IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජල බිල ඉහළට

(කේ. බුද්ධික කුමාරසිරි)

ජල බිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය.

එම මිල ගණන් ඉහල දැමීමට අදාල ගැසැට්ටුව අද රාත්‍රි මුද්‍රණය සදහා යොමු කල බවත් ඇය පැවසුවාය.

ඒ අනුව සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ගෘහ ඒකක වෙත ලබා දෙන ජලය වෙනුවෙන් අය කෙරෙන ගාස්තු ඉහල දැමීමක් සිදු නොවන බවත් අනෙකුත් කාණ්ඩ සදහා ජලය පාවිච්චි කරනු ලබන ජල ප්‍රමාණය අනුව අවම සියයට තිහක සිට ඉහලට ජල ගාස්තු ඉහල යාමට නියමිත බවත් එය සමස්තයක් ලෙස (Avarage) සියයට පණහකට ආසන්න වන බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය.

එබැවින් අද (03) දින සිට නව ගාස්තු වලට අදාලව බිල්පත් අය කිරීමට සූදානම් වන ලෙස ජල බිල්පත් බෙදා හරින ආදායම් සහකාරවරැන්ට දැනුම් දී ඇතැයි ද ජලසම්පාදන මණ්ඩලයේ උසස් නිළධාරියෙකු පැවසීය.

 

 

 



අදහස් (13)

ජල බිල ඉහළට

Asanga Thursday, 03 August 2023 06:51 AM

අන්තිමට ඒකත් කරා.ජයවේවා

:       0       0

C.K.Lankaputhra Thursday, 03 August 2023 07:18 AM

මහ රජ තුමනි, රට දියුණු කරල ජහමනයාගෙ සියලු ප්‍රශ්න විසදලා ඔබතුමන්ලාගෙ ප්‍රශ්නත් මනාව විසදාගත්ත එක කොයි තරං ලොකු දෙයක්ද. ඔබ වහන්සේට ජයවේවා .

:       1       8

Nimal Thursday, 03 August 2023 07:33 AM

මේ 30% කුමක්දැයි නියත වශයෙන්ම දැනගැනීමට අපට නව ගාස්තු ක්‍රමය ප්‍රකාශයට පත් කරන තුරු සිටින්න වෙයි

:       0       2

සමන්Thursday, 03 August 2023 12:55 PM

50% කිව්වට 100%කින් පමණ බිල්පත් වැඩිවෙලා...

:       0       0

sanka Thursday, 03 August 2023 07:44 AM

මිනිසුන්ගේ වැටුප වැඩිවීමක් නැතිව ජල බිල්පත් වැඩිවේ. දරන්න බෑ ....ජිවත්වෙන්න සරිලන වැටුපක් වැඩිකරපියව්. තියන්න කියාපියව් ජන්දයක්

:       1       10

සෞභාග්‍යයෙන් රට පෙරට Thursday, 03 August 2023 07:47 AM

මෙම තීරණය ඉතාමත් වැරදියි ඇමතිවරයා තීරණයක් ගැනීමට තරම් මුහුකුරා නොගිය පුද්ගලයෙක් නිසා ජල මණ්ඩලය කියනදේ අනුමත කරන්න ඇති .මෙහිදී පාසැල් සදහාත් ආගමික ස්ථාන සදහාත් අසීමිත ලෙසට ගාස්තු වැඩිකර තියෙනවා එයට සෑම පුරවැසියෙක්ම විරුද්ධ වෙන්න ඕන රාජ්‍ය ආයතන සදහා වැඩිකරනවා කියන්නෙ එක් සාක්කුවක තියෙන දෙයක් අනෙක් සාක්කුවට දැම්මා වගේ වැඩක් තමයි රටේ කරන්න තියෙන වැඩකටයුතු නොකර එහෙට් මෙහෙට මුදල් මාරුකිරීමන් කොහොමද රටක් හදන්නෙ.මගේ දරුවෙක් දැනට පාසල් නොගියත් පාසල් වෙනුවෙන් ගාස්තු වැඩිකිරීම හෙලා දකිනවා

:       1       7

සල්ලි Thursday, 03 August 2023 07:50 AM

පහුගිය දිනෙක ජල ව්‍යාපෘතියක් විවුර්ත ක ලා. ඒකේ හිටියා අතිගරු සෙට් එකක්ම. ලස්සනට පොටෝ දාලා තිබුනා එයාලා ගේ ගෙදරින් සල්ලි ගෙනත් කරපූ ගානට . සාමාන්‍යාධිකාරී පේන්නවත් හිටියේ නෑ. ඒත් ජල බිල වැඩි කරද්දී අතිගරු සෙට් එකම වාශ්ප වෙලා. ලකුණු කැපෙන නිසා . ඔන්න ඔහොම තමා දේශපාලන මාෆියාව රටම අන්දන්නේ.

:       0       8

බයියා Thursday, 03 August 2023 08:04 AM

ඔන්න රනිල් අප්පචි JVP කාරයොන්ට විතරක් වතුරබිල වැඩි කරලා , දැන් ඉතින් එකත් කාගෙන්හරි ණයක් අරන් ගෙවල සුපුරුදු විදිහට කඩේ යමු

:       1       14

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 August 2023 09:03 AM

වාතය ජලය ආදී දේ පොදු මිනිසාගේ අවශ්‍යතාව සපුරා ගැනීමට ස්වභාව ධර්මයෙන් ලැබෙන දායාදයන්.නිකං ලැබෙන වතුර ටික පිරිසිඳු කොට බෙදාහැරීමට වැය වන්නේ මූලික වියදමක් පමණයි.මිනිසාට අයිති ජල සම්පත මෙසේ ලීටර් ගානට අධික මිලකට අලෙවි කිරීම මහා කැත වැඩක්.බුරුතු පිටින් සේවකයන් සිටින ජල සම්පාදන මණ්ඩලය තම නාස්තිකාර වියදම් පියවා ගැනීමට මෙසේ ජල බිල වැඩි කිරීම ගැන පිළිකුලෙන් යුතුව අප්‍රසාදය පළ කරමු.ඇතැම් ජල මීටර ගෙවීගොස් අබලන්වී ඇතත් ඒවා කලට වේලාවට නඩත්තුවක් කරන්නේ නැත. ජල සම්පාදන මණ්ඩලය ද මේ රටේ ජනතාව ගසා කන ආයතනයක් බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.

:       2       12

wije Thursday, 03 August 2023 09:23 AM

මහජනයාට අබසරණයි .කෝ මේ වජිර උන්නැහේ ,රනිල් රට ගොඩ දැම්මා කීවා .දැන් සැපද පුතේ

:       0       11

namal Thursday, 03 August 2023 09:41 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       16

wijeThursday, 03 August 2023 01:06 PM

නියම කමෙන්ටුව පුතා...

:       0       0

namal Thursday, 03 August 2023 10:02 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 451 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site