
(කේ.බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඊ මහාචාර්ය පද්මලාල් එම් මානගේ මහතා පවසයි.
සැකකාර සිසුන්ට විශ්ව විද්‍යාල භූමියට ඇතුල් වීම ද තහනම් කර ඇත.
පහරදුන් සිසුන්ගේ තොරතුරු හෝමාගම පොලිසියට ලබා දුන් බවත් එම සිසුන්ට එරෙහිව සිවිල් නීතිය යටතේ කටයුතු කරන ලෙස උපකුලපතිවරයා පොලිසිය දැනුවත් කර ඇත.
පහර කෑමට ලක්වූ සිසුවා විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ සිසුවකු බවත් විශ්ව විද්‍යාලය තුළ නවකවදයට විරුද්ධව කටයුතු කිරීම සහ කාඩ් පතක් නොමැතිව විශ්ව විද්‍යාලය තුළ සවස හයෙන් පසු රැඳී සිටීම යන කරුණු මත අදාළ සිසුවා නවාතැන් ගෙන සිටි හෝමාගම පිටිපන නිවසට ගොස් විශ්වවිද්‍යාල සිසුන් විසි දෙනෙකු පමණ මෙලෙස තමන්ට පහර දුන් බව පහර කෑමට ලක් වූ සිසුවා හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබුණි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජ‘පුර සිසුවාට පහරදුන් සිසුන්ගේ පන්ති තහනම් කරයි
Sachintha Sunday, 04 May 2025 05:47 AM
පංති තහනම විතරක් නොවෙයි ශිෂ්‍යභාවය අහෝසිකිරීමට කටයුතු කලොත් අනාගතයේවත් ඔවැනි අසමජ්ජාති වැඩ නොකරාවි
Sk Sunday, 04 May 2025 07:13 AM
අහිංසක දෙමාපියන් ගේ බලාපොරොත්තු නැති කරන කාලකන්නි ළමයි
pakeer Sunday, 04 May 2025 09:17 PM
මීට වඩා යමක් කළ යුතුයි. විශ්ව විද්‍යාල තුළ නවක වදය හෝ ඊට සමාන හිරිහැර නවතින්න නීති සම්පාදනය කළ යුතුයි.