මාංශ පේශී නිසි පරිදි නොවැඩීම හේතුවෙන් රෝගීව ආබාධිත දෙපා සහතිව සිටින මාතර තෙලිජ්ජවිල කසුන් චාමර සිසුවා අද (4) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ වාණිජවේදී විශේෂ උපාධිය ලබාගත්තේය.
කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමියන් අතින් ඔහු අද බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී ලබාගත්තේය.
මාතර දම්පැල්ල කනිටු විදුහලෙන් හා මාතර රාහුල විදුහලෙන් ඔහු අධ්‍යාපනය ලබා ඇත.
විශ්ව විද්‍යාලයට ගිය කාලයේ ඔහුගේ මව ඔහු වඩාගෙන දිනපතා පැමිණීම විශේෂ සිදුවීමක් විය. උපාධිය ලැබූ කසුන් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් පසුවන බව පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙනගන්න මුවාවෙන් සල්ලි නාස්ති කරන දෙමාපියන්ගේ දරුවන්ට අගනා ආදර්ශයක්. ඔබට ජයෙන් ජය! (නි)
ඔබ සෑම දුබලවූ අයෙකුටම ආදර්ශයක්. (බ)
සුභ අනාගතයක්. වෙලාවට අන්තරේ එක්ක එකතුවෙලා නැත්තේ. (නි)
මම කලිනුත් මේ සහෝදරයාගේ අසනීපය ගැන පුවත්පතින් කියවා තියනවා. ඇත්තටම මගේ දෙනෙතින් වැගුරුනු කදුළු වැල මට නවත්වා ගන්න බැරිතරමට සංවේදී බවක් දැනුනා. ලෝකේ කොහේහරි දොස්තරවරයෙකු සිටිනවා නම් බෙහෙත් තියෙනවා නම් ඒ වැයවෙන මුදල මා ගෙවනවා, මේ අසරණ ජීවිතේ සනීප කරලා දෙන්න. ඔබේ දිරිය දෙමාපිය දෙපළට සහ ඔබට උදව් කළ හැමටම නිරෝගී සැපසම්පත් ලැබේවා! ඔබට සුභ අනාගතයක්ම වේවා...!!!! (නි)
ආදර්ශමත් තරුණයෙක්. සුබ අනාගතයක් වේවා. (බ)
දැන් ඉතින් රැකියාවක් ලබා දීලා රට යමක් කරන්න අවස්ථාවක් ලබා දීම තමයි වැදගත්. අතපය හතර හයිය වෙලාත් අයිස් ගහන සමහර රජයේ සේවකයන්ට වැඩිය මෙවැනි දිරිමත් උදවියගෙන් කාර්යක්ෂම සේවයක් ලබාගන්න පුළුවන්. (බ)
සරසි, ඔබ හරි. එංගලන්තයේ රැකියාවකට ප්‍රමුඛතාවය ලැබෙන්නේ ආබාධිත අයට. නමුත් අපේ රටේ එ්කේ අනික් පැත්ත නේද? (නි)
ඔබගේ මව ඇස්දෙක වගේ රැක ගන්න ඔබට සුබ පතමි (බ)
ඔබට සුබ පැතුම් ! (බ)
ඔබට ජයෙන් ජයම වේවා! (ම)
කසුන්, ඔබගේ අම්මා මතු බුදු වේවා! (නි)
සොහොයුර ඔබගේ නොසැලෙන දිරියට සුභපැතුම්. (ම)
දිරිය පුතුනි ඔබගේ අනාගතයට අපගේ සුභ පැතුම් (බ)
මෙවැනි දිරිය පුතුන් අපේ රටට ශක්තියක්.අපටත් බොහෝ සතුටක් දැනෙනවානම් මේ පුතාගේ දෙමව්පියන්ට පවුලේ අයට මොනතරම් සතුටක් ඇතිද.පුතා ඔයාට ජයෙන් ජයම වේවා! (ම)
රට තවත් වල පල්ලට ගෙනයන්න ඩෙගා නටන පුත්තුන්ට හොද ආදර්ශයක්.... කසුන් ඔබට ජය...(ම)
දිරිය පුතුනි ඔබේ අධ්‍යාත්මික බලසම්පන්න කම මැඩගෙන අවදිවූ කර්මයේ ස්වභාවය හා කර්මය මැඩගෙන අවදිවූ අධ්‍යාත්මික බලසම්පන්න කම, මට නම් හරිපුදුමයි! (ම)
රටටම ආදර්ශයක් , සුබම සුබ අනාගතයක් වේවා.තෙරුවන්සරණයි .(රේ)
ඔබට සුබ පැතුම්!!!!!(රේ)
දිරිය මවගේ දිරිය පුතුට සුබ පතනවා දෙන්නටම (රේ)
ඇසට කඳුළු ආවා. ඔබට සදා ජය! ඒ උතුම් අම්මාට මගේ උත්තමාචාරය. ගුණසිරි මහත්මයාගේ අදහසට මම එකඟයි (නි)
දිරිය සොයුර ඔබට ජයෙන් ජය. ඔබගේ මවත් පියාත් ඒ කළ කැපකිරීමටද මාගේ ගෞරවනීය ප්‍රණාමය ඔවුන්ට පුදන්නට කැමති. ඔබට මෙසේ සලකන ඔවුන් කොතරම් ඉවසීමකින් ඔබ දෙස බලා සිටින්නට ඇතිද,, (ම)
මට මතක් වෙනව එ් දවස්‌වල මේ අම්මාපුතාව වඩාගෙන රාහුලේට අාපු හැටි.. අම්මටත් පාසලේම රැකියාවලබාදිය දෙන්න පාසලෙන් කටයුතු කරලා තිබුණා.. එ් අම්මගෙ වෙහෙසීමට ඉතා විශාල සාධාරණයක් ඉෂ්ඨ වෙලා.. බොහෝම සතුටුයි.. (ම)
අනාගතය සරුවේවා! (නි)
ඔබ සියළු දෙනාටම ආදර්ශයක් (නි)
සුබ පැතුම්! දෙවි පිහිටයි! (නි)
ඇති දේ ගැන නොසිතා, නැති දේ ගැන පසුතැවෙන අයට හොඳ ආදර්ශයක් තමයි කසුන්. මේ විදිහට කවුරුත් කටයුතු කලොත් අපට නැගිටින්න එච්චර කල් යන්නේ නැහැ. කසුන් ඔබගේ ජීවිතය සාර්ථක වේවා! රටට සම්පතක් වේවා! (ම)
ආඩම්බරයි ඔබ ගැන (රේ)
ආඩම්බරයි ඔබ ගැන (රේ)
සුබ පැතුම් කසුන්! (නි)
සුබ අනාගතයක් ! (ම)
දිරිය පුතුනි ඔබට තෙරුවන් සරණයි.(රේ)
පුතා ඔබට මගේ මුළු හදවතින්ම සුබපැතුම් ! දීප්තිමත් අනාගතයක් පතමි.ඔබගේ දෙමව්පියන් ,සහෝදරයන් සහ ගුණගරුක යහළුවන්ගේ කැපවීමට මගේ ආචාරය පුදමි.(රේ)
ප්‍රථමයෙන්ම ඔබේ මවට වැඳ නමස්කාර කරමි. ඔබව වඩාගෙන ගෙනල්ල අධ්‍යාපනය දුන්නට. දෙවනුව ඔබේ නොසැලෙන උත්සාහයට ආචාර කරමි. (රේ)
අම්ම කෙනෙකුට මේ තරම් කැපවීමක් කරන්න පුළුවන්ද? මව්තුමියණි ඔබට ජාතියේ උපහාරය. කසුන් ! මවගේ කැපවීම අර්ථවත් කළ ඔබට ජය! (ම)
බුදුසරණයි, සියලු දෙවි පිහිටයි, ඉදිරි අනාගතය සාර්ථක වේවා, මේ දරුවටත් ඒ වගේම ඒ විභාගය සමත් අනිත් දරුවෝ සියලු දෙනාටත් සුබපතමි...!!! (බ)
ගෙදෙර බුදුන් අම්මා යන කියමන මේ මව ක්‍රියාවෙන් පෙන්වා ඇත.එමෙන්ම මෙම දිරිය පුද්ගලයට මගේ උත්තමාචාරය. (රේ)
ඔබ මුළු රටට ආඩම්බරයක්.අපට ඔබ මිණිපහනක්..සොයුරු ඔබගේ මවටත් චිරාන් ජයතු! (ම)
තෙරුවන් සරණින ජයවේව (රේ)
ඔබ සුපිරි දක්ෂයෙන් ඔබට සුභ අනාගතයක් පතනවා (ම)
මම දැක තිබෙනවා මෙවැනි ගැහැණු ළමයෙක් බංකුවක වාඩි කරනවා. කියන්න කැමතියි එ් අය හරිම කඩිසරයි ඒවගේම ඉංග්‍රීසි කතා කරන්නත් දක්ෂයි (බ)
දිරිය පුතුනි ඔබගේ අනාගතයට අපගේ සුභපැතුම් (ම)
නියමයි ඔබගේ මෙි උත්සාහය අද සමාජයට ලොකු ආදර්ශයක් මගෙන් උණුසුමි සුභපැතුමි (ම)
මගේ ආචාරය ඔබට සුබ පතනවා ඔබේ අනාගතයට (ම)
ඔබට තෙරුවන් සරණයි ! ඔබගේ සෑම බලාපොරොත්තු ඉටුවේවා (ම)
ආදර්ශමත් තරැණයෙක් නැති දේ ගැන හිතන්නෙ නැතිව ලද දෙයින් උපරිම පල නෙලාගෙන. මෙයාගේ අම්මා සහ තාත්තා කල කැප කිරීමට උපරීම දේ ලබා දුන්නා. ඔබට ජය....(ම)
සුබ පැතුම්! දෙවි පිහිටයි! (නි)
මෙවැනි සිසුන්ට සුදුසු රැකියා අවස්ථා ලබා දීමට පියවර ගත යුතුය. ඔවුන් ලබා ගත් දැනුම රටට වැඩදායක කර ගත යුතු වේ. (බ)
සුබ පැතුම් (බ)
ඔබට ජය සහ අන් අයට හොද ආදර්ශයක් !!!\nපැරිසියෙන් සුබ පැතුම් !!!!!!! (ම)
ඔබට අපේ උණුසුම් සුබ පැතුම්! (නි)
පිටරටවල මෙවැනි අයට ඉහළ අනුග්‍රහයක් රැකියා ඉල්ලුම් කරද්දී ලැබෙනවා . අපේ රටෙත් එවැනි තත්වයක් ඇති වුණොත් මෙවැනි දිරිමත් උදවියට ලොකු පිටුවහලක් වේවි. (ම)
ඒ අම්මාට මොනතරම් සතුටක් ඇද්ද? (නි)
ඔබට ජයන් ජයෙන් ජය වේවා (ම)
මවගේ ආශිර්වාදය සහ මහන්සිය. ඔබට සුබ අනාගතයක්! (නි)
කොහේ ගියත් නුඹේ අම්මා අමතක කරන්න එපා කොල්ලෝ. ඔය වගේ උතුම් අම්මලා අද හොයාගන්න අමාරුයි (නි)
ගෙදර බුදුන් අම්මා! (නි)
අජටාකාශ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් මතක් වුණා ඔබ දුටුවාම.... (ම)
මම ඔබට සුබ පතනවා සහෝදරයා (නි)
ඔබගේ අනාගතයට මගේ සුභපැතුම්!!! අන් අයට හොද ආදර්ශයක් ඔබට සදා ජය!!! (ම)
ඇසට කඳුළු ආවා. ඔබට සදා ජය! (නි)