දියුණු රට වලත් සිද්ද වෙනවා.වැඩේ තියෙන්නේ ලංකාවේ කර්මාන්තයක් නැති කම.අනික ඉහ වහ ගිය පන්ති බෙදේ.ලංකාවේ තාම තැන තියෙන්නේ දොස්තරටයි ඉන්ජිනේරුවටයි.මේ මිනිස්සුන් පහත කරනවා.ඉතින් ගහකට යන්ට වත් මිනිහෙක් නෑ.ලියුම් බෙදන පත්තර බෙදන මනුස්සයට "ස්තුත්යි" කියන්න බැරි මන්නක් කාරයෝ දේශපාලඥයන්ට වැඳ වැඳ යනවා.(ස)
බලධරයින් කරන්න ඕන වැඩ ලංකාදීප එසැණ කරනවා .පින් ලැබේ ඔයාලට.(ස)
දිරිය මව්නි ඔබට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය... ! (ස)
මේ අයට හැකි පමණින් උදව් කරන එක අගය කරමි. නමුත් මේ ප්‍රශ්නය මීට වඩා ගැඹුරුයි. රජය නුවුමනා වියදම් කපා හැර ජීවන වියදම් පහත දැමීමටත්, රටේ ජනතාවට රැකියා අවස්ථා ලැබෙන ව්‍යාපෘතිත් ඇරඹිය යුතුයි. (නි)
තුවාන් සහෝදරයා , මිනිස්සුන්ගේ දුකට හිනාවෙන අය පිස්සෝ.(නදී)
ඔය තියෙන්නේ ආශ්චර්ය. අනේ අර එයාර්පොර්ට් එකට යට කරපු සල්ලි වලින් මේ වගේ මිනිස්සු කී දෙනෙකුට ජිවන මාර්ග හදලා දෙන්න තිබුනද? අනේ මගේ රට කවදා ගොඩ යන්නද? (නි)
අර නැගුම මොන නැගුම තිබ්බත් වැඩක් නැහැ මිස්සුන්ගේ ජීවන නැගුම දියුණු වුණේ නැත්නම් පලක් වෙන එකක් නැහැ. සල්ලි තියෙන අය තවත් පෝසත් වෙනවා. දුප්පතා තවත් ආඝාධයට වැටෙනවා. මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනෑ කවද හරි. එතකල් අපිට ඔයවගේ දේවල් අහන්න දකින්න ලැබේවි. (නි)
අපිට උදවු කළහැකි අයුරුත් ලියන්න. (නි)
කරලා තියන පින් පවු තමයි අපි කාටත් බලපාන්නේ. (නි)
මාලු අල්ලන්න බැහැ නේද බුද්ධාගමට අනුව? (නි)
නරකද අම්මේ තව එක දරුවෙක් හදාගෙන ඔය සේනාව කියන 100,000/- ට උත්සහයක් දුන්නම්. මොකද තව එකී නේ අඩු.(නදී)
රීටා, රට ජාතිය ගොඩ ගන්න නම් ඔයා වගේ අය බලයට පත්වෙන්න ඕන. නියමයි. වැඩක් වෙන විදියේ අදහසක් දාලා තියෙන්නේ.. (ස)
අනේ මට දවසකට හරි ජනාධිපති කෙනෙක් වෙන්න පුලුවන් නම් .... (නි)
තුවාන් , "කොහෙද යන්නේ මල්ලේ පොල්" වගේ.....(ස)
කරුණාකර පරිත්‍යාගයන් කළ හැකි ආකාරය ගැන අපිව දැනුවත් කරන්න. (නි)
ඒක පුද්ගල ආදායම වැඩි වුණාට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙනවද? ආදායම වැඩිවන්නේ දේශපාලඥයින්ගේ.... (නි)
ලිපිනයක් හෝ දුරකථන අංකයක් පළකරන්න. මමත් උදව් කරන්න කැමතියි. පොලිසියෙන් ආවොත් අනවසරෙන් මාළු බානවා කියලා අල්ලාගෙන යාවි. (නි)
බොරු සෝබන වැඩ වලට නාස්ති කරන්න ඕනෑ තරම් සල්ලි තියෙනවා. මේ වගේ එදා වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ. මේ වගේ අසරණ මිනිස්සු හොයලා මූලික අවශ්‍යතාවත් ලබාදෙන වැඩ පිළිවෙලක් කරන්නේ නැතුව, ලෝකෙට පෙනෙන්න සමහරු බොරු සෝබන වැඩ කරනවා. පවු අසරණ මිනිස්සු. (නි)
පරාක්‍රම සමුද්‍රයේ ඔහොම මාළු අල්ලලා ජීවත්වේනවා මම දැක්කමයි. කෝ මේ අයගේ තාත්තා? මාළු අල්ලන වෙන කිසිවෙක් නැහැ. (ස)
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුත්තේ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කිරීමටයි. අද ටික දෙනෙක් සංවර්ධනය බුක්ති වින්දාට වැඩි දෙනෙක් ජීවත් වෙන්න පුදුම දුකක් විදින්නේ. (නි)
ඉස්ලාමයේ මාසයක් නෝම්බි අල්ලන්නේ දුප්පත් මිනිසුන්ගේ දුක හැමෝම විඳින්නටයි. (ස)
බලධාරියනි, ඔන්න තවත් පින් වැඩකට ඔබේ ආධාර දෙන්න අවස්ථාවක්... ඔබේ මනුෂත්වයට අවස්ථාවක්... (නි)
ටුආන්, මාළු නෙමෙයි, බුදු දහමට අනුව ඕනෑම සතෙකුගේ පර පණ නැසීම පාපයක්. (නි)
තුවාන් ලියන්න දෙයක් නැත්නම් කට වහගෙන ඉන්නවා. සාමාන්‍ය දැනුම ඇත්තෙම නැද්ද මෝඩ කථා කියන්නේ.. (ස)
මේ වගේ දේවල් ඕනෑ තරම් රටේ තියේවි. ඉදිරියේදී තවත් වැඩි වේවි. (නි)
මෙතන ඉන්න ගොඩක් අය නැති ප්‍රශ්න ගැන කතා කරනවා. ඕනෑම දෙයක් මනුස්සයෙක් විදියට සිතන්න පුරුදු වෙන්න. (නි)
උදවු කරන එක නම් හොදයි. හැබැයි කවුරුවත් එයාගේ ඇත්ත ජීවිතය ගැන දන්නෙ නැහැ නේද? (නි)
ආසියාවේ ආශ්චර්ය ඉතා ළගයි. ගුවන් යානයක මත්තලින් නැගල ගියොත් විතරයි පෙනෙන්නේ. (ස)
මෙය සිංහලයන්ට හරාම්ය. (නි)
ඔය මෝඩ අදහස් තියෙනකල් රට කවදාවත් ගොඩ ගන්න බැහැ. (නි)
දර්ශන, ඒක පුද්ගල ආදායම කියන්නේ ඉතින් තනි පුද්ගලයෙකුගේ ආදායමට තමයි. හැමෝගෙම නෙමෙයි... (නි)
මීට සමාන මිනිසුන් ඕනෑතරම් ඇත. උදව් කරලත් ඉවරයක් නැති වේවි. සිතන්න කෙසේද මෙය වෙනස් කළ හැක්කේ කියා. මෙය දෙවියන්ට බුදුන්ට කළ හැක්කක් නොවේ. මෙය කළ හැක්කේ ඔබ අපට පමණි. (නි)
අප්පා නැති කලට අම්මා කවර කළ. පව් අහිංසක අම්මයි දරුවෝ ටිකයි.(නදී)
මම කරුණාරත්න ගමගේට කියලා විස්තර අරන් ඵල කරන්නම්.(නදී)
ටුආන්, ඔබ නිකන් බොරුවට ජාතිවාදය අවුස්සන්න හදන්න එපා. (නි)
වයස 52 ලු නේද? එත් ලමයි ගොඩක් පොඩියි. අනිත් එක ලමයි හතරක් ඉන්නවා. මම නම් ප්‍රශ්නය දකින්නේ මේ විදිහට. හැමෝටම ගොඩක් සල්ලි නැත්නම් ළමයි හදන්න කලින් ඒ ලමයි ජීවත් කරන්න පුළුවන් විදිහක් හිතන්න ඕනා. නැත්තන් ගොඩක් ලමයි හදලා ඒ ලමියින්ටත් දුකක් දෙන්න හොඳ නෑ. දැන් ඉතින් වෙලා ඉවරයිනේ. පුළුවන් විදිහට උදව් කරමු. (නදී)
නුවන් ඔයා හිතන විදිහට මේ අම්මගේ වැරදි ඇති, මේ අහිංසක ළමයි වැරදි නෑනේ..මේ ළමින්ට මොනවා හරි උදව්වක් කරන්න පුළුවන් නම් හොදයි. (ස)
ද සිල්වා බෙර්ලින් මහත්තයා, ඔයා කතා කරන්නේ බර්ලින් ගැනද? ඔහේ මේ ලංකාවේ උපන් කොනක්ද? ගමේ ග්‍රාම සේවකට පගාව දීලද රට ගියේ. ඔහේට මනුස්සකමක් කියලා දෙයක් නැහැ. මුල අමතක කරන්න එපා. හැම ග්‍රාම සේවකම නරක නැහැ. ඒ අයටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. (නි)
උඩ පළකරලා තියෙන සමහර අදහස් බලද්දී ඇයි අපි ලංකාවේ ඉපදුනේ කියලත් හිතෙනවා. මේ ගොල්ලෝ කවදා හැදෙයිද දන්නේ නැහැ. මෙහෙම ගිහින් නම් ලංකාව දියුණු කිරීම බොරුවක් (නි)
මේ වගේ මිනිස්සු ලක්ශ ගණනක් ආසියාවේ ආශ්චර්යයමත් රටේ තවමත් ඉන්නවා. දවසින් දවස වැඩි වෙන එක විතරයි වෙන්නෙ. මොන "නැගුම" තිබුනත් දුප්පතුන් වීමේ පාපය සදාකාලිකයි. ඉස්සර නම් දෙමව්පියො ගිඟා කාලා හරි දරුවන්ට උගන්වලා ගොඩ දාපු කාලෙකුත් තිබුනා. ඒත් අවාසනාවක මහත..!! දැන් ඒ කාලෙත් ඉවරයි. දැන් ඉගෙනගන්නත් පුලුවන් සල්ලි තියෙන අයට විතරයි (නි)
බොදු බල සේනාවට උදවු කරන්න බැරිද?(නදී)
අපි මේ මිනිස්සුන්ට උදව් කළ යුතුයි.. (ස)
ලිපිනයක් හෝ දුරකථන අංකයක් පළකරන්න (නි)
අයියෝ සිරිසේන... (ස)
ලොව සිටින ලාංකිකයන් එක තැනකට එක් කරමින් අපේ රටේ නියම සවරුපය මොනවට විදහා දක්වමින් "ඇසෙනින් පුවත්" අපට කරන සේවයට, හද පිරි ප්‍රණාමය සමග , ජාති බේද නොසලකා , දුපතුන්ට අතහිත දෙන සහෝදර ,සහෝදරියන්ටත් යෝද බල යෝද ශක්තිය ලැබේවා!(නදී)
දයාබර සොයුරිය , නගරේ සමහර නෝනලා එක රැයෙන් හොයන මුදලට වඩා ඔබ මසුන් අල්ලා සොයන සොච්චම මහමෙරක් වටී. ඔබටත් දරුවන්ටත් දෙවි පිහිටයි. (ස)
අපි කතා බහ පැත්තක තියලා උදව් කරමු. අපි මීට පෙරත් එසැනින් පළකල දුකට පත්වූවන්ට උදව් කළා නේද ? (නි)
මාලුවෝ අල්ලලා හරි කමක් නැහැ, දරුවන්ගේ දක්ෂකමක් පෙන්නුවොත් අපිත් උදව් කරන්නම්! (නි)
මේ වගේ මිනිස්සු කොච්චර ලංකාවේ ඉන්නවද? පව් අහිංසක මිනිස්සු කහට කෝප්පයක්වත් නැහැ. මේ අයට කීයත්වත් දෙන්න කෙනෙක් නැද්ද? (නදී)
අනේ අම්මේ, සේනාව දැක්කොත් කුණු බිත්තර පාරක් හම්බෙයි..(නදී)
සර්ෆළ් , ඔබේ ප්‍රතිචාරය ඉතාම නින්දිතයි. මෙවන් අශීලාචාර ප්‍රතිචාර ශිලාචාර සමාජයකට නොහොබී. (නි)
ද සිල්වා බෙර්ලින් ,ඔය කියලා තියනවා "නගරබද පගා ගැසීම අඩුයි.ග්‍රාම සේවකලා වැනි රජයේ සුළු නිලධාරීන්ගේ වැරදි. ඔවුන්ට පගාව නොදී කිසිම වැඩක් කරගන්න බැහැ" කියලා. ඔයා ඔය කියන්නේ බෙර්ලින් නගරය ගැනද ? මෙහෙනම් ලොකු ලොකු පුතාලා රෑ තිස්සෙම ඉන්නේ ක්ලබ් වල.කැසිනෝ වල.රැයකට වියදම රුපියල් 50,000 - 100,000. නමුත් තාත්තා සත් ගුණවත්,පගා ගන්නෙම නැහැ. පොඩ්ඩක් ලංකාවට නිවාඩුවකට ඇවිත් බලන්න. ඔබට බුදු සරණයි! (නි)
මේවා මෙසේ වෙද්දී. අපි මෙවැනි පුවත් නිතර අසමු. අලුත් තෙල් ඇමති පිලිගන්ට ලක්ෂ 100, විදුලි බිල ඇතුළු සියලුම දේවල මිල ඉහල යයි, ජාතියන්ත්‍රණ කුමන්ත්‍රණ,එතොනොල්,රෙසින්ග් කාර්,සේනාවේ කුණු බිත්තර,හම්බන්තොට ගුවන්තොට,අගවිනිසුරු ඉවත් කිල නිසා මිනිසුන් කිරි බත් කති...(නදී)
අක්කේ සේනාවට වහන් වෙලා ඕක කරන්න.... (ස)
උදවු කරන එක හොද දෙයක් තමයි. ඒත් අපි කොහොමද මෙච්චර උදවු කරන්නේ? (නි)
අක්කේ සෙනාව ඇහුවොත් කියන්න හලාල් නෙවේ කියල.(ස)
තව දරුවොත් වැඩියෙන් හදන්නයි කියලා අපේ හාමුදුරුවො කියලා තියෙනවානේ. ඒ ගැනත් දෙවරක් සිතා බැලිය යුතුයි. (නි)
ගෑනුන්ට වාහන එලවන්න, බයිසිකල් පදින්න, අනෙක් සියලුම රස්සා ඇතුළුව රට පාලනය කරන්නත් පුළුවන් නම් ධීවර රස්සාව කළහම මොකෝ. එහෙම නෙමෙයි, මේ මිනිස්සු අල්ලන මාලු මාලු විදියටම කන්නේ නැතුව පාලකයෝ වෙන රටවල වගේ ටින් කරන්න, දුම් ගහන්න වගේ අති විශාල කර්මන්තයක් ගොඩ නගන්න. ඒක නොකර මේ වගේ අසරණ මිනිස්සු හීන් නුලෙන් "අසරණ' ලේබලේ යටතේ කාගෙවත් අනුකම්පාව ලබන්න ඉඩ දෙන්න එපා. (නි)
සැම කෙනෙකුම හිතන්න ඕනෑ අපි සියලුදෙනා ටික කාලයක් ජීවත්වෙනවා, අපි හොදට ඉන්නවා වගේ අනිත් අයත් ඉන්න කැමතියි. හැමොටෝම අපිට පුළුවන් විදියට පිහිට වෙන්න ඕනෑ. මම කතෝලිකයෙක්. අපේ ආගමේ කියන්නේ ඔබට ඇදුම් දෙකක් ඇත්නම් එකක් නැති කෙනෙකුට දෙන්න කියලා. මම දැනට පුළුවන් විදියට උදව් කරන කෙනෙක්. බුදු වදන් ඉහල ලෙස පිළිගන්න පුද්ගලයෙක්. "තණ්හාව පොදි ගසා අවසානෙදි අපි මොනවද අරන් යන්නේ" (නි)
රට මොනතරම් දියුණු වුණත් මේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න හැමදාමත් එහෙමමයි (නි)
අනුකම්පාව නොව අත්වැලක් සැපයීමයි අවශ්‍ය වන්නේ. ටිකදෙනෙක් එහෙම කරලා තිබුණා. ඒ අයට පින්! (නි)
මෙවැනි දර්ශන හැමදාම පෙනේවි රටේ නියම සංවර්ධනයක් පටන් ගන්නා තුරු. ජනතාවට බේගල් කියමින් රට අදුරු අගාධයකට ගෙන ගිය එකයි හැමෝම දශක ගණනාවක් කළේ. සම්පත් වලින් අනුන අපේ රට දියුණු කරන්න බැරි අය මෙතරම් සම්පත් නැති රටවල්වල දියුණුව දැක දැකත් රෙදි ඇදගෙන ඉන්නේ කොහොමද? (නි)
ලොකු නෝනලා වගේ හරාම් වැඩ නොකර හලාල් වැඩක් කරලා දරුවන්ගේ කුස පුරවන ඔබ උතුම් මවකි (නි)
මේක තමා කියන්නේ ආශ්චර්යය කියලා.... (නි)
මේ අම්මව අපි ඉතාමත් අගය කළ යුතුයි. එයා අනුන්ට අත නොපා තමන්ගේ වීර්යෙන් මහන්සි වෙලා ලමයින්ව පෝෂණය කරනවා. උතුම්ම් අම්මා කෙනෙක්. අපිට පුළුවන් විදියට උදවු කරමු. අපි මේ දිහා ඉතාම ශීලාචාර විදියට බලමු. (නි)
ලිපිනයක් නැත්නම් කොහෙද ඉන්නේ? ඉන්න තැනක් නැති වෙන්න බැහැනේ. ලොකු දුගේ මහත්තයාගේ ගෙදර නවාතැන් ගෙන ඉන්නේ ගෙදරක් තියෙන නිසානේ. (නි)
මුලින්ම "එසැන පුවත්" මගින් මෙවැනි සංවේදී පුවත් කෙරෙහි කාරුණික අයගේ අවධානය යොමුකරවීම පිළිබඳව "ලංකාදීපයට" පින් දෙන්න ඕන. මා පෙර දිනක සඳහන් කල පරිදි පොදු අරමුදලක් පිහිටුවා ගතහොත් මෙවැන්නන්ට උපකාර කල හැතියි යන්න මාගේ අදහසයි.(නදී)
ඔයාලගේ අදහස් දැක්කම ඇත්තටම දුක හිතෙනවා. ඔයාල ලංකාවේද කියලත් හිතෙනවා. අසරණ මවකගේ දුක දැක්කම ඒක අනවශ්‍ය විදිහට තර්ක විතර්ක ඉදිරිපත් කීරීම දුක විදින තවත් එක මවකට ඔයාල කරන අපහාසයක්. එයිට වැඩිය හොද නැද්ද අර දාල තියෙන නොම්මරේට කතා කරලා එක වේලක් කන්න හරි උදව් කෙරුවොත් මවක් දරුවොත් හදන්න විදින දුක දන්නේ තවත් මවකට ආදරේ කරන දරුවෙක් විතරයි. ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න ඒ මාලු අල්ලන්නේ ඔයාලගේ අම්ම ඔයාලට කන්න දෙන්න කියලා එතෙකොට ඔයාලට ඇස් ඇරෙයි ඉබේටම.(නදී)
කරුණාකර මේ අම්මාගේ දුරකථන අංකයක් පළකරන්න. (නි)
මොවුන් ජීවත් වන බල පෙදෙසට ප්‍රාදේශීය සභා පළාත් සභා හෝ පාර්ලිමේන්තු නියෝජිතයකු හෝ ගොඩක් ඇති. ඔවුන්ට ඔවුන්ගේ පරම යුතුකම මතක් කර දෙන්න ඕනෑද? (නි)
කරුණාකර ඇයගේ බැංකු ගිණුම් අංකයක් හැකි නම් එවන්න. ඇයට මුදලින් උපකාරයක් කිරීමට කැමැත්තෙමි. (ස)
ඔය අම්මට බනින්න එපා ළමයි හැදුවා කියලා. දැන් කාලේ ගැහැණු තමයි ආදායම බලලා ළමයි හදන්නේ, ඔය අම්මට උදව් කරන්න විදියක් ගැන බලන්න. තව ටික දවසකින් ඔක්කොටම ඔහොම වැව් තමයි හොයා ගන්න වෙන්නේ සම්බාධක දාගත්තතම. (නි)
අනේ මේ අසරණ කෙනාට මෝරු , තල්මස්සු වගේ ලොකු ලොකු මාලු ටිකක් අහුවේවා! (නි)
එසැන පුවත් පලකරන ලංකාදීප කතෘ මණ්ඩලයට ගොඩක් පින්. හිතන්න එපා මේ කාන්තාව විතරයි මේ ආකාරයට දුක් විඳින්නේ කියල. තව ගොඩක් කාන්තාවන් අපේ රටේ මේ ආකාරයට දුක් විඳිමින් ඉන්නවා. එවැනි අය සොයා බලා පිහිටක් වීම රටේ මිනිසුන්ගේ යුතුකමක් හා වගකීමක් බව හිතන්න.(නදී)
ටුආන්, මේවට අදහස් දැමීමෙන් ඇති වැඩක් නැහැ අපට. මේ ජාතිය කවදත් දුප්පත්. (නි)
මම නොවැම්බර් නිවාඩු එනවා. මට එයාලගේ ලිපිනය දෙන්න . මට හැකි දෙයක් කරන්නම්. (නි)
දරු තුන්දෙනා විතරක් රකින්නේ හතර වෙනි ළමයා කෝ එතකොට? (නි)
තුවාන්..... ඔයා බුදු දහම හරියට දන්නේ නැහැ.... අපේ ආගමට අනුව මාළු අල්ලන්න බැහැ කියල කොහේවත් සදහන් වෙලා නැහැ.. තමන් කැමැති නම් මාළු අල්ලන්න, හරක් මරනන්.. මිනිසිසු මරන්නත්.. පුළුවන්.. නමුත් කර්මයෙන් ගැලවෙන්න බැහැ. කවදා හෝ පලදෙනවාමයි. මාළු ඇල්ලිම පවක්.. එහෙනම් ඒ පව් නොකරසිටීම බෞද්ධ අපේ වගකීමයි. අපේ ආගමට අනුව පව් සමාකරන්න බැහැ. ඒක නිසා පව් නොකර සිටීමයි කළ යුත්තේ. අපේ ආගමේ නීති නැහැ.(ස)
තුවාන් රැවුල ගිනි අරන් තියෙනකොට සුරුට්ටු පත්තු කරන්න හදනවා. (ස)
තුවාන්, මේ කාන්තාව බුද්ධාගමේ කියලා ඔබ දන්නවාද? ඔබ සහ ඔබේ නෑදෑයන්, යහළුවන් ඔබේ ආගම ඒ විදියටම පිළිපදිනවද? (නි)
මේ අම්ම සිංහල නිසා සේනාව අනතුරක් කරන එකක් නෑ. බය නැතිව මාළු අල්ලන්න.(ස)
මේ මෝඩ වියදම් ටිකට වියදම් කරන ඒවා මේ මිනිස්සුන්ට දුන්නා නම් ඉවරයි. (නි)
ඇති නැති පරතරය කොතරම් තිබෙනවද, දුප්පතා අහර සොයනවා පොහොසත බඩගින්න සොයනවා මුළු විශ්වයේම වෙනස එකයි. (ස)
මුතුකුඩ ඔය කුඩා කියල අපි දන්නවා, කොහින් ගියත් ඔයාලට හාමුදුරුවෝ මතක් වෙනවා නේද? (ස)
මොන වැඩේට ගියත් ආගම ගාව ගන්නවා.. ඇයි මේ මිනුස්සුට හිතන්න බැරි අපි ලාංකිකයෝ කියල. ලාංකිකයෝ විදිහට උදව් කරමු...ආගම භේද ඕන නැ.....(ස)
ඔයා ඔයාගේ වැඩක් බලාගන්න. ඒ ගොල්ලෝ මාලු බාලා හරි ජීවත් වෙන්න එපැයි. නැත්නං ඔයා ද කන්න දෙන්නේ? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.(නදී)
බුදු දහමේ සඳහන් වෙනවා යම් කෙනකුට ඊතලයක් ඇවිත් වැදුනොත්, පළමුවෙන් කලයුත්තේ එම ඊතලය එව්වේ කව්ද? මොකටද එව්වේ? එහි දිග, පළල කොහොමද කියා බැලීම නොව, ලෙඩාට බෙහෙත් කිරීම බව.(ස)
රටේ අස්චාර්ය පේනවා නේද. රටේ සුළු කොටසකට ලම්බෝගිනි කොටසකට තුන්වේල කන්න විදියක් නැහැ. මේවා යහ පාලනයේ ප්‍රතිපල.(නදී)
මේවට ආණ්ඩුවට බනින එක වැරදියි , මේවා ග්‍රාම සේවකලා වැනි රජයේ සුළු නිලධාරීන්ගේ වැරදි. ඔවුන්ට පගාව නොදී කිසිම වැඩක් කරගන්න බැහැ. , නගරබද පගා ගැසීම අඩුයි. නමුත් ගම්බද සේවය කරන ග්‍රාමසේවකල නුගත් දුප්පත් ජනතාව හුරන් කනවා. මේ අසරණ මාතාවට පගාව දෙන්න සල්ලි නැතුව ඇති නැත්නම් පැලක් අටවගන්න ඉඩම්කැබල්ලක් , සමුර්ධියක්වත් ගන්න තිබුනා , ජනාධිපති තුමනි මේ මාතාවට පිහිට වන්න.(නදී)
ලංකාවේ ගැනියෙක් මාලු අල්ලලා ජීවත් වෙන්න සටන් කරනවා කියන්නේ බොහොම කණගාටුවට කරුණක්. රටේ තත්වයේ අසරණ කම මේ දර්ශන වලින් පෙන්නේ.(නදී)
අපේ අහවල් ලේකම්තුමාගේ සහෝදරයාගෙන්වත් සහනයක් ඉල්ලගන්න බලන්න. (නි)
මම ළගදිම ලංකාවට එනවා. ලිපිනය දැන්වුවහොත් මට හැකිවේවි උදවුවක් කරන්න. (නි)
සර්ෆල් ඔය ආගම වාදියෙක් හැමදේටම ආගමට හෝ තවත් අයට පහර ගහන්න හිතන්නෙපා. සංවේදිවන්න ඔළුවෙන් හිට ගන් නැතුව කකුල් දෙකෙන් හිටගෙන බලන්න. (ස)
දුරකථන තියනවා නම් මාළු බාන්න යයිද (ස)
රුවන් මුසාවාදා කියන්න එපා. සංජීවලා රුවන්ලා වාගේ අබෞද්ධයන් නිසා තමයි පාරිශුද්ධ වූ බෞද්ධ දර්ශනවාදයත් අද විකෘතිවෙලා තියෙන්නේ.(ස)
මෙවැනි මිනිසුන්ට උදව් කල යුතුයි.(නදී)
මේවා දකින විට අප කොහිද කියා සිතනවා. රටේ මොන "නැගුම" තිබුනත් ඒ කිසිම දේකට අයිති නැති පිරිසකුත් ඉන්නවා කියලයි මට හිතෙන්නේ. (නදී)
දිරිය මවක්.. (ස)
අපේ රටට තව අඩු මොනවාද (අ)