ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා උද්ඝෝෂණය අවලංගු කිරීම නිසා යුරෝපයේ සංවිධායකයෝ ප්‍රශ්න රැසකට මුහුණපා සිටිති.
ඉතාලියේ පිරෙන්සි නගරයේ ධම්මික උඩුනුවර මහතා පැවසුවේ ස්විට්සර්ලන්තයට යෑම සඳහා බස් තුනකට අත්තිකාරම වශයෙන් යුරෝ 4000ක් ගෙවූ බවයි. ගමනට යන අය කෑම බීම වෙනුවෙන් අත්තිකාරම් ද ගෙවූ බවයි. ඉතාලියෙන් බස් 40කින් ජිනීවා යෑමට නියමිතව සිටි බව සංවිධායකයෝ කීහ.
ඉතාලිය ඇතුළු යුරෝපයේ බොහෝ දෙනෙක් මේ ගමනට යෑම සඳහා නිවාඩු ද ලබා ගත්හ.
ඉතාලියේ දැඩි ආර්ථික පීඩනයක් මැද්දේත් දිනක වැටුප් පරිත්‍යාග කළේ රට වෙනුවෙන් වුවත් ගමන අවලංගු කිරීම ගැන බොහෝ දෙනෙක් නොසතුට පළ කරති.
යුරෝපයේ ඇතැම් ශ්‍රී ලංකා සංවිධානවල බෙදීමක් ඇති බව ද මේ සිද්ධියේ දී තහවුරු විය. ඇතැම් පිරිස් කෙළඹට නම ලකුණු කර ගැනීමේ උත්සාහයක යෙදුණු බවත්, යුරෝපයේ එක්තරා රටකින් බසයකට සෙනඟ සොයා ගැනීමට නොහැකි වූ බවත්, ජිනීවා යෑමට කැමැත්ත පළ කර ඇත්තේ දස දෙනකු බවත් වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සටන පාවාදුන්නේ කව්ද? (නි)
මේක ලාංකිකයන්ගේ වැඩක්. ඒ නිසා කොහොම හරි ගිහිල්ලා විරෝධය දක්වන්න. නායකයො එන්න බැහැ කියනවා නම් ඔබලා තනි තනිව හරි ගිහින් මේකට විරුද්ධ වෙන්න. රටට විරුද්ධ අය පොදි පිටින් යද්දි ඇයි රටට ආදරය කරන අයට යන්න බැරි. මුලින් සැලසුම් කරලා පස්සේ අත් හැරියාම වෙනත් කෙනෙකුටවත් සැලසුමක් හදා ගන්න වෙලාවක් නැහැ. මේක රටම අතරමං කරපු වෙලාවක්. ඒ නිසා සැලසුම් කරපු අය කොහොම හරි තනි තනිව හරි යන්න (නි)
බොදු බල සේනාවේ නියෝජිතයින් යුරෝපයේ හිටියා නම්? (නි)
ලාංකිකයන්ට ජයවේවා (දී)
එකනේන්නම් මොකද්ද මේ වැඩ වල තේරුම (දී)
සල්ලි නොවෙයි රටට වුන අවනම්බුව (දී)
ලැජ්ජයි ලැජ්ජයි... සිංහලයිනි, නැගිටියවු! (නි)
ඔබ ගැන මට කනගාටුයි (දී)
චමින්ද මඩවල මහතාණෙනි, ඔබගේ කථාව ඇත්ත. (නි)
කියන්න බලන්න අන්තිමට අසරණ උනේ කවුද කියලා (දී)
හිනා වෙන්න බලන් ඉන්නේ මිනිස්සු අපිට (දී)
කෝ අර කලින් හුරේ දාපු කට්ටිය? (නි)
තියනවාද, නැද්ද ? (දී)
අපි නම් කලින්ම සැක හිතුවා. (නි)
ලංකා නාමය කතා කරන්න එපා (දී)
මමනම් මේ වැඩේ අනුමත කරන්නේ නැහැ (දී)
ඒ සංවිධායක වරු ඉවරයි ඉතින් (දී)
මිනිස්සු සල්ලිත් දීලා (දී)
මුහුණ දෙන්න ලැජ්ජයි මිනිස්සුන්ට (දී)
2011 වසරෙහි ගියාක් මෙන් එක්සත්ව එක්සිත්ව තමන්ගේ කැපකිරීම පෙන්වන්න.නිවටුන් නොවන්න. දේශපාලන කුමන්ත්‍රණයන්ට හසුනොවන්න. රටට අවංකවම ආදරය කරන සැබෑ ලාංකිකයින් හඳුනාගන්න. අභිමානවත් ශ්‍රී ලාංකිකයකු වන්න. ඔබට ජය සතුට සාමය!! මවුබිම දිනේවා!!! (නි)
සල්ලි අපරාදේ (දී)
අපි මේ වගේ වැඩ අනුමත කරන්නේ නැහැ (දී)
මම මොකුත් කියන්නේ නැහැ, මොකද මට ලැජ්ජයි (දී)
මම නම් එකඟ නැහැ පවත්වන්නේ නැතිනම් (දී)
සිංහලයාටත් එකතුවී වැඩ කරන්න පුළුවන් බව පෙන්වන්න. මම, මගේ පක්ෂේ පාට ගැන නොහිතන්න. අපේ රටේ අපි එකමුතුවෙමු කියලා වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනෑ, නුවණ ඇති මිනිසුන් විදිහට. තවත් පමා නොවී එයට එකතු වීමේ කාලයයි මේ. (නි)
දැක්කානේ දැන් කවුරුවත් නැහැ (දී)
රට වෙනුවෙන් යමක් කරන්න යන එක නම් හොදයි. (නි)
මෙවර ජිනීවා වැඩසටහන ඉතාමත් හොදටම සාර්ථක වුණා. එහෙත් මෙය කඩාකප්පල් කළේ රටට ආදරේ තිබෙන අය නොවේ. (නි)
දෙමළ මුස්ලිම් අයට ඕනෑ එකමුතුකමයි. නම නොවේ මැරෙනදාට අරන් යන්නේ කළ හොද නරක පමණයි. (නි)
දමිළ වැසියන්ගේ එකමුතුකම මෙයින් මනාව පැහැදිලි වේ. (නි)
මෙන්න තවත් අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. (නි)
කවුද මෙහෙම මේ සටන පාවා දුන්නේ? (නි)
ඒ මිනිස්සුන්ට තියෙන ලැජ්ජාව (දී)
කාටද ඉතින් මේ දුක කියන්නේ (දී)
මොනතරම් අසරණද ඒ මිනිස්සු (දී)
කොහොමද ඒ මිනිස්සු ලෝකෙට මුහුණ දෙන්නේ (දී)
කට්ටිය ගෙන්න ගන්න නම් ක්‍රමයක් තියෙනවා....??? (නි)
මොනවාද මේ වැඩ ඇත්තට (දී)
එක හිත හිතාගෙන පවත්වන්න (දී)
පවත්වනවාද නැද්ද කියලා (දී)
ලංකවට හිතවත් පිරිසට එල්ලවූ නින්දාවක් (දී)
ශ්‍රී ලාංකිකයකු වශයෙන් ඉතාමත් ලජ්ජාවෙන් යුතුව මේ දේ පවසමි. අපට එකමුතුකමක් නැත. එසේ එකමුතුවීමට අවශ්‍යතාවයක්ද නැත. අප තරම් කුළල් කා ගන්නා ජාතියක් තවත් මිහිපිට ඇතිදැයි සැක සහිතය. (දී)
පේනවද සිංහල බලේ .. අපි තවත් වංසේ කබල් ගාමු (ස)
නවත්තලා දාන්න. ලංකාව වෙනුවෙන් පන උනත් දෙන මිනිස්සු මේ ඉන්නේ, අන්න ඒක අමතක කරන්න එපා (දී)
ලෝකයා ඉස්සරහා ලජ්ජා වෙන්න උනා (දී)
අපි මුල සිටම මෙයට විරුද්ධ වුණා. (නි)
මට නම් හරි සතුටුයි. මම ඒකට කවදත් විරුද්ධයි. (නි)