
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ සුපිරි හෝටල්වල සංචාරකයින්ට දෙන ජපානයේ ඉටි හාල්( Sticky Rice )ආනයනයට පවතින සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්‍ය Norikasu Suzuki මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කොළඹ දී ඉල්ලීමක් කළේය.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කලාපීය සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින කෘෂිකර්ම අමාත්‍යවරුන් හා ඉහළ නිලධාරීන් සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී ජපාන කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.
කොළඹ හිල්ටන් හෝටලයේ දී මෙම සාකච්ඡා පැවැත්විණි.
වගා කටයුතු ඇරඹීම හා අස්වනු නෙලීම සඳහා ජපානය විසින් භාවිතා කරන තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙල මෙරට ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.
මෙරට වී වගාවේ හෙක්ටයාර් එකකට ලැබෙන අවම අස්වැන්න සම්බන්ධව කරුණු දැක්වූ අමාත්‍යවරයා තවමත් නිසි පරිදි නව තාක්ෂණය යොදා නොගැනීම අස්වනු අඩුවීමට හේතුවක් වී ඇතැයි සඳහන් කළේය.
මෙරට අඹ, අන්නාසි වැනි පලතුරු ජපානයට අපනයනය කිරීම සඳහා පවතින බාධා සම්බන්ධවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ජපානය භාවිතා කරන නව තාක්ෂණික උපක්‍රම මෙරට ගොවීන්ට ලබා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කළේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් ඉටි හාල් ලංකාවට ගේන්න ආනයන සහන ඉල්ලයි