වසර 32කට පසුව ද තම ප‍්‍රශ්නය නොවිසදුණු බව කියමින් ජූලි වර්ජකයන් කොළඹ ඕල්කට් මාවතේ සිට ජනපති මැදුර දෙසට යන්නට ආ නමුත් පොලිසිය මාර්ග බාධක පනවා ගමන වැළැක්වීය.
ටෙලිකොම් මූලස්ථානය අසලින් පනවා තුබු මාර්ග බාධක බිඳගෙන යන්නට ඇතැමෙක් උත්සාහ කළහ.
පොලිසිය සමග ඇති වූ බහින්බස් වීමේදී පොලිසිය වර්ජකයන් එහොට මෙහාට තල්ලූ කැර දැමීය. පොලිසිය තමන්ට පහරදුන් බව වර්ජකයෝ කීහ.
පහර නොදුන් බව පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මේ අය වෙනුවට සේවයට බදවා ගත්ත අයත් මේ වෙනකොට විශ්‍රාම අරගන්නවා ඇති. (ත)
දැන් වර්ජන කරන අයටත් හොද පාඩම්. විශේෂයෙන් විදුලිබල මණ්ඩලේ.(ත)
විදුලි බල මණ්ඩලේ අයත් ගෙදර යවයිද? (නි)
පොලිසියෙ මහත්වරුන්ටත් හිනා මෙයාලගේ වැඩ දැකලා. (නි)
මේ පෙරහැර නිසා අද කොළඹ පාරවල් ඔක්කොම අවහිර වුණා. අද සමහර ළමයින්ට උ.පෙළත් තිබුණා. (නි)
'මහ මගේ මගීන්ට හිරිහැරයක් වූ ජුලි වර්ජකයනට පොලිසියෙන් හිරිහැර' කියලා දැම්මා නම් තමයි හොද. (නි)
ගහලාම දාන්න, හරිම වදේ. (නි)
හොද වැඩේ. (නි)
ඕකනේ කරන්න බැරි
අහංසකයන්ට චණ්ඩිකම් පෙන්වන එකේ වරෙන්තු පහක් හයක් තියෙන අර හොරු ටික ඇල්ලුවා නම් හරිනේ. (නි)
සමහරුන් ජූලි වර්ජකයන්ව අපහාසයට ලක් කරලා ප්‍රතිචාර දාලා තියෙනවා. ඒ වැඩේ වැරදියි. (නි)
මට නම් ජූලි වර්ජකයින් කියන්නේ ලොකු වීරයන් පිරිසක්. (නි)
මට නම් පේන්නේ පොලිස් නිළධාරීන්ගේ හිරිහැරිය වගේ (අ)
"අමිල කටුනායක 2012-08-15 22:18:37 දැන් වර්ජන කරන අයටත් හොද පාඩම්. විශේෂයෙන් විදුලිබල මණ්ඩලේ.(ත) මනුල 2012-08-16 02:38:37 ගහලාම දාන්න, හරිම වදේ. " මෙහෙවූ සත්වයින් ඉන්න රටක ඉපදීම ලැජ්ජාවකි. මානව හිමිකම් ගැන අපෙන් ප්‍රශ්න කරන්න එන රටවල් වලට ගොරවන්නේ මොවුන් වැනි අයද? කටු අනුභව කරන මේ සත්වයින්ගේ සැර දකින විට මොවුන්ගේ මස්කන හාම්පුතුන් තව හොඳයි කියා සිතේ. (නි)
ඔහොම කරලා මදි මේ අහිංසක මිනිස්සුන්ට...!!(නු)
මේකට වගකියන්න ඕන වෙන කෙනෙක්. පොලිසියට කරන්න දෙයක් නැහැ. (නි)
ඇසට කදුලක් ඉනුවා.. මගේ ස්වාමිපුරුෂයාත් මේ කෙනෙක්... නමුත් එයා ඉඩම් උගස් තියලා රට ආවා.. ඒ නිසා අද අපි වෙනත් රටක වැසියෝ වෙලා.. මගේ දරුවො අහනවා ඇයි අපේ මුල් උදුරා දමලා මෙහෙ ආවෙ කියලා.. අද මම මේ පිංතූර පෙන්නුවා.. ඒකට හේතුව..!!(නු)
අවුරුදු 32ක් යනකල් බැරි උනානනම්. මේ වෙනකොට ජනාධිපතිවරු කීදෙනෙක් බිහි උනාද? එහෙනම් කවදත් මෙ වර්ජනය විසදෙන්නේ නැහැ..අත ඇරලා දාන්න.. ඔක්කොම ගෙදරට වෙලා වැඩක් බලාගන්න..!!(නු)
අපේ පොලිසියෙ මාමලාව ඊළඟ පාර ඔලිම්පික් යැව්වොත් ගහගන්න තරග ඔක්කොගෙම කප් ටික ලන්කාවෙ තමයි ...!!(නු)
මේගොල්ලන්ව මේකට ඇදලා දාපු අය අද ලොකු තැන්වල ඉන්නවා.. ඒත් මේ අය තාම දුක් විදිනවා.. ඔන්න ඕක තමයි කියන්නේ ලංකාවෙ දේශපාලනය....!!(නු)
ලංකාවේ දේශපාලකයන් ගැ විශ්වාසයක් නොතබමු.. (නු)
වර්ජනය කරලා රුකියාව අහිමි කරගත්තාම ආණ්ඩුව වග කියන්න ඕනද? දණගස්සලා තියන්න තිබුණෙ..!!(නු)
මොනවා උනත් මේ අපේ අහිංසක නැති බැරි මිනිස්සු.. මේ අයට පුළුවං ජනාධිපතිතුමා මුණ ගැහිලා ඕක විසදගනන්.. මට පේන විදිහටනම් මේ ගොල්ලන්ව කවුරුහරි මේ අවස්ථාවෙ පොළඹවාගෙන වගෙයි..!!(නු)
අනේ පිස්සු පොලිස්. නිල ඇදුම ගැළෙවුවහම නිකන් අර කවුද වගේ. (නි)
මේ ජූලි වර්ජකයින් කියන්නේ 80 කිසියම් ඉල්ලිමකට අරගලයක නිරත වුණු, එහෙත් ඒ අරගලය නිසා සේවයෙන් පහ කරපු අසරණ කොට්ටාශයක්.මේ අයගේ හිගයට ඒ කාලේ උ.පෙළ සමත් වුණ අයගෙන් පුරප්පාඩු පුරවනු ලැබුවා. කෙසේ වෙතත් මේ අවධානය යොමු විය යුතු අහිංසක මිනිසුන් කොට්ඨාශයකි. රජය විසින් මේ අයගේ අර්ථසාධක මුදලවත් අඩුම තරමේ ලබා දිය යුතු නොවේද? (නි)
මම දන්න විදියට ජූලි වර්ජකයින් යනු ඉතා අසරණ පිරිසක්. බොහොමයක් දැන් ජීවතුන් අතරත් නැහැ. මොවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. (නි)
පෙළපාලි ගියයි කියලා දැන් හැමදේම විසදෙයිද? (නි)
ගහෙන් වැටිලා අත පය ඔක්කොම කැඩිලා ඉන්න මිනිහෙකුට ගොනා ඇන්නාටත් වැඩිය අන්තයි නේද? (නි)
වසර 32ක් ගතවෙලත් මේ මිනිසුන් තාමත් එහෙමමයි. (නි)
ඕකටත් අපේ අහවල් ඇමතිතුමාට අත දාන්න කියන්නකො.කොහොම හරි විසදුමක් දේවි. (නි)
අවුරුදු 32 නම් ගොඩක් කට්ටිය මැරිලත් ඇති...(ස)
පහුවදාම සල්ලි ටිකක් හොයාගෙන ගෙදරම පොඩියට කඩයක් දාගත්තානම් අද පෙළපාලි යන්න වෙන්නේ නෑ. තව වසර 32කට පසුවත් ඔය ටිකමයි! (ත)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. ඒ නිසා කලු ගලේ ඔලුව ගහගන්නේ නැතුව ඉන්න. (නි)
දේශපාලකයන් ගැන විශ්වාසය තියන්න එපා. (නි)
අනේ අපොයි, ඔය මහ ඇත්තො බලේට ආවෙත් ඔය වර්සකයන්ගෙ කරේ නැගලා නොවැ.දැන් බලාගෙන ගියාම ජේ.ආර් උන්නැහේ කරපු දේ හරිද මන්දා.නැත්නම් තමන්ගෙම අයගෙනුත් ගුටි කන්නෙ. (ස)
මේ අය මේ විදියට ඉන්න තරමට හොදයි. (නි)
කරුණාකරලා අපේ රටට තවත් හිසරදයක් නොවී ඉන්න බලන්න. (නි)
පොලිසියට කාගෙන්ද කරදර නැත්තේ? (නි)
පොලිසියෙන් කාටද හිරි හැර නැත්තේ (දී)
අනේ අම්මේ,තාත්තේ,ඔයගොල්ලො නේද බලයට පත් කළේ ? අපිටත් දුකයි. මොනවා කරන්නද? අපේ කරපිටින් ගිහිල්ලා රජ වුණානේ. (නි)
අයියෝ අන්කල්ලා වයසේ හැටියටද මේ හැසිරෙන්නේ? (නි)
මගේ තාත්ත ජුලි වර්ජකයෙක්, අවුරුදු ගානක් ඔය සංවිධානේ කෑ ගැසුවා. ඒත් අද වෙනකම් කිසිම රජයකින් නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. එදා සිටම ස්වයං රැකියාවකින් අපිව ජීවත් කළා. පිළිතුරු බලා සිටියා නම් අපි මැරීච්ච තැන්වල ගසුත් නැහැ. අද මේ මිනිසුන්ගෙන් බාගයක්ම මියගිහින්,අනෙක් සියළු දෙනාම වයසට ගිහින්. තවම එයාල බලාපොරොත්තු තියාගෙන ඉන්නේ සාධාරන විසදුමක්. එදා මෙන් අදත් මේ මිනිසුන් ඔය පොලිස් පහර කෑමට ලක්වෙනවා. ඉදිරියටත් ඕකම තමා ලැබෙන විසදුම. (නි)
අනේ, වයසක මිනිස්සුන්ටත් ගහනවද? (නි)
අපේ දෙමවුපියන්ගේ වයසේ කට්ටිය නේද මේ? ඔවුන් ගැන හොයන්න බලන්න කවුරුවත් නැහැ. (නි)
මේ ජූලි වර්ජකයින් මේ ආණ්ඩුව ගැන ගොඩක් විශ්වාසය තබලා හ් වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. (නි)
එදා ජූලි වර්ජනයට නායකත්වය දුන් නායකයන් අද කොහේද? (නි)
අනේ අන්කල්, දැන් අවුරුදු 32ක්ම ගිය එකේ ඉතුරු ටිකත් ඔන්න ඔහේ යන්. (නි)
රජයේ සේවය වෙනුවෙන් ඩහදිය කඳුළු හෙලූ මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එදා කිසියම් සාධාරණ ඉල්ලීමක් දිනාගැනීම වෙනුවෙන් මහා වැඩ වර්ජනයකට සහභාගී වුණා. එවකට පැවැති රජය මෙම වර්ජනය මැඩ පැවැත්වීම සඳහා ගත් දැඩි ක්‍රියාමාර්ගය හේතුවෙන් මොවුන් රැකියා අතහැරගිය අය ලෙස සළකා ඉවත් කරනු ලැබුවා. රජය ගත් එම ක්‍රියාමාර්ගය දරුණු වැඩිවූවා මෙන්ම හයෙන් පහක බලයක් තිබූ ප්‍රබල රජයකට අභියෝග කරන විට වැඩ වර්ජනයකට මෙහා වූ කිසියම් එකඟතාවයකට ඒමට කටයුතු යොදා ගත්තේ නම් මෙම පුවත අද අසන්නට නොලැබෙනු ඇත. එදා මෙම අය වැඩ වර්ජනයට මෙහෙයවූ ඇතැම් වෘත්තීය සමිති නායකයින් පසු කළෙක දේශපාලනයට පිවිස පසු රජයන්වල මැති ඇමැති පදවි දැරුවද, තමන් සමග එදා කටයුතු කළ සටන් සගයන් කෙරෙහි යම් සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කළේ නැත. එසේ වුවද ජූලි වර්ජකයන් කෙරෙහි සාධාරණය ඉටු කිරීමට සිය දායකත්වය ලබාදුන් මැති ඇමැතින්ද නැතුවා නොවේ. ඇතැම් අවස්ථාවලදී රජයේ චක්‍රලේඛ මගින් යම් යම් සහනයන් මොවුන් වෙත ලබා දී තිබුණද, වසර 32ක් පුරාවට ඔවුන් හෙලූ සුසුම් වෙනුවෙන්ද, අසරණවූ සහ මියගිය අයගේ යැපෙන්නන් වෙනුවෙන්ද එම සහනයන් ප්‍රමාණවත් නොවන බැවින් මෙම අයගේ ඉල්ලීම් සළකා බැලීම වටී. (නි)
අයියෝ සල්ලි
එන්න එන්න ... එකතු වෙලා ජේ. ආර්. ට බනිමු.. අවුරුදු තිස් ගානකට පස්සෙත් මේ දවස් වල සිදුවෙන හැම වැඩකටම වගකියන්න වෙලා තියෙන්නේ එයා හදපු ව්‍යවස්තාවටයි විවෘත්ත ආර්ථිකෙටයිනේ..
දැන් මොන පෙළපාලිද? පිනක් දහමක් කරගෙන ඉන්න සීයේ. (ත)