රටට යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකිරීමට පත් කළ රජයට ඒ සඳහා පස් අවුරුදු කොන්ත‍්‍රාත්තුවක් දී පැත්තකට වී සිටින්නේ නැති බවත්, දුන් පොරොන්දු ඉටු කරවන්නේ ද යන්න ගැන විමසිල්ලෙන් සිටිමින් කටයුතු කරන බවත්, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ මරදාන ඞීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.
දුන් පොරොන්දු පරිදි දූෂණ වංචාවලට තිත තබා වැරදි කළ අයට දඬුවම් දීමේ වගකීමක් නව රජයට ඇතැයි කී උන්වහන්සේ එහෙත් පළිගැනීම සඳහා නීතිය භාවිතා නොකරන්නැයි නව රජයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළහ.
මෙතෙක් කල් පැවති මැතිවරණවලදී පරාජයට පත් වන පාර්ශවය ලද ප‍්‍රතිඵලය සාමකාමීව භුක්ති විඳින ලෙස ඉල්ලා සිටීම සාම්ප‍්‍රදායිකව සිදු වුවත්, මෙවර එසේ සිදු නොවීම කණගාටුවක් බව ද උන්වහන්සේ පැවසූහ.
එහිදී අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසුවේ තමන් ජනවාරි 8 වැනිදා ගත් තීන්දුව වැරදි එකක් නොවන බව ජනතාව මෙවර පෙන්වා දුන් බවයි.
ජනතාවට එදා වැරදුණු බව ඇතැමුන් කීවත් එසේ වරදක් නොවූ බව ඔවුන් නැවතත් පෙන්වා ඇතැයි මහාචාර්යවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ මුළු රටම ඔබට ණයගැති වෙමු.(ම)
සරත් විජේසුරිය මැතිදුනි , ඔබ මුණගැසුණු විටකදී වැරදුණු අයුරු කියලා දෙන්නම්. (ම)
" චරථ භික්ඛවේ චාරිකං..........." (ම)
ජයනාත් ට වැරදුනාට අපිට නම් එහෙම වෙලා නැහැ. (ම)
වාහනයක් අනතුරක් කරනොගෙන තවම ඉදිරියට ඇදෙනවා කියන්නේ වාහනයේ ලෙඩ කිසිවක් නැහැ කියන එක නොවෙයි. වාහනය තවදුරටත් ඔය ගමන යන්න නම් සියලුම (කාර්මික) දෝෂ නිවැරදි කරගත යුතුයි. 8 වෙනිදා සිදුවුණේ වැරැද්දක් නොවුණත් එදා සිට අද වෙනතුරු මේ "වාහනය" මටසිලුටු ගමනක් ආවේ නැහැ. (නි)
වැරදුනාද හරිගියාද කියන්න තවම කල් මදි.(ම)
ඔබවහන්සේගේ උත්සාහය, නීතිය අකුරටම ඉටු සම්බන්ධයෙන් අපගේ උපහාරය. (ම)
නායක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දැක්ම අතිශය ප්‍රසංසනීයයි , ඔබ වහන්සේට අපගේ නමස්කාර පුර්වක ස්තුතිය (ම)
ජනපති පොදු අපේක්ෂක අදහස ගෙනා ඔබ වහන්සේට මගෙන් ප්‍රණාමය, (ම)