සතොස මුදල් වංචා කළැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවූ බවත් ,ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ලබාදෙන ලෙසත් ඉල්ලා හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ පෙත්සම ලබන 30 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීරණය කළේය.
චන්ද්‍රා ඒකනායක , සරත් ආබෘෘ, උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවිණි. එසේම පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි පෙත්සමේ වගඋත්තරකරුවන් වන මූල්‍ය වංචා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ,එහි ස්ථානාධිපති ,අගමැති රනිල් වික්‍රමසිංහ ,කැබිනට් මණ්ඩලය ඇතුළු 45 දෙනාට ලබාදීමෙන් පසු පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලකරත්න බණ්ඩා තුන් ලෝකේ කොහේ ගියත් කරන්නේ කාගේ හෝ විවේචනයක්ම තමයි. ඒක සංසාර පුරුද්ද වෙන්ට ඇති. (ම)
දඩයම යහපාලනය මැද වෛරයේ වෙනස මේකයි (නදී)
ඔබට බියවන්නට කිසිම දෙයක් නැහැ. ඔබට ජනතා සහාය සහ ආශිර්වාදය ලැබෙනවා. ජයවේවා! (නි)
මේවා සමහරුන්ට අනාගතයට හොඳ ආදර්ශ වේවිද දන්නෙ නැහැ (නි)
මැදපෙරදිග රැකියාවන් සඳහා යන බහුතරයකගේ පවතින්නේ ලෝභසහ මෝහ මුල චරිතයක්. ප්‍රඥාව අඩුවීම ඛේදවාචකයක්. මෙනිසා දෝෂ මූල බව ද වැඩිවෙනවා. තිලක්ගේ වීවේචනය සන්වේගදායකයි. (ම)
අස්ථාන ගත චෝදනා එල්ල කරනවට හොදම වැඩේ කොටි 50 ක් නම් මදි, හිර බතුත් කෑවනේ, (අ)
කෝටි 50 අඩු කරන්නවත් වැඩි කරන්නවත් එපා. ඔබේ නිවරැදිභාවය ඔය ඉලක්කමෙන් මතු කරනවා. (අ)
එක එක්කෙනා කෝටි ගණන් ඉල්නකොට දෙන්න පුළුවන් ඇති මහජනතාවගේ එක සත පහක්වත් නොදී (නි)
ඔබ ඒ දිනවල බොහෝ අයගෙන් මුදල් ඉල්ලා ලබා ගැනිම හුරුපුරුදු දෙයක්නෙ. ගත්තු ඒවා මදිද? දන්නෝ දනිති එවා ගැන. දීපු අය කට අරින්නේ නැති නිසා ඔබ බේරි සිටින බව සිතාගෙන කටයුතු කරන්න (අ)
හොරු නඩු දාන කාලයක් ඇවිත් තියෙන්නේ. මම පුදුම නොවෙමි. ඒ අන්තර්ජාලය විසින් දැන් සිදු කෙරෙමින් පවතින නවතම තත්වය හෙළිදරව්ව නිසාවෙනි. (නදී)
ඉදිරියේදී ඒකාධිපතියා සහ ඔවුන්ගේ සහෝදර සහෝදරියනුත් තමාට සිදු උන අවනම්බුව වෙනුවෙන් නඩු මගට පිවිසෙන්න පුළුවනි. එ්ත් මම පුදුම නොවෙමි. ඒ අන්තර්ජාලය විසින් හෙළි කරන නවතම හෙළි දරව්ව නිසාවෙනි. (නදී)
ඉදිරියේදී රටට සහ රටේ සමස්ත ජනතාවටම සුකිත මුදිත කාලයක් එලබෙනු ඇති. ඒ බව දැන් පසක් වී ඇත.රටට දෙවියන්ගේම පිහිටයි.(නදී)
ලංකාවේ අසරණ මිනිසුන්ට රුපියල් 100 යත් වටිනවා උනාට ලංකාවේ දේශපාලකයන්ට රුපියල් කෝටියත් "කජු අැට කොස් අැට" ගානට පත් කරගෙන ඇති. (නදී)
අපි හීනෙකින්වත් නොහිතපු සිදු වීම් දැන් සිදු වෙමින් පවතිනවා. හරිම කනගාටුයි. (නදී)
මහජන මුදල් හොරා කාපු කිසිම කම්බා හොරෙක්/මෙගා හොරෙක් ඉදිරියේදී අල්ලන්නේ නැහැ/නඩු දමන්නේ නැහැ කියන එකනම් ඉර හද වගේ විස්වාසයි. හරිම කනගාටුයි.(නදී)
කවුද මේ තිලක්.? එයා රට හිටියට ලංකාවේ හොරු ගැන හොදට දන්නවා වගේ මට තියෙන ප්‍රශ්නේ මෙයාට මෙච්චර වෙලාව තියෙන්නේ කොහොමද කියලා දුබි කියන්නේ ලෝකේ තියෙන කාර්ය භාහුල නගර වලින් එකක් මෙයත් ලොකු බොරු කාරයෙක් වගේ.? (ර)
ප්‍රසන්න -ඩුබායි.මම ඩුබායි ඉන්නේ මගේ දරුවන්ට හොඳට කන්න අඳින්න උගන්වන්න ඕනෑ නිසා මිසක් සතුටකින් නෙමෙයි.කවදාහරි දවසක අපි ඉපදුන අපේ මව්බිමට යන්න ඕනෑ.ඒ කියන්නේ අපේ රටක් තිබෙන්න ඕනෑ.ඒ නිසා රටේ මොනවද වෙන්නේ කියලා සොයා බලන්න අයිතියක් අපිට තිබෙනවා.ඒකාධිපති පවුලක් නිකම්ම ගෙදර ගියේ නැහැ.නිකම්ම දාලා ගියෙත් නැහැ.ඩුබායි රටේ හිටියත්,ඒ සඳහා කරන්න පුළුවන් උපරිමයෙන් රට වෙනුවෙන් අපි කරලා තිබෙනවා. (නි)
ප්‍රසන්න -ඩුබායි,අපි මැදපෙරදිග ඉඳලා ගෙනෙන බඩු පෙට්ටිය ගලවලා පැදුරක් එලලා මුළු පෙට්ටියම ඇදලා පුළුවන් තරම් බදු ගහනවා.ඒ විතරක් නෙමෙයි නැවත එනකොට විදෙස් සේවා එකෙන් ගහපු බද්දත් රුපියල් 3200 සිට 11,800 ක් දක්වා වැඩි කරගත්තා.ඒ රුපියල් 11,800 ගෙවාගන්න බැරුව/නැතුව දවස ගානේ මොනතරම් පිරිසක් අසරණවෙලා ගුවන් තොටුපොළේ ඉන්නවද කියලා බලන්න.අපි කඹුරන්නේ අපේ මහජන මුදලින් එක පවුලක් සහ පවුල් වනාන්තරක් නිවන් දක්වන්න නෙමෙයි.අපිට ලේ දෙන්න පුළුවන්.ඒත් මොළේ දෙන්න බැහැ.කණගාටුයි. (නි)
තිලක් මහතා,ඔබ කඩේ යන ඔය යහපාලනය ගැන දැනගන්න ලංකාවට එන්න. ඔබේ වැඩිහිටියන්ගේ පින් පඩියවත් ගෙවනවද දැන්? (නි)
අපේ සමහර දේශපාලකයන්ට කාගේ නැතත් බවලතුන්ගේ ආශිර්වාදය නම් නොඅඩුව ලැබෙනවා. පින තමයි! (නි)
තිලක් ඩුබායි ඔටුවන්ගේ නමත් කනවා ඩුබායි කියලා. (නි)