IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජර්මන් අම්මා මාතර ඇවිත් වසර 11යි

2004 වසරේ සුනාමියෙන් විපතට පත් ජනතාවට උදව් කිරීමට මෙරටට පැමිණි ජර්මනියේ නෝවිඩ්- මාතර මිත්‍රත්ව සංගමයේ උප සභාපතිනී එඩල්රඩ් පින්ගර් මහත්මිය අද මාතර නගරයේ පාසල් රැසක දරු දැරියනට මවක්වී ඇත.

ඇය මාතර රාහුල, සුජාතා, අනුර විද්‍යාලයන්ට හා මන්තින්ද පිරිවෙනේ දරු දැරියන් සඳහා එම පාසල්වලට භෞතික සම්පත් රැසක් ලබාදී ඇත.

රාහුල විද්‍යාලයට අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, සිසුන් 80කට ප්‍රමාණවත් තෙමහල් නේවාසිකාගාරයක් ද සුජාතා විදුහලේ සිසුවියන් 48කට ප්‍රමාණවත් දෙමහල් නේවාසිකාගාරයක්ද පරිත්‍යාග කර ඇත.

අනුර විදුහලට ගෘහ විද්‍යාගාරයක්, රසායනාගාරයක්, භාෂාගාරයක්, විද්‍යාගාරයක් හා පන්ති කාමර තුනක් සහිතව නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දුන්නාය.

එම පාසල්වල ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා ඇති පාසල් දරු දැරියන් විසි දෙනකුට පමණ මාසයකට රුපියල් 2500 බැගින් ශිෂ්‍යාධාරයක් ද දෙන්නීය. ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටද උදව් කරන්නීය.

පින්ගර් මහත්මිය 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට උදව් කිරීමට පැමිණෙන්නේ ජර්මනියේ පදිංචි සාගර අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුවය. ඔහු මාතර රාහුල විදුහලේ ආදි සිසුවෙකි.

ඇගේ සේවාවන් පිළිබඳව www.tsunami-kinder-matara.de වෙබ් අඩවියෙන් දැක ගත හැකිය.

1 2 3 4 5 7 P1050514 SAM_4378 SAM_4379 SAM_4380 SAM_4386

Mr.-Jayaruk



අදහස් (0)

ජර්මන් අම්මා මාතර ඇවිත් වසර 11යි

ටෙනිසන් Wednesday, 21 January 2015 01:26 AM

ඇති හැකි සෑම දෙනෙකුම මෙලෙස සංවේදී වෙනවා නම් මේ ලෝකය මොනතරම් ලස්සන වෙයිද? (නි)

:       0       0

නලින්ද Wednesday, 21 January 2015 08:16 AM

මම වෙබ් එක බැලුවා. මැතිණියනි ඔබට මේ පිණෙන් නිවනට හෝ ඹබ අදහන ආගමේ උතුම්ම තැනට පැමි‍ණෙන්න ලැබේවා. (අ)

:       0       0

විජේවික්‍රම Wednesday, 21 January 2015 01:58 AM

පින් සිද්ධවෙන වැඩ ගොඩක්. (නි)

:       0       0

රජිව් Wednesday, 21 January 2015 05:57 PM

අතිඋතුම් කාර්යයක්. ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

දූෂර Tuesday, 20 January 2015 01:40 PM

අප කාගේත් සැබෑ අම්මා කෙනෙක්. අති උතුම් කාර්යයක් කර තිබෙන්නේ. අපේ රටේ පාලකයෝ ගසාකනකොට මේ වගේ අය පිටරටින් ඇවිල්ලා උදවු කරනවා (නි)

:       0       0

ධූෂර Tuesday, 20 January 2015 01:44 PM

මෙහෙවු රටේ විදේශිකයෝ මෙහෙම දේවල් කරන එක ගැන මට හරිම සතුටුයි (නි)

:       0       0

ඩිලාන් Tuesday, 20 January 2015 01:48 PM

සාදු සාදු සාදු!!! මේ කළ පිනෙන් මතු කවදා හෝ උතුම් වූ නිවනම ලැබීමට ඇයට හේතු වාසනා වේවා! (නි)

:       0       0

චතුර Tuesday, 20 January 2015 01:52 PM

හරිම සතුටක් දැනුනා.ඇසට කදුළු ආවා සන්තෝෂයට. ඔබට නිරෝගී සුව. (නි)

:       0       0

භානු Wednesday, 21 January 2015 03:16 AM

මෙතුමියට නිරෝගී දිගාසිරි පතමි. සසරේ කවදාවත් ගෙවල් දොරවල්, දැන උගත්කම් වලින් අඩුවක් වෙන්නේ නැති බව විශ්වාසයි. (නදී)

:       0       0

ලසිත් Wednesday, 21 January 2015 03:18 AM

මේ මහත්මියට බොහොම පින් (නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 21 January 2015 03:29 AM

අපේ දේශපාලන නායකයන් බොහෝවිට රඟපානවා. ඒත් බලන්න මේ සුදු ජාතිකයින් දෙස.ඔවුන් කොතරම් නිහතමානීද? අපිට හැකිද එවැනි මනසක් සාදාගන්න? (නි)

:       0       0

කලීල් බංඩාරවෙල Wednesday, 21 January 2015 10:16 AM

ඔබට වැඩි වැඩියෙන් ලැබේවා (නදී)

:       0       0

සලීත් Wednesday, 21 January 2015 03:32 AM

ඔබ නියම මවක්. ඔබ අාදර්ශමත් කාන්තාවක්. උතුම් ගතිගුණ වලින් පිරිපුන් ඔබව සියලු කරදරවලින් අරක්ෂාකර දෙන ලෙස මම දෙවියන්ගෙන් ඉල්ලනවා(නදී)

:       0       0

අසිත චාමර Wednesday, 21 January 2015 03:34 AM

ඔයාල මේකේ කමෙන්ට්ස් සිංහලෙන් දාන්නේ කොහොමද ? (නදී)

:       0       0

දොන් Tuesday, 20 January 2015 02:28 PM

ඔබට දෙවි රැකවරණයි! (නි)

:       0       0

මංජුල ඇමරිකාව Wednesday, 21 January 2015 03:46 AM

බුදුන්ගේ සරණයි ඔබ තුමියට (නදී)

:       0       0

කේ. සිරි Tuesday, 20 January 2015 03:01 PM

පින් ඇති මාතාවක්. මේ පින් ඔබේ සංසාර විමුක්තිය පිණිසම වේවා (නදී)

:       0       0

සෑම් Tuesday, 20 January 2015 03:07 PM

හරිම සතුටු දනවන දෙයක්. අපි එතුමියට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් පතනවා. ඉතාමත් සතුටින් එතුමිය සමාජ සේවාවෙහි යෙදෙන බව පෙනෙනවා. එතුමියට තෙරුවන් සරණ පතනවා. අවංකව එතුමියගේ සේවාවට උදව් කරන්න. (නදී)

:       0       0

සරත් Wednesday, 21 January 2015 04:03 AM

මේවා අපේ දේශපාලකයින්ට මහඟු ආදර්ශයක්. ජර්මනියට ගියාම තේරෙනවා එම රටේ මිනිස්සු පරිසරයට,ගහකොළ වලට වගේම මිනිස් ජීවිත වලට දක්වන ලෙන්ගතුකම. අපේ මිනිස්සු ජාති ආගම් වගේ වැඩකට නැති දේවල් පස්සේ ගිහින් රට ප්‍රපාතයට ගෙනයන්න මෝඩ දේශපාලකයින්ට හවුල්වෙන එක දැන්වත් නතර කළයුතුයි (නි)

:       0       0

නදීෂා Wednesday, 21 January 2015 04:16 AM

මෙන්න නියම දෙවිවරු. පුලුවන් නම් මේ වගේ මිනිසුන් අදහන්න. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 21 January 2015 04:25 AM

ඔබට දෙවි රැකවරණයි! (නි)

:       0       0

ක්‍රිෂාන් මධුෂංක Thursday, 22 January 2015 09:15 AM

අපි අපේම රටේ මිනිස්සු එක්ක සිංහල දෙමළ මුස්ලිම් විදිහට බෙදිලා කුළල් කා ගන්නකොට, නොදන්නා රටක නොදන්නා ජාතියක නොදන්නා මිනිසුන් පිරිසකට තමා උපරිමයෙන් සේවය කළ මේ කාන්තාව අපි අගය කළ යුතුයි. (දිල්)

:       0       0

මහේෂ්‍ Tuesday, 20 January 2015 03:41 PM

මිහිපිට සිටින සැබෑ දෙවියන් මොවුන්ය (නි)

:       0       0

සමරේ Tuesday, 20 January 2015 05:00 PM

අපි තවම කුළල් කාගන්නවා (නි)

:       0       0

ජගත් Tuesday, 20 January 2015 05:05 PM

ඔබ නියම මවක්. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

සමන් Thursday, 22 January 2015 10:18 AM

ඔබ තුමිය වැනි කාන්තාවන් අපේ රටේ දේශපාලනයට එනවා නම් උඩින් දිනනවා. ඔබ තුමිය අපේ දේශපාලනය කරන හොර ගැහැනුන්ට ආදර්ශයක් වේවා. ඔබ තුමියට සම්මා සම්බුදු සරණයි.(නදී)

:       0       0

නුවන් Tuesday, 20 January 2015 05:16 PM

මෙන්න නියම සුද්දෝ! (නදී)

:       0       0

විද්‍යා Tuesday, 20 January 2015 05:59 PM

මෙතේ බුදුන් දකිනා මව්තුමියක්. (නි)

:       0       0

විජිත Wednesday, 21 January 2015 05:46 AM

ඔබ තුමියට දළදා සමිඳු පිහිට පතමි. (අ)

:       0       0

රණසිංහ Tuesday, 20 January 2015 06:03 PM

ඔබට යහපතක්ම වේවා! සුබ පැතුම්! (නි)

:       0       0

හිරන්ත Tuesday, 20 January 2015 06:44 PM

ශ්‍රී ලංකාවට ඇවිත් යන්න නවතින්න හිතන්න එපා. ඔබලාගේ රටවල් කොච්චර සර්ව සාදාරන ද, මගේ රට පාට, පාට වලින් මිනිස්සු බෙදිලා, ආගම වලින් මිනිස්සු බෙදිලා,ජාති වලින් මිනිස්සු බෙදිලා, අඩුවක් නැතුව ආණ්ඩුවේ ලොකු පුටුවේ ඉඳල පොඩි පුටුවේ ඉන්න අය වැඩ පටන් ගන්නේ පන්සල් ගිහිල්ලා. අනේ කරුමෙක මහත දන්නේ මේ රටේ ජීවත් වෙන අය පමණයි. දේශපාලනය කරන කව්රු උනත් කාල බීලා සුර සැප විඳිනවා. හැම කෙනාම එන්නේ රටට සේවය කරන්නලු. එ්ත් අපි තවමත් අඳුරේ. හැම කෙනාම බලන්නේ කොහේ හරි රටකට පනින්න. මන්ත්‍රීවරු පැරදුනාම හොරෙන්ම යනවා. එයාලටත් මේ රටේ සුරක්ෂිත බවක් නැහැ. අපිට මොන කතාද අාවට කමක් නැහැ. නවතින්න හිතන්න එපා. මේක ගඳ ගහන රටක්. මේ දවස් වල එකිනෙකා මරා ගන්නවා. මම දන්නා තරමට අපේ රටේ ජනාදිපතිවරු 5 ක් හිටියා. එ්ත් වෙච්ච සෙතක් නැහැ. දුප්පත් එකා හැමදාම දුප්පත් (නදී)

:       0       0

පතිරණ කපිල Wednesday, 21 January 2015 01:32 PM

උතුම් මනුසත්වයට දෙවියන්ගේ පිහිට ලැබේවා.! (ර)

:       0       0

රූපවතී Tuesday, 20 January 2015 07:19 PM

බලන්න ඒ මිනිසුන් තම දහදිය මහන්සියෙන් උපයාගත් දේ කොපමණ සැහැල්ලුවකින් අසරණ මිනිසුන්ගේ දුකට සහ අසරණයාගේ සුභසිද්ධිය සඳහා වැයකරනවාද කියලා. අපේ රටේ නොමැරෙන මිනිසුන් වගේ අනෙකා මරාගෙන රෑ එළිවෙනකොට පොහොසතෙක් වෙන්න හදන මිනිසුනේ, දෑස හැර බලනු මිනිසත්කම යනු කොපමණ සිත්ඇදගන්නා සුළු දැකුම්කළු සුවඳ විහිදුවන සිතුවමක්දැයි කියා....!!!! මේ ලිපිය කියවීමෙන් මගේ සිතටද ලොකූ භක්තියක් ඒ උතුම් කාන්තාව වෙනුවෙන් ඇතිවුණා වගේම සිතටද සැහැල්ලුවක් දැනුනා. ඇය කරනා සත්ක්‍රියාවට ඇයට නිරෝගී සුව සමඟින් දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ...!!!! (නි)

:       0       0

ලක්ෂිත - පැරිසිය Tuesday, 20 January 2015 07:46 PM

මට හරිම සතුටුයි (නි)

:       0       0

අනුර Tuesday, 20 January 2015 07:47 PM

රාහුල මගේ පාසැල ඔබ තුමියට දීර්ගායුෂ පතමි. සාගර මහතාද අමතක නොවේ (නදී)

:       0       0

පාලිත Wednesday, 21 January 2015 06:36 AM

සසර වසනා තුරු මෙපින් බලෙන් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා. (නදී)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 20 January 2015 08:36 PM

ලංකාවට අවශ්‍ය වන්නේ මේ වගේ අවංක ආධාරයි (නි)

:       0       0

සුනිල් Tuesday, 20 January 2015 08:49 PM

පිටරට සිටින ලංකාවේ අයට වඩා කොච්චර හොදද ? (නදී)

:       0       0

පද්මා Thursday, 22 January 2015 04:09 AM

ඇත්තටම මෙවන් මිනිස්කම් ඇත්තේ කීයෙන් කීදෙනාටද ....? (නි)

:       0       0

අශාන් මාපලගම Friday, 23 January 2015 03:28 PM

සුද්දෝ අපට වඩා හොද නැහැ. මේක ලස්සන රටක්. හදවතින් ලස්සන මිනිස්සු නැති කමයි ගැටලුව. එ්කයි රටක් විදිහට අපි හැමදාම එකම තැන. ඔබ තුමියට දළදා සමිඳු පිහිටයි. (නදී)

:       0       0

ෂාන් Wednesday, 21 January 2015 07:18 AM

මහින්ද රාජපක්ෂට හම්බ වුනේ නැති එක හොදයි. නැත්නම් මිලියන 75 වගේ එයාගේ එකවුන්ට් එකට දා ගනීවි ඒ සල්ලි ටිකත්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site