ජපානයේ ඔකායාමා සරසවි රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹ පෞද්ගලික රෝහලකදී පැය 11 ක සැත්කමකින් හැට හැවිරිදි ශ්‍රී ලංකිකයකුට පෙනහැල්ලක් සාර්ථක ලෙස බද්ධ කළ බව ජපානයේ මයිනිචි ඩේලි නිව්ස් පත්‍රය කියයි. පෙනහල්ලේ තන්තු සහිත පටක අධිකවී හුස්මගැනීමේ අපහසුවෙන් පෙළුණු රෝගියකුට දින තුනකට පෙර සිදුකළ මේ සැත්කමේ ප්‍රගතිය දින දහයකින් දැනගත හැකිවෙතියි දැනගන්නට ඇත. ඔකායාමා සරසවියේ ශ්වසන ශල්‍ය වෛද්‍ය සහාය මහාචාර්ය තකහිරෝ ඔටෝ ප්‍රමුඛ ජපාන හා ශ්‍රී ලංකා වෛද්‍යවරු පිරිසක් මේ සැත්කම කළහ. එම රෝගියාට එම පෙනහැල්ල ලැබුණේ මොලය මියගිය රෝගියකුගෙනි. ජපාන වෛද්‍ය කණ්ඩායමේ වැඩි දෙනකු දින කිහිපයකින් ජපානය බලා යන අතර රෝගියා ගැන සොයා බීමට කිහිප දෙනකු සති තුනක් පමණ ශ්‍රී ලංකාවේ නතරවී සිටීමට නියමිතය. පෙනහළු බද්ධ කිරීමේ සාර්ථක කීර්තිනාමයක් හිමිකරගෙන සිටින ජපාන සරසවියෙන්ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඉල්ලා ඇත්තේ මේ සැත්කමට උදව්කරන ලෙසයි. ජපාන සරසවිය මෙවැනි සාර්ථක සැත්කම් 80 කට වැඩි ප්‍රමාණයක් කර ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වෛද්‍යවරුත් වර්ජනය කරන එකම නොකර මේවා ඉගෙන ගත්තොත් හොදයි නේද?