2004 වසරේ සුනාමියෙන් විපතට පත් ජනතාවට උදව් කිරීමට මෙරටට පැමිණි ජර්මනියේ නෝවිඩ්- මාතර මිත්‍රත්ව සංගමයේ උප සභාපතිනී එඩල්රඩ් පින්ගර් මහත්මිය අද මාතර නගරයේ පාසල් රැසක දරු දැරියනට මවක්වී ඇත.
ඇය මාතර රාහුල, සුජාතා, අනුර විද්‍යාලයන්ට හා මන්තින්ද පිරිවෙනේ දරු දැරියන් සඳහා එම පාසල්වලට භෞතික සම්පත් රැසක් ලබාදී ඇත.
රාහුල විද්‍යාලයට අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, සිසුන් 80කට ප්‍රමාණවත් තෙමහල් නේවාසිකාගාරයක් ද සුජාතා විදුහලේ සිසුවියන් 48කට ප්‍රමාණවත් දෙමහල් නේවාසිකාගාරයක්ද පරිත්‍යාග කර ඇත.
අනුර විදුහලට ගෘහ විද්‍යාගාරයක්, රසායනාගාරයක්, භාෂාගාරයක්, විද්‍යාගාරයක් හා පන්ති කාමර තුනක් සහිතව නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දුන්නාය.
එම පාසල්වල ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා ඇති පාසල් දරු දැරියන් විසි දෙනකුට පමණ මාසයකට රුපියල් 2500 බැගින් ශිෂ්‍යාධාරයක් ද දෙන්නීය. ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටද උදව් කරන්නීය.
පින්ගර් මහත්මිය 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට උදව් කිරීමට පැමිණෙන්නේ ජර්මනියේ පදිංචි සාගර අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුවය. ඔහු මාතර රාහුල විදුහලේ ආදි සිසුවෙකි.
ඇගේ සේවාවන් පිළිබඳව www.tsunami-kinder-matara.de වෙබ් අඩවියෙන් දැක ගත හැකිය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති හැකි සෑම දෙනෙකුම මෙලෙස සංවේදී වෙනවා නම් මේ ලෝකය මොනතරම් ලස්සන වෙයිද? (නි)
මම වෙබ් එක බැලුවා. මැතිණියනි ඔබට මේ පිණෙන් නිවනට හෝ ඹබ අදහන ආගමේ උතුම්ම තැනට පැමිණෙන්න ලැබේවා. (අ)
පින් සිද්ධවෙන වැඩ ගොඩක්. (නි)
අතිඋතුම් කාර්යයක්. ඔබට දෙවි පිහිටයි! (නි)
අප කාගේත් සැබෑ අම්මා කෙනෙක්. අති උතුම් කාර්යයක් කර තිබෙන්නේ. අපේ රටේ පාලකයෝ ගසාකනකොට මේ වගේ අය පිටරටින් ඇවිල්ලා උදවු කරනවා (නි)
මෙහෙවු රටේ විදේශිකයෝ මෙහෙම දේවල් කරන එක ගැන මට හරිම සතුටුයි (නි)
සාදු සාදු සාදු!!! මේ කළ පිනෙන් මතු කවදා හෝ උතුම් වූ නිවනම ලැබීමට ඇයට හේතු වාසනා වේවා! (නි)
හරිම සතුටක් දැනුනා.ඇසට කදුළු ආවා සන්තෝෂයට. ඔබට නිරෝගී සුව. (නි)
මෙතුමියට නිරෝගී දිගාසිරි පතමි. සසරේ කවදාවත් ගෙවල් දොරවල්, දැන උගත්කම් වලින් අඩුවක් වෙන්නේ නැති බව විශ්වාසයි. (නදී)
මේ මහත්මියට බොහොම පින් (නදී)
අපේ දේශපාලන නායකයන් බොහෝවිට රඟපානවා. ඒත් බලන්න මේ සුදු ජාතිකයින් දෙස.ඔවුන් කොතරම් නිහතමානීද? අපිට හැකිද එවැනි මනසක් සාදාගන්න? (නි)
ඔබට වැඩි වැඩියෙන් ලැබේවා (නදී)
ඔබ නියම මවක්. ඔබ අාදර්ශමත් කාන්තාවක්. උතුම් ගතිගුණ වලින් පිරිපුන් ඔබව සියලු කරදරවලින් අරක්ෂාකර දෙන ලෙස මම දෙවියන්ගෙන් ඉල්ලනවා(නදී)
ඔයාල මේකේ කමෙන්ට්ස් සිංහලෙන් දාන්නේ කොහොමද ? (නදී)
ඔබට දෙවි රැකවරණයි! (නි)
බුදුන්ගේ සරණයි ඔබ තුමියට (නදී)
පින් ඇති මාතාවක්. මේ පින් ඔබේ සංසාර විමුක්තිය පිණිසම වේවා (නදී)
හරිම සතුටු දනවන දෙයක්. අපි එතුමියට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් පතනවා. ඉතාමත් සතුටින් එතුමිය සමාජ සේවාවෙහි යෙදෙන බව පෙනෙනවා. එතුමියට තෙරුවන් සරණ පතනවා. අවංකව එතුමියගේ සේවාවට උදව් කරන්න. (නදී)
මේවා අපේ දේශපාලකයින්ට මහඟු ආදර්ශයක්. ජර්මනියට ගියාම තේරෙනවා එම රටේ මිනිස්සු පරිසරයට,ගහකොළ වලට වගේම මිනිස් ජීවිත වලට දක්වන ලෙන්ගතුකම. අපේ මිනිස්සු ජාති ආගම් වගේ වැඩකට නැති දේවල් පස්සේ ගිහින් රට ප්‍රපාතයට ගෙනයන්න මෝඩ දේශපාලකයින්ට හවුල්වෙන එක දැන්වත් නතර කළයුතුයි (නි)
මෙන්න නියම දෙවිවරු. පුලුවන් නම් මේ වගේ මිනිසුන් අදහන්න. (නි)
ඔබට දෙවි රැකවරණයි! (නි)
අපි අපේම රටේ මිනිස්සු එක්ක සිංහල දෙමළ මුස්ලිම් විදිහට බෙදිලා කුළල් කා ගන්නකොට, නොදන්නා රටක නොදන්නා ජාතියක නොදන්නා මිනිසුන් පිරිසකට තමා උපරිමයෙන් සේවය කළ මේ කාන්තාව අපි අගය කළ යුතුයි. (දිල්)
මිහිපිට සිටින සැබෑ දෙවියන් මොවුන්ය (නි)
අපි තවම කුළල් කාගන්නවා (නි)
ඔබ නියම මවක්. ඔබට බුදු සරණයි! (නි)
ඔබ තුමිය වැනි කාන්තාවන් අපේ රටේ දේශපාලනයට එනවා නම් උඩින් දිනනවා. ඔබ තුමිය අපේ දේශපාලනය කරන හොර ගැහැනුන්ට ආදර්ශයක් වේවා. ඔබ තුමියට සම්මා සම්බුදු සරණයි.(නදී)
මෙන්න නියම සුද්දෝ! (නදී)
මෙතේ බුදුන් දකිනා මව්තුමියක්. (නි)
ඔබ තුමියට දළදා සමිඳු පිහිට පතමි. (අ)
ඔබට යහපතක්ම වේවා! සුබ පැතුම්! (නි)
ශ්රී ලංකාවට ඇවිත් යන්න නවතින්න හිතන්න එපා. ඔබලාගේ රටවල් කොච්චර සර්ව සාදාරන ද, මගේ රට පාට, පාට වලින් මිනිස්සු බෙදිලා, ආගම වලින් මිනිස්සු බෙදිලා,ජාති වලින් මිනිස්සු බෙදිලා, අඩුවක් නැතුව ආණ්ඩුවේ ලොකු පුටුවේ ඉඳල පොඩි පුටුවේ ඉන්න අය වැඩ පටන් ගන්නේ පන්සල් ගිහිල්ලා. අනේ කරුමෙක මහත දන්නේ මේ රටේ ජීවත් වෙන අය පමණයි. දේශපාලනය කරන කව්රු උනත් කාල බීලා සුර සැප විඳිනවා. හැම කෙනාම එන්නේ රටට සේවය කරන්නලු. එ්ත් අපි තවමත් අඳුරේ. හැම කෙනාම බලන්නේ කොහේ හරි රටකට පනින්න. මන්ත්‍රීවරු පැරදුනාම හොරෙන්ම යනවා. එයාලටත් මේ රටේ සුරක්ෂිත බවක් නැහැ. අපිට මොන කතාද අාවට කමක් නැහැ. නවතින්න හිතන්න එපා. මේක ගඳ ගහන රටක්. මේ දවස් වල එකිනෙකා මරා ගන්නවා. මම දන්නා තරමට අපේ රටේ ජනාදිපතිවරු 5 ක් හිටියා. එ්ත් වෙච්ච සෙතක් නැහැ. දුප්පත් එකා හැමදාම දුප්පත් (නදී)
උතුම් මනුසත්වයට දෙවියන්ගේ පිහිට ලැබේවා.! (ර)
බලන්න ඒ මිනිසුන් තම දහදිය මහන්සියෙන් උපයාගත් දේ කොපමණ සැහැල්ලුවකින් අසරණ මිනිසුන්ගේ දුකට සහ අසරණයාගේ සුභසිද්ධිය සඳහා වැයකරනවාද කියලා. අපේ රටේ නොමැරෙන මිනිසුන් වගේ අනෙකා මරාගෙන රෑ එළිවෙනකොට පොහොසතෙක් වෙන්න හදන මිනිසුනේ, දෑස හැර බලනු මිනිසත්කම යනු කොපමණ සිත්ඇදගන්නා සුළු දැකුම්කළු සුවඳ විහිදුවන සිතුවමක්දැයි කියා....!!!! මේ ලිපිය කියවීමෙන් මගේ සිතටද ලොකූ භක්තියක් ඒ උතුම් කාන්තාව වෙනුවෙන් ඇතිවුණා වගේම සිතටද සැහැල්ලුවක් දැනුනා. ඇය කරනා සත්ක්‍රියාවට ඇයට නිරෝගී සුව සමඟින් දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ...!!!! (නි)
මට හරිම සතුටුයි (නි)
රාහුල මගේ පාසැල ඔබ තුමියට දීර්ගායුෂ පතමි. සාගර මහතාද අමතක නොවේ (නදී)
සසර වසනා තුරු මෙපින් බලෙන් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා. (නදී)
ලංකාවට අවශ්‍ය වන්නේ මේ වගේ අවංක ආධාරයි (නි)
පිටරට සිටින ලංකාවේ අයට වඩා කොච්චර හොදද ? (නදී)
ඇත්තටම මෙවන් මිනිස්කම් ඇත්තේ කීයෙන් කීදෙනාටද ....? (නි)
සුද්දෝ අපට වඩා හොද නැහැ. මේක ලස්සන රටක්. හදවතින් ලස්සන මිනිස්සු නැති කමයි ගැටලුව. එ්කයි රටක් විදිහට අපි හැමදාම එකම තැන. ඔබ තුමියට දළදා සමිඳු පිහිටයි. (නදී)
මහින්ද රාජපක්ෂට හම්බ වුනේ නැති එක හොදයි. නැත්නම් මිලියන 75 වගේ එයාගේ එකවුන්ට් එකට දා ගනීවි ඒ සල්ලි ටිකත්. (අ)