තඹුත්තේගම හා අවට ප්‍රදේශයන්හි ජනපතිවරණ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් පිරිස් විවිධ නීති විරෝධී කටයුතු සිදුකළැයි පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි.
පහරදීම්, නිවාස හා දේපොළ හානි, අයථා මුදල් එකතු කිරීම්, ඉඩකඩම් හා රජයේ රක්ෂිතයන් බලෙන් අත්පත් කරගැනීමට උත්සාහ දැරීම ආදී ක්‍රියා සම්බන්ධ පැමිණිලි ලැබී ඇති බවත් තඹුත්තේගම, එප්පාවල, ගල්කිරියාගම පොලිස් වාර්තා පෙන්වා දෙයි.
මේ සම්බන්ධව ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කළ බවත් පසුගිය සමයේ අසාධාරණකම්වලට ලක්වූවන්ට පීඩනයක් ඇතැයිද තම පාක්ෂිකයන්ගෙන් අයහපත් කටයුතුවලට සහභාගී නොවන ලෙස ඉල්ලා සිටින බවද උතුරු මැද පළාත් මන්ත්‍රී අනිල් රත්නායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරු පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයේ පෙරමග ලකුණු !!! (ස)
අදාල දිස්ත්‍රික්ක වලට සම්බන්දීකරන නිලදාරීන් පත්කළා නම් මේ දේ වැලක්ව ගන්න තිබුන. (අ)
රජරට මෝඩයිනේ දිනුවේ තොපි නෙවේ දෙමළ සහ මුස්ලිම් තොපිට මොලේ නැද්ද (අ)
තව ටිකක් ඉවසන්න. උතුරේ පාලනයයි නැගෙනහිර පාලනයයි බාරදෙනකල්. එතකොට තේරෙයි කැද හැලියේ වටිනාකම. (ස)
උගත් , බුද්දිමත් සෙනරත් මහත්තයෝ මේ රට සියලුම ජාතීන්ට අයිති රටක් ,මේක සිංහලයට අයිති රටක් කියල හිතපු මැදමුලන මහරජ ගෙදර ගියා වගේම ජාතිවාදයෙන් ඡන්දෙ ඉල්ලන නායකයන් මේ රටට එපා. (ස)
ඉන්දික හොඳට හොඳයි ...ගේමට ගේම එ්ක තමා යහපාලනය කියන්නේ. (ස)
දියසැළියේ නටනා කකුළුවන්... සැබෑ වෙනසක්..... (නි)
මහජන කැමැත්ත දිනුවා. නමුත් මේ වගේ වැඩ නම් මම අනුමත නොකරමි (නි)
අනේ බොරුවට මෙයාලා ගහගන්නවා. අන්න ආපසු කට්ටියක් යහපාලනයට පැනලා... කවදාද අපේ රටේ මිනිසුන්ට මේවා තේරෙන්නේ? හැමදාම අපි පරදිනවා (නි)
සුබ පැතුම් සෙනරත් (අ)
සෙනරත් අප බලාපොරොත්තු වන්නේ ජාති වාදයෙන් තොර ලංකාවක්.(අ)
ප්‍රංශයේ වුණාට වඩා විශාල අනතුරක් අපේ රටේ වෙන්න ඉඩතියෙනවා කියලා මට හිතෙනවා. මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)
සෙනරත් මහත්තයෝ දෙමළ මුස්ලිම් කියන්නෙත් මේ රටේ මිනිස්සු. මහා ලොකුවට එ්කීය රටක් ගැන බෙරිහන් දෙනවා. එහෙම නම් ඒ මිනිස්සුන්ට කියමු උතුර නැගෙනහිරට වෙනම ජනාධිපති කෙනෙක් පත් කර ගන්න කියලා. (නදී)
මොහොමඩ් අපිත් කැමති එහෙම රටකට තමා, නමුත් ජාතිවාදීව ,එ්ක පාර්ශවීය ලෙස ඡන්දය දුන්නේ ඔබලද ? අපිද? (බ)
දිල්ෂාන්, මේක ලංකාව. ප්‍රංශය නෙමෙයි. අවුරුදු ගානක් කට්ටියක් උඩපැනලා සිදුවූ දේ දන්නවනේ. තවත් අය නටන්න ආවත් වෙන්නේ ඒ දෙයමයි ඒක මතක තියාගන්න. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ යහපාලනය ඒ විදියටම සිද්ධවෙයි කියා. (නි)
මොහොමඩ් ඔයා හරි. සෙනරත් අමතක කරලා ඇති ලංකාව සිංහල දෙමල මුස්ලිම් බර්ගර් යන අයගේ කියන එක. ජාතිවාදය තමයි මේ හැම එකටම හේතුව (නදී)
සෙනරත් දා ගෙන කඩේ ගියා නේද. (නදී)
කවුද මේ සෙනරත්,බන්දුල පෙරේරාගේ සහෝදරයෙක්ද? (ස)