ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියෙන් පසුව නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීම ලෝක බැඞ්මින්ටන් සම්මේලනය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරිණ.
ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටි නිලූක, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකයේ අංක අටේ සිටි ජපන් ක‍්‍රීඩකයා පරාජය කිරීමත් සමගින් මෙලෙස ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ඒමේ අවස්ථාව හිමිව ඇත.
මෙම වසර අවසන් වීමට පෙර ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) පළමු ක‍්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම සිය අරමුණ බවත්, ලොව පළමු බැඞ්මින්ටන් ක‍්‍රීඩකයන් 10 දෙනා අතරට ඒම තම ක‍්‍රීඩා දිවියේ ඉලක්කය බවත් නිලූක ලන්ඩන් නුවර සිට පසුගියදා පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. නිලුක (දී)
ඔබේ සියලු අරමුණු සඵල වේවා! (නි)
දිනන්න හැකි වේවා! (නි)