ජනවරමට පිටුපා රජය ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළට විරෝධය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන උද්ඝෝෂණ මාලාවක් ජූනි 18 වැනිදා කොළඹ නගරයෙන් ආරම්භ කරන බව එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියයි.
අතුරු අයවැයෙන් පොරොන්දුවූ සහන ජනතාවට නොදීම, තොරතුරු දැන ගැනීම වැනි පනත් කෙරෙහි ආණ්ඩුව දක්වන අඩු සැලකිල්ල ආදී කරුණුවලට විරෝධය දක්වමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අරඹන බවද මන්ත්‍රීවරයා කීවේය.
බ්‍රහස්පතින්දා පුංචි බොරැල්ලේ සිට පාගමනකින් ටෙක්නිකල් හන්දියට පැමිණ පිටකොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවන බවත් දිවයිනේ ප්‍රධාන නගරවල ඉදිරි දිනවලදී එවැනි උද්ඝෝෂණ රැසක් පවත්වන බවත් ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙදිත් ඇඳගෙන කොහොමද දන්නේ නැහැ ජනතාව ඉදිරියට යන්නේ? (නි)
මෙයාල දතකන්නේ රට හදන්න නෙමෙයි. රට විනාශ කරන්න. මේගොල්ලෝ හරිම ආත්මාර්ථකාමී පිරිසක්. (නදී)
ඇත්තටම අම්මපා, රෙද්දක් ඇඳගෙනද මේවා කරන්නේ කියලා මටත් හිතුණා (නි)
ඇයි ජයබාහු ජනතා විමුක්ති පෙරමුණේ අයට මොකද වෙලා තියෙන්නේ. මන් හිතන්නේ ජයබාහුට රෙද්ද ඇද ගන්න අමතක වෙලා වගේ. මොලේ කළදක් තියෙනවනම් ජයබාහුත් එන්න මේ උද්ඝෝෂනයට. (බ)
හඳ මෝරනකොට පිස්සු වැටෙන කතාව මට මතක්වුණා (නි)
ජනබලය ගොඩනඟන ජවිපෙට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් දෙමුද? (නි)
සෝමවංශ අමරසිංහ වැනි පරිණත වූ අයෙක් ඇයි මේගොල්ල දාලා ගියේ. අටුවා ටීකා මොකටද? දැන් ඉතින් මේගොල්ලන්ට ආත්ම ගණනාවකට, භව ගණනාවකට තබා සිව් බුදුවරයාණන් වහන්සේලා පහළවෙන කල්ප කාල පරාසයකටවත් ගොඩ එනවා නම් බොරු. (නි)
විජයබාහු, ඉන්දික ඇත්තටම තවමත් රෙදි නැතුව ඉන්නේ. දැන්වත් රෙද්දක් ඇඳගෙන ගිහින් ඉදිරි මැතිවරණයේදීවත් ජේවීපී එකට ඡන්දය දෙන්න. ඇයි එයාලා ඔයාගේ මොකුත් හොරා ගත්තද? මේ රටේ පීඩිතයන් වෙනුවෙන් පෙනීසිටින්නේ ඔවුන් පමණයි. (නි)
පක්ෂ ගණනාවක් ජනාධිපතිවරණයේදී කෙලින්ම මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දුන්නා. එතකොට ජවිපෙ මොකද කලේ කියලා රට වැසියා දන්නවා. මේ සෙල්ලම් හැමදාම නටන්න බැහැ. ජනතාව දැන් දැනුවත්වෙලයි ඉන්නේ. (ර)
1971 සිට කැට හොල්ලලා සල්ලි හොයපු මෙයාල මෙදා පාර සිට කැට හොල්ලන්නෙ නැතිලු. ඇතිවෙන්න ඩොලර් ලැබුනලු කියල තමයි පරණම සහෝදරයෙක් අපිට කියුවේ. කමක් නෑ රටට විදේශ විනිමය ගෙනෙන එකත් ලොකු දෙයක්. හැබැයි ජවිපෙට බීඕඅයි ගන්න වෙයි බදු වලින් බේරෙන්න. (බ)
ඉතින් අනුර කුමාරට කියන්නකෝ පාරවල් අවහිර කරගෙන මිනිසුන්ට වදදිදී මාධ්‍ය සංදර්ශන තියන්නේ නැතුව ඕවා කරගන්න කියලා (නි)
අමතක නොකර කියන්න දින සීය පහුවුන කියලා. තාම කට්ටියම වැටුප වෙලාවට ගන්නවා ඇති නේද ? (නදී)
විදාන, අවරුදු 66 ක් නැටුවා ඇති. අපේ දෙමාපියන් ලිහල බලපු මල්ලේ තවත් මොනවද ඔබල බල්ලන්න තියෙනේ. නැත්නම් ඉන්න හොරු ටික හොඳයි කියල තව 66 ක් දීල බලමු. (නදී)
කටින් බතල හිටවනවා.මිනිසුන්ට තාම අතීතය මතකයි (නි)
මාස හයත් ඉක්ම යනවානේ. අතේ සල්ලිත් හිඟ ඇති. මැතිවරණයකුත් එනවා නේ. ඒක නිසා පාරවල් රතු පාටින් පුරවයි. ඔන්ලයින් පින්තුරත් යවයි.ජයවේවා. (ම)
චන්න, නැගිටින්න දැන් හීන බැලුවා ඇති. ඔයාල දන්නේ නැති උනාට අනිත් හැමෝම දන්නවා මෙයාල ගැන. ඔය මොලේ පාවිච්චි කරලා හිතන්න. (ර)
ඔබලා වැඩ කලේ තමන්ගේ වාසියට නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට අවංක කම වැඩක් නෑ. කුඩු කාරයෙක් හරි එතනෝල් කාරයෙක් හරි වෙලා සල්ලි ලැබෙනවා නම් ඡන්දෙ දෙයි. අපේ මිනිස්සුන්ට ජව්පෙ කියන දේ මොකද්ද කියලවත් වටහා ගන්න ශක්තියක් නෑ. (ර)
මෙයාල තව අවුරුදු හයකට රට විනාශ කරන්න උත්සහ කරන අය වගේ. (ම)
ජේ. වී. පී. උදවිය බොහොම ආවේගයෙන් වගෙයිනේ කතා කරන්නේ? මොනවා වෙලාද? (නි)
මෙයාලා දේශපාලන බබ්බු වගේනේ කතා කරන්නේ. යුඑන්පි එකේ හැටි සහසුද්දෙන් දැනගෙන, ජනපති දිවුරුම් දීලා විනාඩි කීපයකින් අගමැති පත්කරන්ටත් යුඑන්පි ආණ්ඩුවක් පිහිටුවන්ටත් කිසිම විවේචනයක් නැතුව ඉඩ දීලා දැන් මොකද මේ විරුද්ධ වෙන්නේ.? පුරුද්දටද.? නැත්තං හැටිද.? (නදී)