(අංජුල මහික වීරරත්න)
කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාවය පළ කර තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ එම සමාගමේ නියෝජිතයන් අතර ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් පසු අදාළ සමාගම මෙම එකඟතාවය පළ කර ඇත.
ව්‍යපෘතිය ආරම්භ කළ දින සිට මාස 06 ක් ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිත අතර ව්‍යාපෘතියට වැයවන මුළු මුදල ඩොලර් මිලියන 3 කි. එය අදාළ සමාගමේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිතය.
බේරේ වැව මේ වන විට අපවිත්‍ර වී දුගඳ හමන තත්ත්වයට පත්ව ඇති බැවින් එය පිරිසිදු කර දෙන ලෙස ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ වනු ඇත.
පෙබරවාරි මස මුල් සතිය වන විට මීට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර ඉන් පසුව ව්‍යාපෘතිය ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය සමිති, ජවිපයයි උද්ඝෝෂණ කරයිද රට වික්කා කියලා...
මේක සුද්ද කළ ගමන්ම රනිල් මේ වැවත් කාටහරි, කීයකට හරි විකුණන් කයි. අහෝ ලංකාවට ගිය කලක්... අවස්ථාවාදී කාලකණ්ණි පාලකයින් මෙරට විනාශ කළා... තවත් විනාශ කරමින් ඉන්නේ..
ඉතාම හොඳ වැඩක්... කොළඹ අවට ඇති අනෙකුත් ජරාජීර්ණව දුගඳ හමන තත්ත්වයට පත්ව ඇති ජලමාර්ග සියල්ලත් මෙලෙස පිරිසිදුකර පවත්වාගෙන යන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ලොකු දෙයක්...
වටේම තියෙන වැසිකිලි කාණු වැවට හරවලා. ඒක නවත්තන්න ඕන පළමුව... දෙවැන්න ගස්වල කුරුළු ගහනය පාලනය කිරීම... මේක මහනුවර වැවටත් එකසේ අදාලයි. කුරුල්ලන්ට ගිය නගරයක් වෙලා... නුවර දළදා මාලිගාව අවට... හරිම අප්‍රසන්න තත්ත්වය. සංචාරක ප්‍රවර්ධන කටයුතුවලට මේක බාධාවක්...!
මොකටද ජපානේ..., පහුගිය අවුරුද්දේ පොහොට්ටු පිපුනේ බේරේ වැවපුරාම...!