2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද (14) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ මූලික වැටුප රුපියල් 23 600 දක්වා වැඩි කෙරෙන බවත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා වැඩිවන බවත් ඇමතිවරයා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට රුපියල් 69,756 දක්වා වැඩිවන බවත් ඇමතිවරයා පැවසීය.
රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12 ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ එක පාරටම මේ. මොකද වුණේ
ඔව් ඉතින් කොහොමහරි පළාත් පාලන ඡන්දය දිනාගන්නත් ඕනනේ නේද.
අපේ බදු මුදලින් ඕකද කරන්නේ. අනේ ආයුබෝවන් එදා වේල කන්න නැති කෙනත් වක්‍රව බදු ගෙවනවා. ඒකෙන් තියෙන කෙනාව තව පොහොසත් කිරීම පොලොව නුහුලන අපරාධයක් නේද?
රජයේ සේවකයින්ගේ පඩි වැඩි නෙවෙයි 50% කපල දාන්න ඕන. රජයේ ඕනම ආයතනයකට ගිහින් වැඩක් කරගන්න පුලුවන්ද? ඔහේ වාඩි වෙලා ඉන්නවා. පුටු රත් කර කර. භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, කොළඹ නාවික කටයුතු අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය තව ඕන තරම් දාන්න පුළුවන් මම මේ ආයතන වලට උදේ ඉඳන් හවස් වෙනකල් ඉඳල වැඩේ කරව ගන්නේ නැතුව ආපු දවස් සිය ගානක් තියෙනවා. එන්නේ උදේ 10 ට. වැඩක් ආණ්ඩුවේ සේවකයන් ගැන කියල වැඩක් නැහැ. ඒ අය ඉල්ලීම් නම් ඉල්ලනවා නමුත් තමන්ගේ යුතුකම් ඉටු කිරීම නම් 0.01%. අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ රජයේ සේවකයන් නිසා. පඩිය 50 % අඩු කරන්න ඕන. රාජ්‍ය ආයතන පුද්ගලික කරන්න ඕන.
අනේ මේ වගේ රටක ඉපදෙන්න අපි මොනවගේ පවක් කරන්න ඇත්ද?
අද ලංකාවේ රජයේ ගුරුවරයකුගේ වැටුප රුපියල් 30,000 අතර. ඒ මිනිසුන්ටත් සාධාරණයක් ඉටුකරන්න.
කලින් සිල්රෙදි, කොඩි කණු ඡන්දෙ දවස්වල බෙදුවා කියලා බෙරිහන් දීලා තුන් හතර දෙනෙක් කුඩුවට දැම්මා, එතකොට මේවා ඡන්ද අල්ලස් නෙමේද.
අනේ මන්ද කාර්යාල කාර්ය සහකාර වැටුප අපේ ගුරුවරයෙකුගේ වැටුපට සමානයි... ගුරුවරු මාර පව්කාරයෝ ලංකාවේ
ඉතින් රජය නොවන කට්ටිය පටි තද කරන් මේවා ගෙවන්න වැඩ කරන්න සැරසෙමු නේද
ඇයි යකෝ අයවැයෙන් නොකියවෙන පඩි වැඩිවීම්? රජයේ සේවකයා හරියට වැඩ කරනවා නම් ඉන්න එවුන් ගෙන් බාගයක් ඇති රටේ වැඩ ටික කරන්න. එත් මුන් හරියට වැඩක් කරනවාද. කොළඹ පිහිටුවා ඇති පළාත් රෙජිස්ටාර් කන්තෝරුවකට නෙකුත් කිරීම මගේ උප්පැන්න සහතිකය මුල් පිටපත පිටපත් කල රජයේ සේවකයා මගේ පියාගේ නම වැරැද්දා ඇත. ඉංග්‍රීසියෙන් තව ඉංග්‍රීසි පිටපත් ක්රීමක් කලයුත්තේ ඉංග්‍රීසි දන්නා කෙනෙක්. මේ යකා මළපොතේ ඉංග්‍රීසි නොදන්නා බව අකුරු ටිකෙන්ම කිවහැකිය. මගේ උප්පැන්නයේ සිට පාස් පොර්ට් එක දක්කවා මුන් වැරදි 5 කර ඇත. පාස් පොර්ට් එකේ කල වැරැද්ද හරිගස්වාගනේමට දිව්රුන් පෙත්සමක් සමග දුන් විට මුන් නැවත එම වරද්දම කර තිබුණි. මේවා කියන්නේ කාටද? මුන් කරන එක අකුරක වැරැද්ද හරිගස්සවා ගැනීමට අපි මාස කීයක් රස්තියාදු වෙන්නද. නොදකින් රජයේ සේවකයා
ඇත්තටම කියනවනම් සේවයක් කරන පිරිසෙන් ඉදිරියෙන්ම ඉන්නේ ගුරුවරු. පොලිස් මහත්වරු ඔවුන්ගේ පඩිය වැඩිවුනත් .4.30 කෝච්චියට යන්න හවස තුනේ ඉඳල ලෑස්තිවෙන රජයේ සේවකයින් ගෙන් රටට මොන සේවයක් ද
සත පහකින්වත් පඩි වැඩි වෙන්නේ නෑ......බොරුවට කෑ ගහන්න එපා......තියෙන දීමනා බේසික්එකට එකතු වෙනවා විතරයි.........අතට ලැබෙන ශුද්ධ වැටුප රුපියල් 500කින් විතර අඩුවෙයි.......
පෞද්ගලික අංශයේ අපිට බදු විතරයි -
ඔය කියන ගුරුවරුන් ගෙන් පාසල් වල හරියට උගන්නන අය ඉන්නේ කීදෙනාද? අ .පො .ස (උ. පෙළ ) පන්ති වල ගුරුවරු පන්තියට ඇවිත් අහන්නේ කී දෙනෙක් ටියුෂන් යනවද කියල. ඊට පස්සේ කියන්නේ එහෙනම් ටියුෂන්වල දැන් කෙරිලා ඇතිනේ ඒවබලාගන්න කියල මාතෘකාව ලියල ඈනුමක් එහෙම ඇරලා යනවා යන්න. ඒ අයටද තව පඩි වැඩි කරන්න කියන්නේ.
රජයේ සේවකයින් පමණක් නෙමේ මේ රටේ තුන් වේල කන්න නැති කී දෙනෙක් ඉන්නවාද? ඔය වක්‍ර බදු සියල්ලම ඔවුන්ගේ ජීවන තත්වයට බලපාන්නේ නැද්ද? සාමාණ්‍ය ජනතාව නගාසිටුවනකමි අනවශ්‍ය වියදම් අඩු කලයුතුය. දුෂණය වංචාව නැතිකල යුතු මෙන්ම රට කාබාසිනියා කරන දේශපාලන හැතිකරය අඩු කරලා අඩුකර බොරු වියදමි අඩු කල යුතුය. තවමත් ඡන්ද ගුණ්ඩු තමයි තියෙන්නේ. කවදා අපේ රට කෙලින් කරන්න එකෙක් බිහිවෙයිද මන්දා.
එහෙනම් ඉතින් බදු මිලත් වැඩි වෙනවා මේ විදියටම...........
තව වැඩි කරන්න. අපි ඕන තරම් බදු ෙ ගෙවන්නම්. නිකමුන්ට සැප ගන්න. අනාගතයක් නැති රටක්. මේ රටේ බදු ගෙවන්නා මෝඩයෙක්, පව්කාරයෙක්.
රටට වැඩක් කරන පුද්ගලික අංශය ආණ්ඩුවට අමතක වෙලා. ඡන්දේදී බලමුකෝ............
කා කා ස දෙන්නෙක්ගේ වැටුප MBBS දොස්තර කෙනෙක්ගේ වැටුපට සමානයි. ඉතින් රටේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
රජයේ සේවකයකුගේ පඩිය පුද්ගලිකේ අංශයේ අපට වඩා බෙහෙවින් අඩු නිසා මෙම ගත් ක්‍රියාමාර්ගය ඉතා අගය කරමි. රජයේ සේවකයන් හට නම්බුවක් ඇතිව ඉන්න මෙය පිටුවහලක් වේවි. ගුරුවරුන් පවා මෙයට ඇතුලත් බව මේ පිරිස් නොදැනීම කනගාටුවක කරුණක්.
මෙය කලින් දෙනවා කියපු 10000 වැටුපට එකතු වූ පසුව ලැබෙන මූලික වැටුප ගැන තමයි මේ කියන්නෙ
මේක 2016 දී වැටුප් වැඩි කරපු පිළිවෙලට 2020 වෙනකන් වැඩි වෙනවා මුලදී කියපු 10000 තමයි මේ කොටස් වශයෙන් එකතු වෙන්නේ ගුරුවරුන්ගේ වැටුපත් මේ විදිහටම වැඩි වෙනවා
ලොකුවට බිලියන 12 ක් කිව්වට, නීතිපතිට වැඩිවෙන ගණන සහ විශේෂඥ දොස්තරලට ගණන කිව්වට, මේ මුදල රජයේ සේවකයෝ වන ලක්ෂ 14 න් බෙදල මාස 12 නුත් බෙදුවම පොදුවේ ලැබෙන්නේ රුපියල් 714 ක් විතර. මේකෙන් ලොකු ලොක්කන්ට 5,000 සිට 9,000 දක්වා ලැබුනම සොක්කන්ට ලැබෙන්නේ කියාද ? රුපියල් 200ක් 300 ක් විතර වේවි. මේකෙන් කොටසක් විශ්‍රාමිකයන්ට ගියාම තවත් අඩු වේවි.
කටක් ඇරලා මුන් කොහොම කෙබර අතාරිනවාද මන්දා. 2016 වර්ෂයේ වැඩිකරපු වැටුප් කොටස් වශයෙන් තමයි ගෙව්වේ. 2018 ගෙවන්නේ එක කෑල්ලක්.තව කෑල්ලක් ඊළග අවුරුදු දෙකේ ගෙවන්න තියනවා. රටේ ඉන්නේ මෝඩයෝ කියලා තමයි මුන්ගේ තවම හිතේ. රටවැසියනි බුද්ධිමත්ව අහන්න, හිතන්න. ඒත් ඡන්දය දෙන්න එකෙක් මේ රටේ නම් හොයාගන්න බෑ.
රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න ඉස්සෙල්ල රාජ්‍ය සේවයේ ගුණාත්මක බව වැඩි කරන්න.බොහෝ රජයේ සේවකයන්ගේ මුලික පරමාර්ථය වන්නේ රාජ්‍ය සේවයේ වරප්‍රසාද ලබා ගැනීම මිස මහජනයාට සේවය කිරීම නොවේ.බොහෝ ආයතනවල සේවකයන් වැඩි පිරිසක් නිදැල්ලේ කාලය ගත කරන බව එම ආයතනවලට ගියවිට පෙනේ.මීට වඩා නරකද මේ සල්ලි වලින් පාරක් නැති,බොන්න වතුර ටිකක් නැති,විදුලිය නැති පවුල් වගේම අහිංසක දුප්පත් පවුල් වලට සහනයක් දුන්නොත්.අනිත් එක පඩි වැඩි කරනවා කියල අවුරුද්දක් ගානේ වැඩි කරන්න ඕනි නෑනේ.ගෙවන වැටුපට උපරිම සේවයක් ලබා ගැනීමට රජය වගබලා ගත යුතුයි.
රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි උනේ නෑ හැමදාම බොරු කියනවා. අපිට දුන්න එක දීමනාවක් පඩියට එකතු කරලා පඩි වැඩි කරා කියනවා. ඉදිරියට වෙන්නෙත් එ් ටිකමයි. මේවා අහන ජනතාව හිතන්නේ මුන්ට හැමදාම පඩි වැඩි කරනවා කියලා. තවත් ඒකෙනුත් රජයට කපා ගන්නවා. අවසානෙදි වැටුප තිබුනටත් වඩා අඩු වෙලා. වැටුප් පතත් එක්ක මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඊට පස්සේ වෙන්නේ අපිට පඩි වැඩි නෙවෙුනත් මේසන් බාස්ලා දෙගුණයක් තුන්ගුණයක්, එක දවසට වැඩි කරනවා. රාජ්‍ය සේවකයෝ අන්තිමේදි පරිප්පු කනවා. ඕකයි ඇත්ත.
දයාල් ළමයෝ, 8 පාස් වීමෙන් සුදුසු කම් ලබපු අය දැන් කොහේවත් නැහැ! උපාධිකාරයකුටත් බැහැ දේශපාලකයන්ගේ සපෝට් නැතුව මෙහෙම වෙන්න. එහෙම වුණත් ඕනෑම කෙනෙකුට පුළුවන් බව පෙනෙනවා ඇමැති උපදේශකයෙක් වෙන්න! අඩුම දීමනාව හැටදාහයි. කාර් එකකුත් හම්බවේවි. ඉන්ධනත් හිතේ හැටියට! දිව්‍යලෝක සැප!! ට්‍රයි එකක් දාලා බලන්න .. ගුඩ් ලක්!
අැයි රජය විශ්‍රාමිකයන් ගැන අඩු තක්සේරුවකින් වැඩ කරන්නේ. ජීවිතයේ වටිනාම කාලය රජයේ සේවය වෙනුවෙන් කැප කල අප වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න .
පඩි වැඩිකරන්න ඒපා. යන විදිය ෙහාදයි. වැඩි කෙළාත් ඒ්වා අපාසු ගන්න බදුගහනවා. අන්තිමේ අපි වෙග් ත්‍රී වීලර්කාරයන්ට වැඩිවුනු පඩියකුත් නෑ. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිකරපු නිසා බදු ගෙවන්ත නමයි වෙන්නේ.
මොන පඩි වැඩි කිරිල්ලක්ද ඒ. ගොන් කතා. ඒක යටින් අරන් උඩට දැමිල්ලක් විතරනේ ඒකෙන් වෙන්නේ...
මමත් රජයේ සේවයේ පරිපාලන නිලධාරියෙක් විදියට සිටියා... ලිපිකරු සේවය කළමනාකරණ සේවය කරනවිට අධි ශ්‍රේණියට වැටුප් වැඩිකලේත් නැහැ. 2006 දී වැටුප් සංශෝධනය කලේ තිබුණු වැටුපටම එයින් පහළ ශ්‍රේණිවල සිටිය අයට වඩා අපේ වැටුප අඩුවුණා. දේශපාලකයින්ගේ හිතවතුන්ට ඉල්ලීම් ලබාගෙන වැටුප් වැඩිකලා. මෙවැනි අකටයුතු කම් ගැනත් බලන්න. ඒ වගේම විශ්‍රාම ලබා සිටින අපි ගැනත් බලන්න.
අපේ රටේ අඩුවෙන්ම පඩි ගන්නේ ගුරුවරු කියලා මට හිතෙනවා. කාර්යාල සේවක පඩිය ගැන ඇහුවම එ්ක හොඳට දැනෙනවා. අධ්‍යාපන ඇමතිතුමා වත් මැදිහත් වෙලා මේ ගුරුවරුන්ගේ පඩිය වැඩි කරන්න කටයුතු කරන්න. එතකොට හොඳ මානසික මට්ටමකින් වැඩකරයි.