ජපානයේ ඔකායාමා සරසවි රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් කොළඹ පෞද්ගලික රෝහලකදී පැය 11 ක සැත්කමකින් හැට හැවිරිදි ශ්‍රී ලංකිකයකුට පෙනහැල්ලක් සාර්ථක ලෙස බද්ධ කළ බව ජපානයේ මයිනිචි ඩේලි නිව්ස් පත්‍රය කියයි. පෙනහල්ලේ තන්තු සහිත පටක අධිකවී හුස්මගැනීමේ අපහසුවෙන් පෙළුණු රෝගියකුට දින තුනකට පෙර සිදුකළ මේ සැත්කමේ ප්‍රගතිය දින දහයකින් දැනගත හැකිවෙතියි දැනගන්නට ඇත. ඔකායාමා සරසවියේ ශ්වසන ශල්‍ය වෛද්‍ය සහාය මහාචාර්ය තකහිරෝ ඔටෝ ප්‍රමුඛ ජපාන හා ශ්‍රී ලංකා වෛද්‍යවරු පිරිසක් මේ සැත්කම කළහ. එම රෝගියාට එම පෙනහැල්ල ලැබුණේ මොලය මියගිය රෝගියකුගෙනි. ජපාන වෛද්‍ය කණ්ඩායමේ වැඩි දෙනකු දින කිහිපයකින් ජපානය බලා යන අතර රෝගියා ගැන සොයා බීමට කිහිප දෙනකු සති තුනක් පමණ ශ්‍රී ලංකාවේ නතරවී සිටීමට නියමිතය. පෙනහළු බද්ධ කිරීමේ සාර්ථක කීර්තිනාමයක් හිමිකරගෙන සිටින ජපාන සරසවියෙන්ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඉල්ලා ඇත්තේ මේ සැත්කමට උදව්කරන ලෙසයි. ජපාන සරසවිය මෙවැනි සාර්ථක සැත්කම් 80 කට වැඩි ප්‍රමාණයක් කර ඇත.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපාන වෛද්‍යවරු ලංකාවේදී පෙනහැල්ලක් බද්ධකරති
අමිල Sunday, 04 December 2011 02:45 PM
අපේ වෛද්‍යවරුත් වර්ජනය කරන එකම නොකර මේවා ඉගෙන ගත්තොත් හොදයි නේද?