ජනපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් තිබිය දී ජනවාරි අට වැනි දා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් පැවැත්වෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (20) පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.
ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවා ඇඳිරිනීතිය පැනවීමේ සැලැස්මක් තිබූ බව ද සිරිසේන මහතා පැවසීය.
අලුත් පාර්ලිමේන්තුව බොහෝ විට ලබන සැප්තැම්බරයේ රැස්වීමට ඉඩ ඇති බව ජනපති කීවේය.
දින සියයයේ රජය පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇතැයි ද, ස්වාධීන කොමිෂන් සභා ළඟදීම පත් කරනු ඇතැයි ද ජනපති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු..ඔය නින්දෙන් දැන්වත් අවදිවෙලා හොදට ඇස් ඇරලා බලන්න.(ම)
මෙහෙම කතාවක් ඔය දවසේ එම වෙලාවේම මුහුණු පොතේ ගියා. සාක්කි දෙන්නේ කවුද? මැතිවරණ කොමසාරිස්, පොලිස් පති දන්නවා මේ ගැන. (ම)
රේණුකා, ඇයි බාප්පා වැදගත්? ඔයාට බාප්පාගේ ගතිගුණද තියෙන්නේ? මම ඉහත ලිව්ව එක සම්පුර්ණයෙන් තේරුම් අරගෙන ලිව්වා නම් තම හොඳ. (නි)
සඳුන්ගේ බාප්පා ඔබාමාද.ඇමෙරිකාව ලංකාව කන්න තමයි හදන්නේ. කොටින්ට උදව්කළේ ඇමෙරිකාව වාගේ රටවල් එතකොට උදව්වට ආවාද ?ඔය කට්ටිය රට කාල තමයි යන්නේ.(බ)
මේ යහපාලන අය පළමුව බඩ ගෝස්තරය දෙවනුවත්,තුන්වෙනුවත් බඩ තමයි. (බ)
බොරු කතා හැම තැනම කීවාට ඔබ කරගෙන යන කුමන්ත්‍රණ වැඩ පිළිවෙල නම් අපි දන්නවා.මේ රටට ඔබ යහපතක් නොකරන බවත් අපි දන්නවා.ඒ වගේම ඔබ රට නිදහස් කරගත් නායකයින්ව දඩයම් කරමින් සිටින බවත් අපි දන්නවා.(අ)
ඒ සියලුම දේ කර ගන්න බැරි වුනා.(හේ)
නහි වේරේන කියාගෙන කදුළු සල සල ආවට අපිනම් දන්නවා මේ සුදු රෙද්ද අස්සේ තියෙන කඩු කිනිසි වගේම මල්වට්ටිය අස්සේ තියෙන බෝම්බත් මොන වගේද කියල. මේ විහිලුව නතර කරන්න ක්‍රියා මාර්ගයක් සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් එකතු වී නොගතහොත් පක්ෂය ට මේ සභාපති වල කපල වලලල ඊට උඩින් සොහොන් කොතකුත් බන්දන දිනය වැඩි ඈතක නැහැ. (බ)
පිවිතුරු කියන දේ සහතික ඇත්ත. (ර)
පිවිතුරු යහපාල, නියම දේට නියම තැන දෙන්න පුරුදුවෙන්න. (ර)
මෙය බරපතල චෝදනාවක්. විහිළුවක් නොවෙයි. (බ)
ආණ්ඩුවේ හැකියාව නොහැකියාව දැන් දැන් හංසයාට කතිරේ ගහපු යටත් තේරිලා තියෙන්නේ. වැදගත්ම දේ තමයි මෛත්‍රී ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කියා ගත්තත් ඔහුගේ පස්සෙන් වැටුන මැති ඇමති වරු කිව්වත් පහල මටටමේ ඉන්න සාමාජිකයා එය පිළිගන්නේ නෑ. ඔහු තවම පිලිගන්නේ මහින්ද මහතා පක්ෂයේ නායකයා බව. එයයි සැබෑම සත්‍යය. (ස)
ඡන්දෙ කිට්ටු වෙනකොට මොනවා හරි කියන්න එපැයි! (බ)
අපේ කඩේ යන රැල මොනවා කිව්වත් මේක තමයි ඇත්ත. පරීක්ෂණයක් කර වැරදිකරුවන්ට දඬුවම් කළ යුතුයි. වෙලාවට අපේ රටේ ශික්ෂණයක් කියල දෙයක් තිබුන නිසා හමුදාව සහ පොලිසිය එකඟ වුනේ නෑ. එහෙම වුනානම් අපිට ඇමෙරිකාවට කියල තමයි ගොඩ යන්න වෙන්නේ. එහෙම වුනානම් තවත් ලිබියාවක් තමයි. (බ)
මේවා ගැන මහජනතාව දැනුවත් කරන එක හොඳයි. එතකොට ඔවුන් පසුගිය සමයේ පොරොන්දුවූ "සුබ අනාගත" කයිවාරු ගැන අබමල් රේණුවකවත් විශ්වාසයක් නොතබන එක නම් සහතිකයි. කොහොම වුනත් පරාජිතයන්ගේ "සැලසුම්" ගැන විතරක් කතා කළාට මදි. ඒ වැරදි කටයුතු කළ අය නීතිය ඉදිරියට ගෙන්වා, නඩු විභාග කර චූදිතයන්ට දඬුවම් ලබා දෙන එකයි මහජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින්නේ. ඒවා කිරීම වෙන්නේ කවදාද ? (බ)
එහෙම තමයි කරන්න තිබුනේ (නදී)
මේකට කියන්නේ යහපාලන සදාචාරය .සදාචාරය නැති කෙනා තමයි ඒ ගැන වැඩියෙන් කතා කරන්නේ (බ)
රටේ සංවර්ධනය හොදින් කරගෙන යන්න පොර්ට් සිටි එක නවතන්න එපා ඒ තුළින් සංචාරක ව්‍යාපාරයට ලොකු පිටුවහලක් වෙනවා ගහකොළ පරිසරය සතා සීපාවා රැකගැනීම අපි කාගේත් වගකීමක් විල්පත්තු රක්ෂිතය විතරක් නෙමෙයි මුළු රටේම රක්ෂිත රැකගන්න ඕනි! (බ)
තාමත් ඕක කියවනවද ..? අපිට ඕවා අහල අහල හිනා වෙලාම එපාවෙලා... ..(බ)
රේණු එයා අදටත් නායකයා තමයි අර ළඟ තිබුන ෆයිල් ගැන කටයුතු කලානම්. (ස)
මුලදිත් ඕකම කිව්වා විභාගත් කළා ඹප්පු කරගන්න බැරිවුනා දැන් අායෙත් ඡන්දෙ ළඟ නිසා පරණ තැටියම දානවා (බ)
සදුන්, ඔබ කියන එක හරි. පරීක්ෂණයක් කර වැරදිකරුවන්ට දඬුවම් කළ යුතුයි. එ්ත් ඇත්ත තියෙන්නේ ගොඩාක් ඈත. චෝදනාව පාලක පක්ෂයට වාසි ගෙනෙන එකක් නම්, චුදිතය නිවැරදි කරු කියල පෙනුනත් පරික්ෂනය දික්ගස්සනවා. නිදහස් වෙද්දී පෙරහැර ගිහින් ඉවරයි. (බ)
දැන් මේ කතා දැන්වත් නවත්තල ඉදිරි ගමන යමු නේද? ඕක සිදු වුණ දෙයක්වත් සිද්ධ වෙන්න තිබිච්ච දෙයක්වත් නෙමෙයි නේද?(හේ)
ඔබ තුමානේ මේ රටේ ඉන්න බලවත්ම පුද්ගලයා , වැරදි කරලා තියෙනවනම් හොයල දඩුවම් දෙන්න. (බ)
දැන් කතා ඇති අපිට නම් හොඳටම... (නි)
පිවිතුරු, පුලුවන්නම් අර වතුර බෝතලේ ගැන ටිකක් කියන්නකෝ. (නි)
ජනපතිතුමනි අපි මේවටද ඔබ තුමාට ඡන්දය දුන්නෙ? අපි අපේක්ෂා කල යහ පලන වෙනස මේකද? යහපලනය මුවාවෙන් පලි ගැනීම වෛරය විතරද යහපලනය කියන්නෙ. අපි කරපු ගොන්කම් වලට අපිටමයි විඳවන්න වෙල තියෙන්නෙත්. (ස)
කසුන් ජනපතිට ඡන්දෙ දුන්න බව පේනවා හොර මැරකම් අල්ලනවට අකමැතිකමින්ම. (ස)
හොර ගිවිසුම් ඉටුකරා. ජාතියම මුලාකලා. (ස)
දැන්ද අහන්නේ? (බ)
පරීක්ෂණ කරන්න සාක්කි කොහෙන්ද ,හොරාගේ අම්මගෙන් තමයි පේනේ අහන්න වෙලා තියෙන්න (බ)
හැමදාම ෙචා්දනා කරනවාට වඩා පරීක්ෂණයක් කරනවා නම් ෙහාදයි. (ර)
අනේ පිවිතුරෝ නියම නමින්ම පෙනී සිටින්න කොන්දක් නැද්ද?(ස)
කසුන් (පිවිතුරු යහපාලට) ජයවේවා! (නි)
ජනවාරි අට වෙන්දිද පැත්තකට දාමුකෝ ! එතකොට පිස්තොලේ ජීප් එකේ තියල වතුර බෝතලයක් දීල ජනපති ලඟට එවුවේ පිපාසෙට වතුර පොවන්න වෙන්නැති නේද ? පැරදිලා ගෙදර ගිහිනුත් තවමත් වෛරී චේතනාවෙන් මිනිස්සු කුලප්පු කරන්නේ කවුද කියල රටේ ජනතාව දන්නවා , වරදට දඬුවම් දෙන්නම ඕන තරා තිරම වැඩක් නැහැ. (ස)
මේ රටේ දේශපාලනය නැවත වරක් නන්නත්තාර වෙන ප්‍රවණතාවයක් තමයි මේ මං සලකුණු පෙන්නුම් කරන්නේ. (බ)
අපට ඕන රටේ සංවර්ධනය දේශපාලන පක්ෂවල කුලල්කාගැනීම් නොවේ. දූෂකයන්ට දඬුවම් දිය යුතුයි (බ)