මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, කොල්ලකෑම් ආදී බරපතල ඝණයේ අපරාධ 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය ජනවාරි මාසයේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි පොලිස් බුද්ධි තොරතුරු අංශය විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත යැවුණු වාර්තාවක සඳහන් වේ.
පසුගිය වසරේ ජනවාරි මාසය හා සසඳා බලන කළ මෙම වසරේ ජනවාරි මාසයේ අපරාධ සැලකිය යුතු සංඛ්‍යාවකින් අඩුවී ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ. 2017 ජනවාරි මාසයේ වැඩිම අපරාධ ගණනක් වාර්තා වී ඇත්තේ නුගේගොඩ කොට්ඨාසයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නමනකොට අපරාධ වැඩිවෙනවා තමයි. (නි)
රටේ අපරාධ වාරණය සම්බන්ධයෙන් පොලිසියට යම් වගකීමක් තිබුනත්, මජනයාටත් අපරාධ වලින් වැළකි සිටීමේ යුතුකමක් තියෙනවා. අද බොහෝ දෙනා රටේ තිබෙන මත්කුඩු, මත්පැන් ජාවාරම ගැන චෝදනා කරනවා. නමුත් ඇයි මහජනයාට ඒ දේවල් භාවිතා නොකර සිටින්නට බැරි? මම හිතන හැටියට මිට ප්‍රධාන හේතුව අද මිනිසුන්ගේ තියෙන නුගත්කමයි. (බ)
පෙබරවාරියේ ඊටත් වැඩි වෙන්න පුළුවනි. පොලිසියට නෝක්කාඩු කියල වැඩක් නැහැ, ලලිත්, අරවින්ද. මේක ජාතික කර්මාන්තයක්! ඉස්සර ගම හැදුනේ පන්සලෙන්. දැන්...? (ර)
දේශපාලුවන්ට කත් අදින පොලිසියක් තියෙනතාක් මේකට විසඳුමක් නැත. (නි)