(ශාන්ත රත්නායක)
ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයට විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ අද(4) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.
ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටව යාම සටහන් කිරීම සඳහා මෙතෙක් පැවති අත්සන් තැබීම වෙනුවට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇති අතර ඔවුහු ඊට විරෝධය පළ කරමින් එසේ උද්ඝෝෂණය කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරන්න නිදහස ඉල්ලන එකම රට ලංකාව වෙන්න ඇති...
මේකනම් අනිවාර්යෙන් කරන්න ඕන වැඩක්. රජය සේවකයන් ගේ හොර වැඩ නතර කරන්න ඕන. පුලුවනම් කැමරාත් සවි කරන්න.
ඇඟිලි සලකුණු තැබීමට හෙදියන් විරුද්ධ වන්නේත් වෘත්තීය සමිතිවලට. මාෆියා වැඩ කරන්න බැරි නිසා තමයි. ඇඟලි සලකුණු තැබීම වෘත්තියක සේවා ඉටු කිරීම පිළිබඳ තහවුරු කිරීමක් නිසා..එයින් වැලකීම යනු සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරු කරන දෘෂ්ටම සේම තවත් එක් සෞඛ්‍ය වෘත්තිකයිගේ දුෂ්ඨ කමේ තවත් පැතිකඩක් පමණි.
හොර වැඩ සඳහා උද්ඝෝෂණය කරන ලංකාවේ හෙදියෝ ලැජ්ජයි....
මෙයාල විතරද රජයේ සේවකයෝ අනිත් රජයේ සේවකයන්ට වාහන නැහැ....... එයල එන්නේ බස් වල සහ දුම්රියෙන් අගිලේ සලකුණ තියන්නම ඕනේ වෙලාවට වැඩ කරන්න .............
ඔව් ඔව් පරුක්කුවෙලා රාජකාරියට එන්නත් ඉක්මනින් පැනලා යන්නත් පුළුවන්නේ. පොත අත්සන් කිරීමේදීද බොහෝ චංචා සිදු වෙනවා.... වෙලවාවට රාජකාරියට එනවානම් මොකටද බය.දවල්ට උයලා, ළමයින්ව ඉස්කෝලේ දාල උදේ 10 ට විතර එන්න පුලුවනිනේ. ඇඟිලි සලකුණු තැබීම අනිවාර්ය කරන්න.
මොවුන්ට ඕනේ වංචාවෙන් අතිකාල ගන්න ක්‍රමය දිගටම තියාගෙන ඉන්න. මොවුන්ට ඉතා විශාල මුදලක් කොමිස් වශයෙන් ලැබෙනවා පඩියට අමතරව. අපටනම් කියන්න තියෙන්නේ මේකෙන් වෙන්නේ දොස්තර නෙවිල්ලේ ප්‍රනාන්දු හොස්පිටල් එක ප්‍රෙමා්ට් වෙන විතරයි.
පොත අත්සන් කිරීමේදී කොපමණ හොර වැඩ කරනවාද? අපිත් රජයේ සේවයේ හිටියානේ.
දැන් ලෝකයේ වැඩියෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික සැම තැනම ඇඟිලි සලකුණු භාවිතා කරන්නේ. අපේ රටේ මේවටත් වැඩ වර්ජන ........
සෝදලා, අයන් කරලා, ෆ්ලීට්ස් තියලා දවසෙම නිල ඇදුම කිළුටු කරගන්නේ නැතිව, අහිංසක ලෙඩ්ඩුන්ට ගොරව ගොරව, Attendent කියල තව හෙද සේවක කට්ටියකට තමාගේ සේවා කටයුතු වලින් 80% දීගෙන ඩොක්ටර්ස්ලා වගේ දවසෙම උඩ බලා ගෙන ඉන්න ජාතියක්නේ මේගොල්ලෝ.
හොර බොරු වංචා කිරීමට ඇති ඉඩ කඩ නැතිකිරීමට විරුද්දව කරන අසාධාරණ උද්ගෝෂණ දැක ගත හැකි එකම රට ශ්‍රී ලංකාව. මාර වේශයෙන් සිටින වෘත්තිය සමිතිකාරයෝ.
ඇඟිලි සලකුණු යන්ත්‍රවලට අකමැති ඇයි කියලා මෙයාල කියන්නේ නැද්ද? හරිනම් හෙදියන්ට විතරක් නෙවෙයි, දොස්තරලාටත් මේ විදිහට පැමිණීම් පිටවීම් සලකුණු කරන්න දෙන්න ඕනෑ.
ටී. ඉන්දික මහත්මයාණෙනි, මේක හෙද හෙදියන්ගේ ප්රශ්නයකි. වෛද්‍යවරුන්ට නිකරුණේ බනින්න එපා.. අනික ඔබගේ දැනගැනීම පිණිසයි. වෛද්‍යවරු පැමිණීම අත්සන් නොකරති. නොදන්න දේවල් ගැන කතා නොකර හිටියානම් හොඳයි.
තමන්ගෙ සේවයට වෙලාවට එන එක සිස්ටම් එකට කරනවට විරුද්ද වෙන්නෙ හොරු විතරයි.. මුන් වගේ අය ඉන්න තාක් කල් මේ රට කාලකන්නි රටක්.
ඩොක්ටර්ස්ලටත් මේ නීතිය ක්‍රියාත්මක කල යුතුයි...
තව කොච්චර වෘත්තීයවේදීන් ඉන්නවද ලංකාවේ බස් සහ කොච්චි වල යන ගුරුවරුන් ,විදුහල්පතිවරුන්. මේගොල්ලෝ හෙන පඩිත් අරන් වාහන පර්මිට් ඉල්ලනවා.
අපි වැඩ කරන්නේ පිටරට. මෙහෙ හැම ආයතනයක්ම ඇගිලි සලකුණු තියනවා.
මේක හොද වැඩක්. ක්‍රියාත්මක කල යුතු දෙයක්. හොර වැඩ අහු වෙනවට මෙයාල මේ දගලන්නේ..
ඇඟිලි සලකුණු බැරි නම් ගෙදර යවන්න. අයිස්කාරයන්ට ඕන විදියට රාජකාරි නියම කලොත් මේ රට ගොඩ ගන්න බැහැ. වර්ජන තර්ජන කලොත් පිටරටින් හෙදියන් ගෙන්වන්න .
රටක් දියුණු වෙන්නේ කොහොමද මේ විදිහට.
මේවා දකිනකොට ලැජ්ජා හිතෙනවා... මොන රටේද මේ වගේ පිකටින් කරන්නේ.... හොර කරන්න අවසර දෙන්න කියලා පිකටින් කරනවා...
ඔන්න දැන් තමයි පොට පෑදුනේ. කරනවනම් හරියට කරන්න නැත්නම් ගෙදර ඉන්න.
ලෝකේ දියුණු රටවල් තාක්ෂණය අතින් ඉහලටම යද්දී අපේ රටේ තවමත් ඉන්නෙ වහල් යුගයෙ මිනිස්සුද? මිනිසාට කොතරම් පහසුවක් සලසන දෙයක්ද මේ. හැබැයි හොරුන්ට නම් වහකදුරු අපේ රටේ අය කප් ගහල තියෙන්නෙ හොරකමට වංචාවට නිසා ඕව එපා..
අනේමන්ද මොනවා කියන්න ද කියලා. ඔය අතිකාල වැඩ කලා කියලා අත්සන් කරන්න බැරි වෙන නිසා තමයි. වෙන මොනවාද. ලංකාවේ අනිත් රජයේ සේවකයෝ වැඩට එන්නේත් එක විදිහට තමයි.
අවිධිමත් පරිපාලනය විධිමත් කරන්න තමයි හදන්නේ ඒකට සහයෝගය දෙන්න. දැන් අපිට තේරෙනවා මේ අය මොන තරම් හොරුද කියලා.
මේකට තමයි අපේ රටේ රස්සාවට යනවා කියන්නේ. මේවා තමයි සාක්ෂි !
මේ වගේ අය නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්න. හොරට වැඩ කරන්න තියෙන නිදහස ඉල්ලන එකම රට මේක වෙන්න ඇති. ලැජ්ජයි මෙයාල ගැන.
ඔයගොල්ලන්ට බැරිනම් ගෙදර යන්න. කවුරුත් බලෙන් තියාගත්තේ නැහැනේ..
අනේ මේක විදුලි බල මණ්ඩලයටත් හඳුන්වල දෙන්නකො.. දොස්තරලටත් මේක අනිවාර්ය කරන්න.
රජය සතු සෑම ආයතනයකටම ඇගිලි සලකුණු පමණක් මදි පාද සලකුණුත් තිබිය යුතුයි. නැත්නම් මෙරට ගොඩ ගැනීම බොරු.
මුළු රටේම රාජ්‍ය ආයතන සදහා පැමිණීම හා පිටවයාම සටහන් කිරීම සඳහා ඇගිලි සලකුණු යන්ත්‍ර සවිකරන්න. ඊට අකමැති අයට ඉල්ලා අස්වීමට ද ඉඩදෙන්න. ප්‍රමාද වී එන අයට, ප්‍රමාද වීමෙ කාලයට වැඩ කිරීම සදහා වැඩ පිළිවෙලක් සකසන්න, මැට්ටන්ගෙන් රටටත් ආයතනයත් වැඩක් නැතිබව සිතන්න, අපගේන් උපදින දරුවාගේ දරුවන්ට හෝ උගත් රටක් දියුණු ලෝකයක් දකින්නට පෙරමග සලසන්න. අපෙන් හෙට දවස වෙනුවෙන් අද විය යුත්තේ ඒ ටිකය.
බලමු සෞඛ්‍ය ඇමතිතුමාටයි ඉස්පිරිතාලේ පරිපාලනයටයි මේ ප්‍රශ්නයෙදී කෙලින් ඉන්න පුලුවනිද කියා?
බෝඩ් උස්සන් කෑ ගහන්නේ හරියටම වැඩ කරන අය වෙන්න ඇති නේ ? දන්නේ නැති නිසයි එහෙම ඇහැව්වේ.
පැමිණීම හා පිටවීම බලල රස්සාවල් කල කාලේ ඉවරයි. ඇගිලි සලකුණු අත්සන් කියන්නේ නිතර කළමනාකරණ මුලධර්ම වලට පටහැනි දේවල් මොකද ඇගිලි සලකුණු තියල වෙලාවට යන්න බැරි සේවා තියෙනවා. ලෙඩා සැත්කමකට අරගද්දී වෙලාව ඉවර වුනාම ගියත් මොකද වෙන්නේ මේවා පැය 24 on call service
දොස්තරලට වඩා පීචං වෙන්නේ මේ හෙදියෝ ටික.
ඒ කාලෙ ඉවරයි කියලා කව්ද කියන්නේ? එහෙම නම් මොකද පැමිණීම් සටහන් කරන්න තවත් හොර කරන්න බැරි දියුණු තාක්ෂණ නිපදවන්නේ. මම සේවය කළ ආයතනයේ මගේ පැමිණීම සම්බන්දව සටහනක් මාසයේ අන්තිමට මට ලැබෙනවා මටම බලාගන්න.