තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් හිටපු වෙළඳ හා සමූපකාර අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නෛතික භාවය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍යවරයා ගොනු කළ මෙම පෙත්සමේ අගමැති, අමාත්‍ය මණ්ඩලය, පොලිස්පති ,පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු 44 දෙනෙක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරංග, 30 වසරක යුද්ධයෙන් පසු අපේ තවමත් තියෙන යුධ මානසිකත්වයේ ප්‍රතිඵල තමයි මේ. (නි)
අපිත් යන්න ඕනෑ බලන්න අපේ දේවල් මේගොල්ලෝ කොල්ලකෑවට (නි)
හොරා සොරකම් කරනවිට එහි නෛතික ස්වභාවය ගැන මොහොතකටවත් සිතන්නේ නැත. එහෙත් ඔහු නීතියේ රැහැනට කොටු වූ විට, නොදන්නා නීතිත් මතක් වෙනවා. ඔවුන් බලයේ ඉන්න කාලයේ මිනිසුන්ට මුලික අයිතිවාසිකම් කියා දෙයක් තිබුනාද කියාවත් ඔවුන්ට සිතුනේ නැත. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
ණයට බඩු අරගෙන ගෙවලත් නඩු! අනේ මන්දා දැන් දැන් සිද්ධවෙන දේවල්? (නි)
සත්‍යා කතා කරන්නේ ගමේ කෙසෙල් කැනක් කපන එහෙමත් නැත්නම් ගෙයක් බිඳින හොරු ගැන වෙන්න ඕනෑ. නියම හොරෙක් නම් හොරකම කරන්න කලින් හිතන්නේ නීතිය ගැනයි. අහුනොවී ඉන්න නම් කෙසේ හොරකම කළයුතුද යන්න ගැනයි. තවමත් වරදකරුවකු නොවූ කෙනෙකු තම අයිතිය සඳහා කටයුතු කිරීම වරදක් ලෙසින් මම දකින්නේ නැහැ. මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නෛතිකභාවයට අභියෝග කිරීම අද පාර්ලිමේන්තුවේදී පවා මතුවී තිබෙනවා. මේ ගැන රටේ පොදු බුද්ධිමත් ජනතාව අතර සංවාදයක් පවා දැන් ඇතිව තිබෙනවා. කෙසේ හෝ තීන්දුව ලැබෙනතුරු කිසිවක් කියන්නට යොමුවීම මිනිස්කමට නිගාවකි. (නි)
ඔබගේ උත්සහයට අපගේ ආචාරය.(ම)
නිතිය සමග සදාකාලික සහයෝගයකින් බැඳී සිටින්නේ සත්‍යයයි. ජොන්ස්ටන් මහතා මේ යන්නේ ඒ සත්‍යය ජය ගන්වන්නටයි. ඔබට ජය පතමු.(ම)
හොරාට හොරා කියලා කියන්න බැරිතරම් කොන්ද පණ නැති මිනිස්සු ඉන්න රටක් මේක.... (නි)