නිමන්ති රණසිංහ
රජයේ මුදල් ඇමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු වොෂින්ටන් තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දෙවැනි වරටත් විවෘත වරෙන්තු නිකුත් කළාය.
මෙම සැකකරු වෙනුවෙන් අධිකරණයට ඇප තැන්පත් කළ සැකකරුගේ බිරිඳට සහ සහෝදරියකට ද නැවතත් වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය තීරණය කළේය. ඒ අනුව ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහතාගේ බිරිද වූ එච්. ඒ. පියංගනී සහ ඔහුගේ සහෝදරියක වූ දීපිකා කුමුදිණී යන අයටද වරෙන්තු නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවට පැනල ඇති. අර පරණ සැට් එකේ කස්ටියනේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට කීවානම් ගෙන්වල දෙයි