ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා නම් කිරීම හා එහි ඉදිරි පියවර වළක්වමින් අතුරු වාරණයක් කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරු අමල් රණරාජා මහතා වගඋත්තරකාර පක්ෂයට නොතීසි නිකුත් කළේය.
කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ඇන්තනි චූලානන්ද හා ලේකම් බන්ධුල තිලක් දිසානායක මහත්වරු මෙම වාරණය ඉල්ලා සිටියහ.
ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස මහතා ඇතුළු විධායක කමිටුව වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබිණි.
වැඩිදුර විභාගය ලබන අට වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ හැමදේටම දේශපාලනයයි, මුදලුයි ගෑවිලා. (නි)
මල්ලිව යවලා අයියා ආවා. ආපහු අයියව යවලා මල්ලි ගෙනාවා. මේ හැම දෙයක්ම පව්ලේ පෝෂණය වෙලා.. (ස)
මේ ගොල්ල අර රෝහල කරන විදියටද ක්‍රිකෙට් ක්‍රීඩාව මේ රටේ කරන්න හදන්නේ.(නදී)
යමක් කරන්න පුළුවන් මිනිස්සුන්ට වාරණ දමන්ඩ එපා. එයා චිත්‍රපට සංස්ථාවේ ඉදිද්දි ඒක හොදින් කළා වගේම ක්‍රිකට් මණ්ඩලේ කලින් හිටි වෙලාවෙත් අපිට 2007 ලෝක කුසලානේ අත ළඟටම යන්න උදව් කළ වගත් අමතක කරන්න එපා. (නි)
ඔහොම යං.(නදී)