ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් 527500ක මූල්‍ය වංචාවක් කළැයි කියන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමෙන් පසු පළමු නඩු විභාගය අද (8) පැවති අතර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩු විභාගය නොවැම්බර් 9 ට කල් තැබීය.
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සාකීර් හා ලක් සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු තිදෙනාට විරුද්ධව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නඩුවෙන් මේ අය නිදහස් වෙනවා. මොහු විසින් සිදුකල මහා පරිමාණ බදු වංචා තිබෙනවා. ඒවා ගැන හොයන්නේ නැතිව බොරුවට ණයට ගත්ත බඩුවලට නඩු දානවා. ණය ගෙව්වට පසුව නඩුව අවසන් කළ හැකි. මේව සිවිල් නඩු. ආණ්ඩුව බොරු කරනවා මොකද බදු වංචාවලට නඩු දැම්මොත් තමන්ගේ කට්ටිය කරපු බදු වංචා එලියට එනවා. (බ)
ඔක්කොම හොරු තමයි නමුත් කලින් ආණ්ඩුව හොරකම් කර කර හරි රට සංවර්දනය කලා ,(කේ)
අහන්න සතුටු දේවල් වගේම හිරිකිත දේවලුත් තියෙනවා අපි අතර. (බ)
සතොස හිටපු සභාපති රවි කාලා තිබ්බ සතොස පසුගිය අවුරුදු 10 ගොඩක් දියුණු කළා. කවුරු මොනවා කීවත් ලක් සතොස ගොඩ දැම්මා. ජොනී තමා මේකට වැරදිකාරයා රජයේ සේවකයෝ මොනවා කරන්නද? (බ)
සුරන් ඔබ හරි, ආණ්ඩුවට ඕන මොකක් හරි නඩුවක් දෙකක් දැම්මා කියල අපි හොරු ඇල්ලුවා කියන්නයි. මොකද හොරු හොරු කියල ආණ්ඩුව ගත්තා. තවමත් කියන්නේ හොරු අල්ලනවා හොරු අල්ලනවා කියලා. (නදී)
නිදහස් නොකොළොත් මැතිවරණෙන් පස්සේ මේ අයටත් ලෙඩේ.(නදී)
ප්‍රශ්න කරනවා නඩු දානවා ඇප දෙනවා රිමාන්ඩ් කරනවා අයෙත් ඇප දෙනවා ආයෙත් ප්‍රශ්න කරනවා ඔච්චර තමයි ආපු දවසේ ඉදන්. තාම අල්ලපු හොරෙකුත් නෑ කරපු වැඩකුත් නෑ. (කේ)
හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික...ටික..... (කේ)