ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන රාජ්‍ය සංචාරයට ජනාධිපති සමඟ ජපානයට ගිය ශ්‍රී ලංකා දුත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව පවසමින් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්රවෘත්ති, කිසිදු සත්‍යතාවයකින් තොර බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඥානසාර හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කළහ.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපති සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සදහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත.
එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දුත පිරිස අතරට ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප්රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටින බව ජනාධිපති මාධය අංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තක්කඩි කෙරුවොත් කරන්නේ, මගඩි වැඩක් කියල අපි නම් දන්නවා. රටක හරිහමන් ජනාධිපති කෙනෙක් නම්, මඩු වලිගෙන් තලනවා මේ වගේ තක්කඩින්ට.
ජනාධිපති මාධ්‍ය අංශයෙන්නේ කියන්නේ. සහතික ඇත්ත වෙන්න ඇති...
අධිකරණයෙන් අවසර නැතුව ගිය කෙනෙක් මොකද මේ වගේ ප්‍රසිද්ධ අවස්ථාවකට ගියේ?
අනේ, පුෂ්පකුමාර ඔබ සිංහලයෙක් නම් මතක තියාගන්න සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬනගන්න ඉන්නේ මෙවන් හාමුදුරුවරු කීපදෙනෙක් පමණක් බව...
මෙයාලා තමයි අවුස්සන්නේ.. මේවට නීති නැහැ. තිබ්බත් නීතිය වල්වැදිලා. හොරුන් කවුරුවත් ඇල්ලුවෙත් නැහැ. පුළුවන්නම් ඒ අය අල්ලන්න කියලා අභියෝග කරනවා. මේ ආණ්ඩුවේ කියලා ඉවර වෙනකම් එකෙක් අල්ලන්නේ නැහැ.. ඒක ශුවර්. එජාපය විනාශ කරන්නේ මේ යාළුවෝ තමයි.
මට කියන්න තියෙන්නේ අපේ රටේ උසාවි නියෝග කඩකරලා පිටරට ගියකෙනෙක් කිසිම හේතුවක් නැතුව රටේ ජනාධිපතිවරයා මුණගැහෙන සීමිත කණ්ඩායමකට අයත් වුණේ කොහොමද? ඕක මේ අප්පුහාමි අයියා වෙලට යන ගමන් මගදී පන්සලේ හාමුදුරුවෝ මුණගැහුණා වගේ වෙන්න බැහැනේ නේද?
ඔය සමහරු සිංහල නම් වලින් ලියන්නේ ඇතැම් අන්තවාදීන් තමයි.
මෝඩයෝ වගේ මෙතන උපදෙස් දෙන්න නම් ඉන්නවා ... මිනිස්සුන්ගේ වැරැද්ද තමයි හැමදේකම වැරදි පෙනීම... බුදු සරණයි සිංහල බෞද්ධයින්ට..
නූගත් සමාජයට ආගම, දහම දඩමීමා කරගෙන අන්තවාදය වපුරා මේ රට නැවත ත්‍රස්තවාදය කරා රැගෙන යන්න සමහරු උත්සාහ කරනවා. නමුත් යුද්ධයේදී මේ අය ඇඳුමට මුවාවෙලා රිංගාගෙන ඉඳියි. එ්ත් මේ රටේ අහිංසක තරුණයින්ගේ ජීවිත තමයි විනාශ වෙන්නේ. ඔය ඇඳුම ගලවලා බතල අලයක් හිටෙව්වා නම් ඒක මේ රටට කරන විශාල මෙහෙවරක්....
මට පෙනෙන විදියට මේකේ බමුණුආරච්චිලා දෙන්නෙක් ඉන්නවා වගේ. අදහස් පරස්පරයි.
ලස්සන වැඩේ කියන්නේ ශාසනේ රැකදුන් බික්ෂූන් ගැන ලිව්වාට පළවෙන්නේ නැත. ඒ තරමට සිංහල, බෞද්ධයා බියගුළු කරලා. හැබැයි මේ අපි බියගුළු නිවටයින් නොවේ!