(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන බව තමාට විශ්වාස යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත් වූවානම් එතුමන් පොලොවෙන් අඩි හයක් යට වළලන්නට සැලසුම් කළ පිරිසට පවා අද ජනාධිපති හමුවීමට තරම් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වී ඇති බවද ප්‍රේමදාස මහතා කීය.
අනුරාධපුරයේ නව නිවාස විවෘත කිරීමේ උත්සවයකට සහභාගීවෙමින් සජිත් ප්‍රේමදාස මහතා අද (08) මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත සජිත් මහත්තයෝ. අපේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත්ද කියනවා නම් මෛත්‍රිපාල සිරිසේන මහතා පරාජයට පත් වූවානම් එතුමන් පොළව යට වළලන්නට සැලසුම් කළා විතරක් නොවෙයි... රටේ ජනතාව පණපිටින් පාරවල්වල පුළුස්සා දමපු අයත් රෙද්දක් ඇඳගෙන ජනතාව ඉස්සරහට ඇවිත් දේශපාලනේ කරන්න ඉඩ සලස්සන්න තරමටත් අපේ රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වෙලානේ. බලන්නකෝ එ්කෙත් හැටි නේද?
විශ්වාස කළ නොහැකි මිනිසුන් ගැන අධිතක්සේරු කරන්න එපා. එජාපයේ මිනිසුන්ගේ ඡන්දෙන් බලයට ඇවිත් ශ්‍රී ලංකා මිනිසුන් ළංකර ගත්ත කෙනා ගැන තවත් කොහොමද විශ්වාස කරන්නේ?
ලොක්කා, ඔයාලා ඒ ජනවරම ඔයාලා නැති කරගෙන ගොඩක් කල්. පසුගිය පළාත් සභා ඡන්ද ප්‍රතිඵල දැකලවත් ඔබතුමාට තේරුනේ නැද්ද යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවිලා කියලා. මීළඟ ඡන්දෙදි අනික් ඇඳුනුත් ගැලවෙන්නයි යන්නේ...
තම තමන්ගේ පක්ෂය රක ගැනීම ගැන පමණක්ම කතා නොකර රටේ සංවර්දනය, දූෂණය නැවත්වීම, අපරාධ අඩු කිරීම, අපරාධ කළවුන්ට පක්ෂය නොබලා දඬුවම් දීම, බදුමිල අඩු කිරීම, ඇමතිවරුන්ගේ වියදම අඩු කිරීම, අැමැති මණ්ඩලය අඩු කිරීම, ඡන්දය වෙලාවට තැබීම, පොරොන්දු වුණු කර්මාන්ත ශාලා ඇතිකිරීම, ළමයින්ට ටැබ් පරිගණක ලබාදීම ඇතුලු වුණු පොරොන්දුවලින් අල්ප මාත්‍රයක්වත් ඉටු කිරීම සඳහා අවධානය යොමු කලේ නම් මෙවන් තත්වයක් උදා නොවන බව ඔබතුමාට නොතේරීම පුදුමයට කරුණකි...
ඔබතුමාගේ රූපය හැම දවසකම අඩු ගණනේ දෙවතාවක්වත් රූපවාහිනියේ පෙනුනේ නැත්නම්, පත්තරවල ඵල වුනේ නැත්නම්, කට හඬ රේඩියෝ එකේ ඇහුනේ නැත්නම් ඇඟට හරි නැතුවා වගේ දැනෙන ජාතියේ ලෙඩක් වැළඳිලා වගෙයි නේද? අපට මතකයි තාත්තටත් ඔය ලෙඩේම තිබුණා. දකුණු පළාතට වෙලා ගෙවල් අටව අටවා කතා පවත්වන එක නවත්තලා කොළඹ පළාතට ඇවිත් වැඩ කිඩ ටිකක් පෙන්නුවොත් නරකද මං අහන්නේ?
එයාට ප්‍රතිපත්තියක් නැහැ. හාවා පනිනවා වගේ සෙල්ලමක් කරන්නේ. ඒ පැත්තටයි මේ පැත්තටයි.
ජනවරම දීපු ජනතාව අරන් තිබෙන්නේ සිල්ලර මිනිස්සු ටිකක්. ජනතාවට වෙනවා ඔබලාව ළමයින්ගේ සෙල්ලම් කඩයක තියලා පිඟන් කටු කෑලිවලට විකුණන්න.
අම්බරුවන් 225ම සිල්ලර වලටත් වඩා අන්ත වෙලා ඉවරයි. පාට කණ්නාඩි කට්ටිය ඇරෙන්න අනික් අය සේරමලා අම්බරුවන් ඔක්කොම කුණු බක්කියට දාලා ඉවරයි...
ඔබතුමාලා අදුරේ තාම ඇත පත ගානවා. ජනතාවට දේශපාලනේ එපාවෙලා. කියන බොරුවලට. 2030 වෙනකන් හීන දකින්න එත් රට අගාදයට යන්න දෙන්න එපා. මොනා උනත් ඔයාලගේ සැප සම්පත් නියම වෙලාවට ලැබෙනවනේ අනේ ඒ ඇති.