(අංජුල මහික වීරරත්න)
ජපන් යෙන් මිලියන 1600ක ආධාර මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ඇත.
ආර්ථික අර්බුදය නිසා විපතට පත් ජනතාව සඳහා ක්ෂණික මානුෂීය ආධාර ලබාදීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම උදෙසා රාජ්‍ය අංශයය සවිබල ගැන්වීම මගින් ජපාන රජය සිය සහයෝගීතාව පුළුල් කර ඇතැයි රජය කියයි.
ඒ අනුව ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයෙන් මිලියන 1600ක් (රුපියල් බිලියන 3.3ක්) ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇතැයි ද රජය පවසයි.
වෙරළ සංරක්ෂණ කටයුතු,උතුර ඇතුළු ප්‍රධාන රෝහල්වලට මාතෘ සහ ළමා ප්‍රතිකාර උපකරණ ලබා ගැනීම, උතුරු නැගෙනහිර ධීවර ආරක්ෂක උපකරණ ලබා ගැනීමට මෙම මුදල් යොදා ගැනීමට නියමිතය.
ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ආධාර ලබා ගැනීමට ජපාන රජය සමග හුවමාරු පත්‍ර සහ වෙනත් අදාල ලියකියවිලි අත්සන් කිරීම පිණිස මුදල් ,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුටා ආපහු ආවේ මේක ආරන්චිවෙලාද දන්නේ නැහැ
මේ ජනාධිපති බලයට ආපු දා ඉඳන් එක එක රටවලින් ආධාර සහ ණය ගන්න ගත්තු කැබිනට් අනුමැතිය, අස්සන් කරපු ගිවිසුම් සහ රටවල් ගණනාවට කල සංචාරය අනුව ලංකාව මේ වනවිට ලෝකේ අංක එකේ ශක්තිමත් ආර්ථිකයක් තියන රටක් වෙන්න ඕනේ. නමුත් කියන්න කනගාටුයි නිකම් පුස් වැඩිල්ලක් තමයි.
ඔය මුදල ණය පොතේ ලියන්නෙ නැහැ නේද බැරිවෙලා හරි එහෙම ලියල ණය වාරික ලෙසට සුනාමි ගිණුමකට ගියා වගේ වෙනත් ගිණුමකට යයිද කියලා බලන්න කෙනෙක් ඉන්නවා නම් හොදයි