කවියකු, ලේඛකයකු , ගීත රචකයකු හා ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයකු වූ ජයන්ත රෝහණ මහතා (63) අභප්‍රාප්ත විය.
ජයන්ත ප්‍රවෘත්ති උච්චාරණයේදී සුවිශේෂ දස්කම් දැක්වීය. ඔහුටම ආවේනික වූ රටාවකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අති දක්ෂතාව ඔහු දිනා සිටියේය.
කතාවේදීත් ලේඛනයේදීත් සියුම් උපහාසය මතුකර ගැනීමේ සහජ දක්ෂතාවය ඔහුට හිමි විය.
කවියක වූ නිමල් රෝහණ මහතාගේ පුත්‍රයකු වූ ජයන්ත අවසන් වරට සේවය කළේ ලංකාදීප කර්තෘ මණ්ඩලයේය.
ඔහු ඉපදුනේ මාතර දෙවිනුවරය.
මාතර ශාන්ත තෝමස් විදුහලේ හා පානදුර ශ්‍රී සුමංගල විදුහලේ ආදි සිසුවකු වන ඔහු 1977දී කොළඹ කොටුවේ පිහිටි ටයිම්ස් මන්දිරයේ මුල් ලංකාදීපයට සම්බන්ධ විය.
1980දී ගුවන්විදුලි සංස්ථාවට බැඳුණු ඔහු එහි විශිෂ්ඨ ගනයේ නිවේදකයෙක් විය.
රුහුණු සේවයආරම්භයේදී ඊට දායක විය.
ඔහුගේ අවසන් කටයුතු කොළඹ කනත්තේදී සඳුදා (22) පස්වරු පහට සිදු කිරීමට නියමිතය.
දේහය නුගේගොඩ ශ්‍රී විජයාරාම මාවතේ 14 ඒ නිවසේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයන්ත අයියේ, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවේදකයකු ,සහ කවියකු ලෙස සමාජ ප්‍රගමනයට ඔබ මහත් සේවාවක් කළා ඔබට නිවන් සුව !(නදී)
ඔබට නිවන් සුව පතමු ! (නි)
ජාතියේ පිනට පහළ වූ කවියන්,රචකයන්, නැණවතුන් , ව්ද්වතුන් ක්‍රමයෙන් සමුගෙන යාමෙන් ඇතිවෙන හිඩැස ගැන සිතෙන් විට මහා බියක් දැනෙනවා .ඔබ කල අනුපමේය සේවයට මුළු ජතියෙම් ශිර්ෂ ප්‍රණාමය පුද කරන අතරම ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
ලාංකීය නිවේදන පරපුරේ පරමාදර්ශය ඔබයි. නිවන් සුව අත්වේවා! නිවේදකයින් වැනි ගිරවුන් (සිංහල භාෂාව විනාශ කරන කියවන්නන් )වැන් උන් ඇති නාලිකා අපිට සල්ලි දීලා බලෙන් රේඩියෝ අස්සවන යුගයක ජයන්ත රෝහන නැති අඩුව හොදින් දැනේවි. මොකද අපි ජයන්ත අයියගේ වැඩ සටහන් ඇහුවේ හදවතින්. ඔබ වැනි අය දහසක් ඇවසි කල වෙන්ව යන සහෘදයානනි, නැවතත් එන්න මේ ලක් දෙරණට. (නි)
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි...!!!!! (නි)
යළිත් මේ ලංකා පොළව මත ඉපදී රටට සේවයක් කිරීමට වාසනාව ලැබේවා! (නි)
රෝහණ මහතාණෙනි, ඔබට සුවබර නින්දක්! (නි)
ජයන්ත මහතාණෙනි, මා ලංකාදීපයේ ගත කල දිවියේදී ඔබ මට කියා දුන් දෙයින් මගේ මාධ්‍ය දිවිය ආලෝකවත් වුවේය. එපින් බලෙන් ඔබතුමාට සුව බර නින්දක්! (නි)
කලාකරුවන්, විද්වතුන් ,බුද්ධිමතුන් අපේ රටට අවශ්‍යම කාලයක මේ විදියට ජීවිත වලින් සමු ගැනීම ඔවුනට සහනයක් ගෙන දෙන්නක් වුවද ජීවත්වන අපට, රටට ඉමහත් පාඩුවකි, අසහනයකි. සංසාර ගමන මෙහෙම නම් අපි කුමක් කරමුද? නිවන් සුව පතනවා හැරෙන්නට. (නි)
මට දයාබර සොහොයුරෙක් වූ ජයන්ත අයියේ, මාතර - රුහුණු සේවයේ දී අපට ගුරුහරුකම් දුන් ඔබ, ඔබේ හඩ අද අපට අසන්නට නැත. ලංකාදීපයට ඔබ ලියූ කවි පද යළි අපට නොලියන්නට ඔබ අපෙන් සමු ගෙන ඇත. ඉදින් ප්‍රිය සහෘදය, ඔබේ මතකයන් රැගෙන, “...තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි... ....වැළපෙන්න ඉඩ දෙන්න මටයි මගේ හදටයි...“ ----- ඔබට සුවබර නින්දක් !!! ----- (නි)
චීනයේ සිට ඔබගේ ගීත වලට සවන් දුන් අවදිය අපට සිහිපත් වන විට ඔබගේ වියෝව කම්පනයක්. ඔබට නිවන් සුව ! (නි)
අරුණ නිවැරදියි (නි)
රටම ආදරය කල, උගත්, බුද්ධිමත් ,කලාලෝලි විද්වතාණනි, ඔබ කළ මෙහෙයට අපි කෘතගුණ පුදන්නෙමු. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)
මම ඔබට නිවන්සුව නොපතමි. මන්ද ඔබ අපේ රටට මහා සම්පතකි. ඔබ යලිත් අපේ රටේම උපදීවා! (නි)
ගමේ හිටපු හොද මහත්මයෙක්. මෙතුමාගේ තාත්තත් හොදම කවියෙක්. නිවන් සුව පතමු. (නි)
ජයන්ත රෝහණ හෙළ කිවින්දාණනි, ඔබට අජරාමර නිවන් සුව! (නි)