IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජයපැන් බොන්න වැරදි පාරේ යති ?

තඹුත්තේගම හා අවට ප්‍රදේශයන්හි ජනපතිවරණ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් පිරිස් විවිධ නීති විරෝධී කටයුතු සිදුකළැයි පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කියයි.

පහරදීම්, නිවාස හා දේපොළ හානි, අයථා මුදල් එකතු කිරීම්, ඉඩකඩම් හා රජයේ රක්ෂිතයන් බලෙන්  අත්පත් කරගැනීමට උත්සාහ දැරීම ආදී ක්‍රියා සම්බන්ධ පැමිණිලි ලැබී ඇති බවත් තඹුත්තේගම, එප්පාවල, ගල්කිරියාගම පොලිස් වාර්තා පෙන්වා දෙයි.

මේ සම්බන්ධව ප්‍රදේශයේ එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කළ බවත් පසුගිය සමයේ අසාධාරණකම්වලට ලක්වූවන්ට පීඩනයක් ඇතැයිද තම පාක්ෂිකයන්ගෙන් අයහපත් කටයුතුවලට සහභාගී නොවන ලෙස ඉල්ලා සිටින බවද උතුරු මැද පළාත් මන්ත්‍රී අනිල් රත්නායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරු පැවසූහ.

 



අදහස් (0)

ජයපැන් බොන්න වැරදි පාරේ යති ?

ඉන්දික Monday, 12 January 2015 07:10 AM

යහ පාලනයේ පෙරමග ලකුණු !!! (ස)

:       0       0

විකෝ Monday, 12 January 2015 07:27 AM

අදාල දිස්ත්‍රික්ක වලට සම්බන්දීකරන නිලදාරීන් පත්කළා නම් මේ දේ වැලක්ව ගන්න තිබුන. (අ)

:       0       0

සෙනරත් Monday, 12 January 2015 07:38 AM

රජරට මෝඩයිනේ දිනුවේ තොපි නෙවේ දෙමළ සහ මුස්ලිම් තොපිට මොලේ නැද්ද (අ)

:       0       0

ඇසළ Monday, 12 January 2015 07:57 AM

තව ටිකක් ඉවසන්න. උතුරේ පාලනයයි නැගෙනහිර පාලනයයි බාරදෙනකල්. එතකොට තේරෙයි කැද හැලියේ වටිනාකම. (ස)

:       0       0

බණ්ඩා Monday, 12 January 2015 07:57 AM

උගත් , බුද්දිමත් සෙනරත් මහත්තයෝ මේ රට සියලුම ජාතීන්ට අයිති රටක් ,මේක සිංහලයට අයිති රටක් කියල හිතපු මැදමුලන මහරජ ගෙදර ගියා වගේම ජාතිවාදයෙන් ඡන්දෙ ඉල්ලන නායකයන් මේ රටට එපා. (ස)

:       0       0

බණ්ඩා Monday, 12 January 2015 07:59 AM

ඉන්දික හොඳට හොඳයි ...ගේමට ගේම එ්ක තමා යහපාලනය කියන්නේ. (ස)

:       0       0

අමිත Monday, 12 January 2015 08:01 AM

දියසැළියේ නටනා කකුළුවන්... සැබෑ වෙනසක්..... (නි)

:       0       0

නිලන්ත Monday, 12 January 2015 08:01 AM

මහජන කැමැත්ත දිනුවා. නමුත් මේ වගේ වැඩ නම් මම අනුමත නොකරමි (නි)

:       0       0

නාමල් Monday, 12 January 2015 05:39 PM

අනේ බොරුවට මෙයාලා ගහගන්නවා. අන්න ආපසු කට්ටියක් යහපාලනයට පැනලා... කවදාද අපේ රටේ මිනිසුන්ට මේවා තේරෙන්නේ? හැමදාම අපි පරදිනවා (නි)

:       0       0

මොහමඩ් Monday, 12 January 2015 08:09 AM

සුබ පැතුම් සෙනරත් (අ)

:       0       0

මොහමඩ් Monday, 12 January 2015 08:13 AM

සෙනරත් අප බලාපොරොත්තු වන්නේ ජාති වාදයෙන් තොර ලංකාවක්.(අ)

:       0       0

දිල්ෂාන් Monday, 12 January 2015 12:00 PM

ප්‍රංශයේ වුණාට වඩා විශාල අනතුරක් අපේ රටේ වෙන්න ඉඩතියෙනවා කියලා මට හිතෙනවා. මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ලසන්ත Monday, 12 January 2015 08:22 AM

සෙනරත් මහත්තයෝ දෙමළ මුස්ලිම් කියන්නෙත් මේ රටේ මිනිස්සු. මහා ලොකුවට එ්කීය රටක් ගැන බෙරිහන් දෙනවා. එහෙම නම් ඒ මිනිස්සුන්ට කියමු උතුර නැගෙනහිරට වෙනම ජනාධිපති කෙනෙක් පත් කර ගන්න කියලා. (නදී)

:       0       0

සඳුන් Monday, 12 January 2015 08:38 AM

මොහොමඩ් අපිත් කැමති එහෙම රටකට තමා, නමුත් ජාතිවාදීව ,එ්ක පාර්ශවීය ලෙස ඡන්දය දුන්නේ ඔබලද ? අපිද? (බ)

:       0       0

අසංග Monday, 12 January 2015 12:30 PM

දිල්ෂාන්, මේක ලංකාව. ප්‍රංශය නෙමෙයි. අවුරුදු ගානක් කට්ටියක් උඩපැනලා සිදුවූ දේ දන්නවනේ. තවත් අය නටන්න ආවත් වෙන්නේ ඒ දෙයමයි ඒක මතක තියාගන්න. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ යහපාලනය ඒ විදියටම සිද්ධවෙයි කියා. (නි)

:       0       0

අනිෂ්කා Monday, 12 January 2015 09:07 AM

මොහොමඩ් ඔයා හරි. සෙනරත් අමතක කරලා ඇති ලංකාව සිංහල දෙමල මුස්ලිම් බර්ගර් යන අයගේ කියන එක. ජාතිවාදය තමයි මේ හැම එකටම හේතුව (නදී)

:       0       0

විමුක්ති Monday, 12 January 2015 09:09 AM

සෙනරත් දා ගෙන කඩේ ගියා නේද. (නදී)

:       0       0

ජිම් කුරු Monday, 12 January 2015 10:49 AM

කවුද මේ සෙනරත්,බන්දුල පෙරේරාගේ සහෝදරයෙක්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site